දත් සහ අතපය කඩා බෙල්ලට උල් ආයුධයකින් ඇන මරා දැමුණු බව කියන රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ සිරුර ගොඩ ගැනීම ගැන උපදෙස් ලබා ගැනීමට රහස් පොලිසිය නීතිපති උපදෙස් පතා ඇතැයි පොලිස් ආරංචි කියයි.
නීතිපති උපදෙස් ලද වහාම මහේස්ත්‍රාත් නියෝගය ලබා ගන්නා බව පොලිසිය කියයි.
එතෙක් දේහය භූමදාන කර ඇති පල්ලියට පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ.
2012 මැයි මාසයේ දී වසීම් තාජුදීන් මරා මරා දැමුණු අතර ඒ දිනවල පොලිසිය කීවේ රිය අනතුරකින් මරණය සිදු වී ඇති බවයි. අධිකරණ වෛද්‍ය වාර්තා අනුව හෙළි වී ඇත්තේ වසීම් මරා දමා ඇති බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේවල් ඇත්ත නම් මේක ඉවසිය නොහැකි ලිංගික ඊර්ෂ්යාවකින් සිදු කළ ඝාතනයක් බව පැහැදිලියි. මේ විදියට මේ කඩවසම් දේහදාරී තරුණ ක්‍රීඩකයාට වද දී තිබෙන විදියෙන් තේරෙනවා. නීතිපති බැරි නම් යමපති ගෙන් හරි උපදෙස් අරන් කරන දෙයක් ඉක්මනින් කරන්න. නැති නම් ඉතිරි වෙලා තිබෙන සාක්කිත් හෙට වෙන කොට අතුරුදහන් වේවි. (බ)