දත් සහ ඉල ඇට කඩා දස වද දී මරා දැමුණු බව කියන රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ දේහය භූමදාන කළ දෙහිවල රෝහල පාරේ පල්ලියකට පොලිස් ආරක්ෂාව ලබා දී ඇතැයි පොලිස් ආරංචි කියයි.
තාජුදීන්ගේ දේහය ළඟදීම ගොඩ ගනිතියි දැනගන්නට තිබේ.
2012 මැයි 16 වැනි දා ඔහු මරා දමා තිබුණු අතර එකල පොලිසිය කීවේ මෙය රිය අනතුරක් බවයි.
මේ ඝාතනය ගැන එකල රජයේ ප්‍රබලයකුගේ පුතකු ගැන ගැන සැක මතු වී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (නදී)
වෙන රටවල නම් මේ පරීක්ෂණ කරන්නේ ඉතාම රහසිගතව. සියලු දේ සොයාගත්තාට පස්සේ අධිකරණයට ඉදිරිපත් කරලා අන්තිමට තමා ප්‍රසිද්ධ කරන්නේ (නි)
මේ අපරාධය කළ අය මැතිවරණයට පෙර අල්ලන්න පුලුවන් නම් හොඳයි (නි)
එකල මේ පරීක්ෂණ කළ අය සම්බන්ධයෙනුත් පරීක්ෂණයක් කළයුතුයි කියා මම සිතනවා (නි)
ඇත්ත මොකක්ද කියලා ඉක්මණින්ම දැනගන්න ලැබෙයි (නි)
ඝාතකයන් සොයා නිසි දඩුවම් දෙන්න. (නදී)
අපරාධකරු අල්ලන එක අපේ පොලිසියට කජ්ජක් නෙමෙයි කියලයි මම හිතන්නේ (නි)
දැන් ඔබට හමුවන්නේ කාන්තා මල සිරුරකි. රටට වටිනා ක්‍රීඩකයෙක් විනාශ කල අයට බෞද්ධ ආගමේ හැටියට මේ අාත්මයේදීම පඩිසන් දෙන්න කියා ප්‍රර්ථනා කරනවා *(නදී)
හොඳ දෙයක් (නදී)
මේ ක්‍රීඩකයාට සහ ඔහුගේ පවුලේ අයට යුක්තිය ඉෂ්ඨ විය යුතුයි. (නදී)
මහ පොලොව නුහුලන අපරාධ මේවා (නදී)
යුක්තිය ඉටුවේවා! (නි)
රටට කීර්තියක් ගෙන දුන් මේ ක්‍රීඩකයා ඝාතනය කළ අය සොයා දඩුවම් ලබා දෙන්න (නදී)
මුන්ට තවත් ඡන්ද දෙනවද? (නදී)
මොන ජාතිකයෙක් වුණත් මරලා තියෙන්නේ අපේම රටේ අසරණ සාමාන්‍ය කෙනෙක්.මිනීමරුවන්ට යහතින් ඉන්න ඉඩ තියන්න එපා.8 වෙනිදා ලක්ෂ 62.5 ක් ජනතාවකින් පත්වුණේ නීතියට ගරුකරන රජයක් කියලා පෙන්වා දෙන්න.නීතියක් තිබෙන රටක් කියලා ඔප්පු කරලම පෙන්වන්න. (නි)
මෙවැනි මිනීමැරුම් මොනතරම් පසුගිය අවුරුදු 5-6 තුළදී සිද්ධවුණාද? (නි)
අපරාධ කරුවන් ඇල්ලීමට නොහැක්කේ ඔවුන් පොලිසියට සහ නීතියට උඩින් සිටින බැවිනි (නදී)
මේවා අහස පොළව නුහුලන හෙණ හත ගහන අපරාධ. (නි)
රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ දේහය තිබෙනවද කියලයි මට සැක. මිනීමැරුම් කරලා ඇත්තෙත් සාක්ෂි මකලයි (නදී)
මෙගා ඩීල්, මෙගා කොමිස් කතා වැනි මාද්‍ය සංදර්ශනයක් පමණක් නොවේවා. යුක්තිය ඉටු වේවා (නදී)
ගාමිණී, ඒ කාලේ ලංකාවේ මොනවද නොවුනේ. පුදුම ආශ්චර්යමත් රටක්නේ තිබුනේ. (නදී)
කාටවත් ඇගිල්ල දික්කරනේ නැතුව, නිවැරදි පරීක්ෂණ කරන්න. මේ රටේ සිදුවෙන වෙනත් මැරීම් ගැනත් මේ වගේම උනන්දුවකින් කටයුතු කරන්න.(නදී)
ස්තුතියි මට සතුටුයි (නදී)
ඇත්තටම මේ වනවිට ඔහුගේ මළසිරුර එතන තිබෙන්නේද කියන සැකය කාහටත් තිබෙනවා. මොකද අතීතයේ බොහෝ අපරාධ වල සාක්ෂි දැන් මකාදමා අවසන් (නි)
ඔය ආකාරයටම මරා දැමු අර විශ්ව විද්‍යාල ශිෂ්‍යන් දෙදෙනාගේ මරණ පරීක්ෂණයත් කරන්න. (නදී)
බෙල්ලට් උලකින් ඇනල මරල තිබුනා නම් වාහනේ ගිනි ගෙන සිදු උන මරණයක් කියල තීන්දුව දුන්නේ කව්ද ? (නදී)