රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුනොවූවක් බවත් එය ඝාතනයක් බවත් රහස් පොලිසිය අද (27) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ පැවසීය.
දේශපාලන ප්‍රබලයකුගේ පුත්‍රයකු මෙම ඝාතනය හා සම්බන්ධ බවට සැකයක් පවතින බව මීට පෙර පොලිසිය කියා සිටියේය.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී දත් කඩා, ඉළ ඇට බිඳ, පාදයේ කලවා පෙදෙසේ අස්ථි බිඳ, උල් ආයුධයකින් බෙල්ලට ඇන, මොට ආයුධයකින් පහරදී මරණයට පත් කර ඇති බවට කරුණු හෙළිවී ඇතැයි රහස් පොලිසිය උසාවියට කරුණු දක්වමින් සඳහන් කළේය.
වැල්ලවත්ත මුරුගන් පාරේ පදිංචිව සිටි තාජුඩීන් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලදී 2012 වසරේ මැයි 16 වැනිදා ඔහු ගමන් කළ මෝටර් රථය ගිනි ගැනීමෙන් මිය ගොස් සිටි බව එකල වාර්තාවිය. 2012 මැයි 17 වැනිදා ඔහුගේ සිරුර කාරය තුළ තිබී සොයාගන්නා විට දැවී අඟුරුවී තිබූ බව පොලිසිය පැවසීය.
නඩු විභාගය හෙට (28) දිනට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දරුණු අපරාධ සිදු කළ තැනැත්තන්ට තරා තිරම නොබලා දඩුවම් ලබා දිය යුතුයි.(හේ)
නීතිය අකුරටම ක්‍රියාත්මක වෙයි කියා සිතනවා.(හේ)
තරා තිරම් නොබලා නඩුව අහලා දඬුවම් දෙන්න. අපි බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා. (නදී)
මිනීමැරුමක් නම් සෙවිය යුතුමයි. නමුත් සැකයට භාජනය වන කරුණු කිහිපයක් තිබේ. රථය සත්‍යයෙන්ම අනතුරකට පත් වුව ද කියා පැහැදිලිව සඳහන් කරලා නෑ. මෙතරම් පිිළිස්සුන සිරුරක් අධීකරණ වෛද්‍යවරු මොන ආකාරයේ පරීක්ෂණ සිදුකළාද ?. මාතෙලේ සමුහ මිනිවලේ ඇටකටු ඇයි එහෙනම් පිටරට යැව්වේ . මෙතන යම් කිසි ගුප්ත රහසක් තියන බව නම් පෙන්නෙනවා (ම)
මේ පුද්ගලයා යම් හෙයකින් ජීවත් වුනි නම් ඔහු රගර් කණ්ඩායමේ නායකයා වනු ඇත. (හේ)
වරද කරුවන් නීතිය ඉදිරියට ගෙන එන්න.(හේ)
2009 ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම රගර් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වීමත් සමග සමහරුන්ට කාල ඉන්න බැරුව ගියා. (නදී)
ඕකට කෙලින්ම සම්බන්ධ පහුගිය රජයේ ප්‍රබලයින් දෙතුන් දෙනෙක් බව සිද්ධිය ගැන ඇතුලින් දන්නා අය හොඳින්ම දන්නා දෙයක්. (නදී)
බොහොම අඩු වයසින් ජාතික කණ්ඩායමේ උපනායකත්වයට පැමිණි ඔබ නොමැතිවීම ජාතික කණ්ඩායමට සිදු වූ බරපතලම ඛේදවාචකයකි. මම නම් අහල නැහැ කාර් එකක් තාප්පෙක හැප්පිච්ච ගමන් ගිනි ගන්නවා කියලා. මෙහෙම ගිනි ගන්නේ හරිම කලාතුරකින් (නදී)
කරලා තියෙන්නේ හොඳ වැඩක් නෙවේ. කරුණු තව එලිවේවී. (නදී)
අපේ මිනිස්සු වැරදි කාරයෝ කවුද කියලත් තීරණය කරලා ඉවරයි. මතක තියා ගන්න මේ කිසිම කෙනෙකුට සත්‍ය ජනතාවට පෙන්වන්න උවමනා නැහැ. ඔවුන්ට අවශ්‍ය මේ සිද්දියත් තමන්ගේ දේශපාලන ගමන වෙනුවෙන් යොදා ගන්න විතරයි. මතක් කරගන්න කොබ්බෑකඩුව ගාතන කොමිසම අවසානයේ එහි මතුවූ බොරු චෝදනා නිසා , යුද්දයේ මහා මෙහෙයක් කල "විජය විමලරත්න " විරුවාගේ සොහොන් කොතත් මිනිස්සු විනාශ කරා. කාලයක් මේ රටේ සිදු උන සියලුම ගාතන දුප්පත් මිනිස්සු වෙනුවෙන් විශාල සේවයක්, කරපු ප්‍රේමදාස මහතාගේ ගිණුමට බැර කළා. සත්‍ය අපි හිතනවට වඩා බොහෝ ඈත බව මෙහි අදහස් පල කරන අය තේරුම් ගත යුතුයි(නදී)
මටනම් ප්‍රශ්නේ වාහනේ හැපිල දැවී අගුරු වී ගිය මල සිරුරක "දත් කඩා, ඉළ ඇට බිඳ, පාදයේ කලවා පෙදෙසේ අස්ථි බිඳ, උල් ආයුධයකින් බෙල්ලට ඇන, මොට ආයුධයකින් පහරදී මරණයට පත් කර ඇති බවට කරුණු හෙළිවී ඇතැයි" කියන්න තරමට දක්ෂ රහස් පොලිසියක් අපිට ඉන්නවා කියන එක. අනෙක මේ පරීක්ෂණ වාර්තාවන් වසර තුනක් තිස්සේ හංගල තිබුණු තැන...(බ)
හෙන ගහන්න ඕනේ මේක කරපු හා කරවපු උන් ඔක්කොටම. මේකේ ඉන්න සමහරක් අහල තියනවා කොහොමද මරල කියල දැන් කියන්නේ කියල. ඒ දවස් වල පත්තරයක් අරන් බලන්න ආයේ මේක මිනීමැරුමක් වගේ කියල කියල තිබ්බ හැටි. (බ)
යහපාල , දන්නේ නැද්ද අවුරුදු ගානක් වළලලා තිබුණ මල මිනියක් පවා ගොඩ අරගෙන පශ්තාත් මරණ පරීක්ෂණ කරලා නොයෙක් දේවල් හොයාගන්න බව. ඔය පාට කණ්ණාඩිය ගලවලා බලනවා ලෝකේ දිහා. ඔහේට සම්බන්ධ කෙනෙකුට ඔයවගේ දෙයක් වුණා නම් ඔහේට තේරේවි එකේ තියෙන බරපතල කම. (ම)
පිවිතුරු යහපාල මේ තරමටම බයියෙක් කියල මම දනන් හිටියේ නැහැනේ. නවීන තාක්ෂණයත් එක්ක ඕව නිකම්ම සුළු දෙයක්. අපේ පොලිසියේත් එවැනි හැකියාවන් නැත්තේ නැහැනේ. එවැනි පරීක්ෂණ ප්‍රතිපල පාවිච්චි කරනවද ඒවා හංගන් ඉන්නවද කියන එක ලංකාවේ තීරණය කළ යුතුයි (නදී)
සදාම් හුසේන්ගේ පුත්තුත් මෙවැනි දේ කළා (නදී)
වාහනේ හැපිල දැවී අගුරු වී ගිය මල සිරුරක "දත් කඩා, ඉළ ඇට බිඳ, පාදයේ කලවා පෙදෙසේ අස්ථි බිඳ, උල් ආයුධයකින් බෙල්ලට ඇන, මොට ආයුධයකින් පහරදී මරණයට පත් කර ඇති බවට කරුණු හෙළිවී ඇතැයි"කියන්න තරමට දක්ෂ පොලිසියක් අපිට ඉන්නවා. මේවා පිළිගන්න තරම් අපි මෝඩද? (නදී)
පිවිතුරු යහපාලලා වගේ අය මොන ලෝකෙද මන්ද ඉන්නේ ? (නදී)
සාමා, ඔබ කියන රජ පව්ලේ කුමාරයා කව්ද කියා කියන්න. බිය වෙන්න දෙයක් නැහැ දැන් සුදු වෑන් සංස්කෘතිය නැත. "කොර්නෙල් රාලහාමිට" නම් නහුතෙට නගීවි. නැත්නම් ලැජ්ජා හිතේවි. රෑට නින්දයන එකකුත් නැහැ. මොකද සමහර අය බැලකම් කරන එක උත්පත්ති පුරුද්දක් වීම නිසාය. (නදී)
මේක මිනීමැරුමක් කියල බොහොම පැහැදිලියි. දේශපාලන පුතෙක් යාලු වෙලා හිටපු කෙල්ලෙක්ගෙ ප්‍රකාශයෙන් ඒක හොදටම පැහැදිලියි. මැරුනේ කොහෙවත් පර්ස් එක ලැබුනේ වෙන කොහෙන්වත්. (නදී)
පිවිතුරු යහපාල , මේ මළමිනියේ කොර්නෙල් රාලහාමි වෙලා වගේ. අධිකරණ වෛද්‍ය විද්‍යාව කියලා දෙයක් මේ ලෝකේ තියනවා කියලා දන්නේ නැද්ද. (බ)
ඉඩි අමීන් චිත්‍රපටිය බල බල ජන්දේ දුන්න අයට දැන්වත් තේරෙනවද? සිල් රෙදි අස්සේ ඉන්න පාලකයෝ මොන තරම් කුරිරුද කියල මොන එකට වුනත් වැඩි බලයක් නොදෙන්න ජනතාව දැන ගන්න ඕන (බ)
මෙව්වට කොහොම හිනා වෙන්නද තේරෙන්නේ නැහැ (නදී)
අපේ රටේ තියෙන්නේ මරු පොලිසියක්. ලෝකේ කොහේවත් නැතුව ඇති මේ වගේ පොලිසියක්. එක එක වෙලාවට එක එක ඒවා. කිසිම විශ්වාසයක් තියන්න බැරි පොලිසියක්. (නදී)
මේක යට ගහන්න වලිකාපු අයත් මෙතන ලියලා. අඟුරු වුන මල මිනියකින් සාක්ෂි ගන්නේ කොහොමද අහනවා. ෆොරන්සික් මෙඩිසින් ගැන ගුගල් කරලා බලන්න මැට්ටෝ (නදී)
යහපාල හිතන්නේ මේ ලෝකේ ඉන්න එකම දක්ෂයා මහින්ද විතරයි කියලාද ? (නදී)
මෙය අධිකරණ වෛද්‍ය වාර්තාවක්ද ? එසේ නම් එය මෙතෙක් කල් නොලැබුන හේතුව කුමක්ද? මරණ පරීක්ෂණය කල වෛද්‍ය නිලධාරියා කව්ද? පොලිසියට එය ඉදිරිපත් කිරීමට අවුරුදු දෙකක් ගතවූයේ අැයි ? (නදී)
පිවිතුරු යහපාල. එ්ක හංගල තිබුණු තැනද හොයන්නේ (බ)
පිවිතුරු යහපාල, අධිකරණ වෛද්‍ය විද්‍යාව, මේ සිද්දිය වෙන වෙලාවත් ශ්‍රී ලංකාවේ තිබුණා. නමුත් ඒවා ක්‍රියාත්මක කලේ නැහැ යට ගැහුවා (නදී)
තාජුදීන්, මම දන්නා විදියට , අපේ රටේ රගර් ක්‍රීඩාවේ, හිටපු දියමන්තිය. අපට, රටට අහිමි කල උන්ට දැඩි දඩුවම් දෙන්න (නදී)
අර ඉස්සර බන්දුල පෙරේරා කියන දැන් පිවිතුරු යහපාල ඔයා මේ දේවල් ගැන හිතන්න එපා. ඔයා තාම පොඩි වැඩියි මේවා තරුම් ගන්න. ඔයාගේ චුටි මොලේට මේ වගේ දේවල් බර වැඩියි. (නදී)
මරන පරීක්ෂන වාර්තාවෙ පැහැදිලිවම තියෙනවා මැරුණ කෙනාගෙ පෙනහළුවල කාබන් මොනොක්සයිඩ් නැහැ කියල, ඒ කියන්නෙ මෙයා මැරුනෙ පිච්චිලා නොවෙයි, මරලා පුච්චලා. (නදී)
ඔය යහපාල මොන ලෝකෙක ඉන්නවද නවීන විද්‍යාව කොපමණ දියුණුද කියල ඔයා දන්නේ නැද්ද ?(නදී)
අහිංසක ජීවිතයක් විනාස කල එකේ ආදීනව ඔයකරපු අයට අපේ අස් පනාපිටම පළදෙනවා. එ්ක එහෙම නොවේ නම් බුදු දහම බොරු. බුදු දහමේ කියන්නේ '""" අත්තානං උපමන් කත්වා , නහ නෙඉය නගාතයේ "" කියලා. ඒ කියන්නේ තමාව උපමාවට ගෙන තවකෙනෙක්ව ගාතනය නොකළ යුතු බව.
බන්දුල පෙරේරා නොහොත් පිවිතුරු යහපාල මැතිදුනි ඔහොම යන් ඔහොමයන් එතකොට තවදුරටත් අපට විහිළු සපයන "මෝඩ " කමෙන්ට්ස් දමන්න පුළුවන් (නදී)
ඒ මරණය සිදුකලේ කව්ද කියා මුළු ලංකාවම දන්නවා. (නදී)
කව්ද මේක කළේ කියා කව්රුත් දන්නවා (නදී)
මේ ළඟදි රහස් පොලිසියේ අධ්‍යක්ෂක තුමාව මාරු කරපු සිද්දිය මේකට සම්බන්ධ නැතිව ඇති නේද ? මිනීමැරුමක් සිදු වී ඇතිනම් තරා තිරම නොබලා, නොතකා සාදාරන හා අපක්ෂපාති පරීක්ෂණයකින් පසු උපරිම දඩුවම ලබා දිය යුතුයි . මොකද මෙය පුද්ගලික හේතුවක් මත පදනම් වී ඇති නිසා. (නදී)
පාලනය දුෂිත වූ විට අධිකරණය පොලිසිය අසරණයි. මෙවෙනි දේ සිදුවුනේ එම නිසයි.(නදී)
සූරිය කන්ද, වවුල් කැළේ මිනී කඳු සිහි උනා (නදී)
මේ පුද්ගලයාගේ සාක්කුවෙන් පසුම්බිය පියාඹා ගොසින් සැතපුමක් එහා වැටි ඉබේම වාහනයට ගිනි ඇවිලී ශක්තිමත් ක්‍රීඩකයාට අැර ගන්න බැරි විදියට දොරවල් වැසි සිදුවූ මරණයකි. කාරය හැප්පිලා කියලා කියන මුත් අසල තාප්ප ලයිට් කණු හාස්කමකින් සීරීමක් වත් නැත. අහල පහල මිනිස්සුන්ට කලින් දවසේ රාත්‍රී හින්දි චිත්‍රපටිය බැලුවා සේ නින්ද ගොසින්. සද්දයක්වත් ඇහිලා නැහැ. පිවිතුරු යහපාල තුමාගේ අධිකරණ වෛද්‍ය වාර්තාව තමයි ඒ (නදී)
දුමින්ද, සුරියකන්ද,වවුල් කැලේ මිනි කඳු සොයන්න අවුරුදු 10ක කාලයක් දුන්නා. සෙව්වේ නැහැ. (නදී)
පැහැසර.ඔබගේ අදහස තමයි පිවිතුරු යහපලට ගැලපෙන්නේ. (නදී)
කවුරු වුනත් මනුස්සයෙකුට මේවගේ දරුණු වද දෙනවද අප්පා (නදී)
අසීමිත බලය හමුවේ තම පෞද්ගලික උවමනාවන් අරභයා මනුස්සකමට නිගාදෙන මෙවන් තිරිසන් වැඩ කිරීමට පෙලබවුණු පාපතර සිත් හමුවේ අහිංසක පියෙකුගේ විලාපය හා පියෙකු හා සැමියෙකු අහිමි දරුවෙකුගේ හා මවකගේ අදෝනා රැව්පිළි රැව් දී සසර වසනා තුරා තම වැරැද්දට වන්දි ගෙවීමට සිදු වනු නියතය. (නදී)
මෙම මිනීමැරුම,සිදු කළ සහ යට ගැසීමට උදව් දුන් සැමට ඉහළම දඬුවම් පැමිණ විය යුතුයි (ම)
මේ දේවල් වලට වග කියන්න ඕන රජ පවුලේ කුමාරයෙක් . බලය තියෙන කාලයේ හිතුවේ නැහැ කවදාවත් බලය නැති වෙයි කියල. මේවා අහුවේවී කියල (බ)
මේ අගතියට පත් වුණේ කුඩා දරුවකුගේ පියෙක්. අපරාධය කළ කෙනා දරු මල්ලෙක් නැතිවවුණ දවසකට තේරවි කළ අපරාධයක තරම (ම)
කර්මය, ගොනා පසු පස බැඳී කරත්තය මෙනි.. (ම)
කව්රු කළත් වරද වරදමයි.දිට්ට දම්ම වේදනීය කර්මය පරිසන් දෙනවා දෙනවාමයි . ඒ වගේම සත්‍ය කවදාවත් වසන් කරන්නත් බැහැ.(ම)
සත්‍යය ප්‍රමාද වී හෝ ජයගනු නියතයි. අපි එතෙක් බලා සිටිමු ඉවසීමෙන්. (ම)
පිවිතුරු යහපාල....දැනගන්න මැරිල අවුරුදු ගාණක් ගියපු අස්ථි කොටස් වලින් ගොඩක් දේවල් හොයාගන්නව....අධිකරණ වෛද්‍ය විද්‍යාව ගැන පොඩ්ඩක් කියවල දැනුමක් ගන්න...තාම ඔය වගේ අදහස් තියෙන්නෙ පොතක් පතක් බලන්නෙ නැති නිසා වෙන්න ඇති (බ)
මේවා දැන්වත් එළියට ආපු එක ගැන සතුටුයි මේ අපරාධ වලට දැඩි දඩුවම් නියම කළ යුතුයි මේ තරම් දස වද දිලා මරන්න තරම් හිතක් පපුවක් නැද්ද? පව් අහිංසකයා (ම)
වද දීලා තියෙන විදිහට මට නම් හිතෙන්නේ මේක ලිංගික ඉරිසියාවට සම්බන්ධ ඝාතනයක් කියලා (නදී)
ජාතිය මොකක් වුණත් රට වෙනුවෙන් ක්‍රිඩා කරපු කෙනෙක් මරලා දැම්මේ දක්ෂයාට වෙන්නේ මේ ටිකද? බලයේ වෙනස (ම)
මේවා මේ තරම් දුරට යට ගැසූ නිලධාරීන් පළමුව අත්අඩංගුවට ගත යුතුයි.(ම)
තජුදීන් තමයි කැප්ටන් වෙන්න හිටියේ පව් අහිංසක කොල්ලාව මරා ගත්තා මේවා කරන අයට යන්න වෙනම අපායක් හදන්න ඕනෑ (ම)
මේක කරපු කෙනාටත් මේ විදියටම අච්චු කරන්න ඕන. ඇති යන්තන් මේ මිනි මැරුමක් කියලා දැන්වත් කිව්වා. (ම)
වැරදිකාරයා හොයලා මරන්න ඕන (බ)
වැරදි කරලා තියෙනවා නම් කාගේ කවුද කියල නොබලා දඬුවම් විඳිය යුතුයි. (නදී)
මේක කරලා තියෙන්නේ පරලොවක් කියලා දෙයක් තියන බව නොදන්නා කෙනෙක්. ඊළඟ ආත්මයේ පෙරේත ලෝකයේ උපදින්නේ. දීපු වද ටික ඇහුවාම පපුව පත්තු වුනා. (බ)