රගර් ක්‍රිඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුර ලබන සඳුදා (10) ගොඩ ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා රහස් පොලිසියට අද (06) අවසර දුන්නේය.
2012 දී ඝාතනයට ලක් වු බව කියන තාජුඩීන්ගේ සිරුර දෙහිවල මුස්ලිම් පල්ලියේ මිහිදන් කැරිණි. අධිකරණ වෛද්‍ය මණ්ඩලයක්,පල්ලියේ පුජකවරුන් හා ග්‍රාම සේවක නිලධරයා ඉදිරියේ සිරුර ගොඩ නැගිමට නියම කළ මහේස්ත්‍රාත් පොලිස් ආරක්ෂාව සලසන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් ඉවසුමක් නැහැ මෙහි සුළමුල දැනගන්නා තුරු (නි)
කට්ටිය නඩුව අහලා තීන්දුව දීලත් ඉවරයිනේ. (නි)
ගෞරවරණීය ක්‍රීඩකයෙක්. දුකයි අභාවය ගැන (නි)
මොහු මැරූ අයට කිසිම සමාවක් දෙන්න එපා (නි)
ඔතන මළසිරුර තිබෙනවද කියලා මට සැකයකුත් තිබෙනවා.අපි බලමුකෝ.... (නි)
අහිංසක සහෝදර ජනතාව තමන්ගේ කතිරයේ බලය පෙන්වන්න.තරුණයෙකු අකාලයේ මරුතුරුලට යවපු මේ ජඩ දේශපාලක පුතුන්ට දැඩි දඬුවම් පැමිණවිය යුතුයි. මේ වැනි පහත් ම්ලේච්ඡ වැඩ ලංකාවෙන් තුරන් කළයුතුයි. (නි)
අපි නොයිවසිල්ලෙන් බලාඉන්නවා වෙන්නේ මොකක්ද කියලා (නි)
මීට දැඩි ආරක්ෂාව යොදා කරුණාකර දේහයේ කොටස් ඩී.එන්.ඒ. පරීක්ෂාවකටත් ලක්කරන්න. (නි)
මේක කලබයෙන් කරපු අපරාදයක් වෙන්න ඇති. නැත්තන් සැලසුම් කරලා කරා නම් සාක්කි මුකුත් ඉතුරු කරන එකක් නැහැ. මිනි මෝරු රජයපු යුගයක්නේ තිබුනේ.(නදී)
සුදු වෑන් එකේ මිනී මොරුන්ට කෑම අරගෙන ගියේ පිවිතුරු යහපාලද දන්නේ නැහැ. (නදී)