2012 වසරේ අභිරහස් ලෙස මිය ගිය බව කියන ප‍්‍රසිද්ධ රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුදීන් මහතාගේ මළසිරුර විශේෂඥ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් ඉදිරියේ ගොඩ ගැනීමට නියමිත බව දෙහිවල පොලීසිය කියයි.
මළ සිරුර ගොඩ ගැනීමට නියමිත දිනය හා වේලාව ආරක්‍ෂක හේතූන් මත අනාවරණය කිරීමට නොහැකි බව පරික්‍ෂණ මෙහෙය වන ආරක්‍ෂක අංශ නිලධාරිහු පවසති. ගිය රජයේ දේශපාලන ප්‍රබලතමයකුගේ පුත්‍රයකු මේ ඝාතනයේ සැකකරුවකු විය හැකි බව පොලිස් ආරංචි කියයි.
අළුත්කඩේ අංක 03 අධිකරණයේ මහේස්ත්‍රාත් නිශාන්ත පෙරේරා මහතා වෙත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදු කළ විමර්ශන වාර්තා අනුව රගර් කී‍්‍රඩකයා ඝාතනය කළ බව කියති.
වැඩිදුර වාර්තාවක් මගින් රහස් පොලීසිය මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු මළසිරුර යළි ගොඩගැනීමට නියමිතය.
කෲර ලෙස වදහිංසාවට භාජනය කර රගර් කී‍්‍රඩකයා මරණයට පත් කර ඇත්තේ ඔහුගේ ඉළ ඇට වලට තියුණු ආයුධයකින් පහර දී දත් ද කඩා පාදයේ කලවා ප‍්‍රදේශයේ මාංශපේශී වලට වීදුරු කටු වලින් ඇන තුවාල කිරිමෙන් බවද පොලිසිය කියයි. මළ සිරුර කොළඹ නාරාහේන්පිට උද්‍යාන පාරේ ගිනි ගෙන තිබූ මෝටර් රථයක් තිබී සොයාගෙන ඇත්තේ 2012.05.16 වන දින අතර එය ඊට දින කිහිපයකට පසු පොලිසිය කළ පරීක්‍ෂණ වලින් පසු අනතුරකින් සිදු වූ මරණයක් බවට තීන්දු කිරීමෙන් අනතුරුව දෙහිවල ජුම්මා මස්ජීඩ් මුස්ලිම් පල්ලියේ භූමදානය කර ඇත.
එම සුසානය සඳහා මේ වන විට පොලිස් ආරක්‍ෂාව යොදවා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමෙන් පසු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හිරාන් රත්නායක මහතාගේ අධීක්‍ෂණය යටතේ රගර් කී‍්‍රඩකයාගේ මළසිරුර යළි ගොඩගැනීම පශ්චාත් පරීක්‍ෂණයක් නැවත සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස රහස් පොලීසිය කළ ඉල්ලිමට උසාවිය අවසර දුන්නේය.
කොළඹ ප‍්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන්,කොළඹ අධිකරණ අතිරේක විශේෂඥ වෛද්‍ය එච්.ඞී.එන්.හේවගේ හා කොළඹ විශ්ව විද්‍යාලයයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව විශේෂඥ වෛද්‍ය කථිකාචාර්ය ජීවා පෙරේරා යන වෛද්‍ය කණ්ඩායම ඉදිරියේ මෙම මළ සිරුර ගොඩ ගෙන පශ්චාත් මරණ පරික්‍ෂණය පැවැත්වීමට නියමිත බව දෙහිවල පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාල, මළසිරුරු ගොඩගන්න නියමිත ක්‍රමවේදයක් තිබෙනවා. පළමුව අධිකරණයේ අවසර ගන්න ඕනෑ. ඊළඟට අධිකරණ වෛද්‍යවරයා, මහේස්ත්‍රාත්වරයා දැනුවත් කරලා ඒගොල්ලගෙන් දිනයක් වෙලාවක් වෙන්කර ගන්න ඕනෑ. නැතුව ඡන්ද තියෙනවා, යහපාල කැමති නැහැ කියලා වෙන වෙන දින දමාගන්න බැහැ (නි)
දස්කොන් අධිකාරම්ගේ බෙල්ල කැපුවේ ඇයි කියා දන්නවානේ. මේකත් ඒ වගේ නේ. තමාගේ තරම දැනගෙන වැඩ කරන්න ළමයිනේ (නදී)
සුසිල් මහත්තයා බැහැ කියනවා නම් බැහැ. (නදී)
එතකොට සුසිල් ප්‍රේමජයන්ත කියල තිබුනේ මහිදන් කරපු මියක් ගොඩ ගන්න ලංකාවේ නීතියෙන් ඉඩක් නැ කියලා, ඒ කියන්නේ නිත්‍යා ගැන තියෙන දැනුමේ තරමද නැත්නම් පුහුල් හොරාගේ කතාවද ? (නදී)
මේවා හොයනවා නම් ඉතින් යුද්දේ කාලේ වෙච්ච හැම දෙයක් ගැනම හොයන්න වේවි. (නදී)
රටේ වාසනාවට රටේ දරුවන්ගේ වාසනාවට උපදින්න ඉන්න දරුවන්ගේ වාසනාවට තමයි ජනවාරි 8 වෙනිදා මෛත්‍රී යුගයක් බිහි වුණේ.බිහි කර ගත්තේ.ඒක විජයග්‍රහණයක් කියල දැන්වත් තේරුම් ගන්න .(ම)
නිතිය අකුරටම ඉටු විය යුතුයි.ජනවාරි 8 වෙනිදට කලින් මේවට මිනිස්සු කටවල් අරින්න බයෙන් හිටියේ. එත් දැන්....මේක තමයි වාචික නිදහස කියන්නේ.දේශපාලකයෝ බොරුවට කෑගහනවා (ම)
උඩ පැන්නොත් බිම වැටෙයි පුතෝ (ම)
නාමල්, මොනවද ඉස්සර ඒකාධිපතිට රට යටත් වෙලා තිබුන කාලේදී මම නිවාඩුවට ලංකාවට ගිහින් ඉන්නකොට සුදු වෑන් එකක් ගේ ඉස්සරහ නවත්තනකොට බඩ පපුව දනවා මරණ බයට.(නදී)
දෙවියනේ, ඔහු මොනතරම් වේදනාවක් විඳ මියයන්න ඇද්ද? (නි)
අපරාධයක් කර කිසිදා සැඟව සිටිය නොහැක (නි)
නිසි පරීක්ෂණයක් කර, වැරදිකරුවන් සියල්ලන්ටම නිසි දඬුවම් දෙන්න තරාතිරම නොබලා.. ඔබ නැවතත් නීතිය වල් වැදී තිබුණ ඒ යුගයට යන්න කැමතිද? ඒ මැරුණේ අපේ කවුරුත් නෙමේ කියල හිත හදා ගත්තොත්, ඔබේ දරුවෙකුට මේ වගේ දෙයක් වුණහම එයට විරුද්ධ වෙන්න කවුරුත් ඉතුරු වෙලා නැති වෙයි.... නුවණ මෙහෙයවා ජන්දය පාවිච්චි කරන්න... අපි යා යුත්තේ ඉදිරියට මිසක් පසුපසට නෙවෙයි... ලෝකෙන් වහල් බව, රාජාණ්ඩු ඉතිහාසේ කුණු කුඩයට වැටිලා ඉවරයි...(ම)
මගේ අම්මෝ . ... දිලා තියෙන දස වද ඔය මනුස්සයාව මෝරුන්ට කන්න දමන්න අමතක වෙන්න ඇති...(ම)
මේක කළවුන්ට මැරෙන මොහොතේ හරි පටිසන් දේවි. (නි)
සාධාරණය පමණයි අපි බලාපොරොත්තු වෙන්නේ (නි)
ඇයි මිනිසුන් මෙහෙම පළිගන්නේ? (නි)
මෙතෙන දාල තියෙන පාඨකයන්ගේ අදහස් හැම එකක්ම කියවල බැලුවම හිතෙන්නේ මිනිස්සු බයෙන් සැකෙන් හිටපු කාලේ ඉවරකරලා නිදහසේ හිතන්න අදහස් ප්‍රකාශ කරන්න දැන් පටන් අරන් තියෙනවා නේද කියල. (බ)
ඡන්දයක් තියෙන මේ වෙලාවේදී ගොඩ ගන්නවට මම නම් තරයේම විරුද්දයි. (බ)
දැන් , මළසිරුර ගොඩ ගන්න ඕන නැනේ ඔය පොලිසියම කියන්නේ කරලා තියෙන දේවල්, ඒ කියන්නේ ඉස්සෙල්ලා ඒ ගොල්ලොම කිව්වේ බොරුද? (බ)
රජයේ දේශපාලන ප්‍රබලතමයකුගේ පුත්‍රයකු මේ ඝාතනයේ සැකකරුවකු විය හැකි බව පොලිස් ආරංචි කියයි. මේ කව්ද කියල නම් රටම දන්නවා (නදී)
කරන කලට පව් මිහිරිය මී සේ.... විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ (නි)
තව තවත් බලය දෙන්නකෝ ප්‍රේම සම්බන්ධයක් නිසා ඔහොම දෙයක් කළා නම් මෙම පවුල බලය වෙනුවෙන් මිනිසුන් කොහොමට නම්..... ? (ම)
මෙවන් දේවල් තව කොපමණ සැඟව ඇද්ද? (නි)
මෙවැනි තිරිසන් අපරාධ කළ උදවියට කර්ම විපාක හැකි ඉක්මනින් ලැබේවා. (නි)
රිය අනතුරක් වුණ පුද්ගලයෙක්ගේ කොහොමත් ඉල ඇට කැඩෙනවා,දත් කැඩෙනවා,වීදුරුකටු ඇනෙනවා...ඒක නිසා විද්‍යාත්මක අපක්ෂපාති පරීක්ෂණයක් නොකර තීන්දුවලට එළඹෙන්න බැහැ. දේශපාලකයකුගේ පුතකු සැක කරනවා නම් ඡන්ද බලාගෙන මඩ ගහන්න තිබෙන හැකියාව සම්පුර්ණයෙන්ම බැහැර කරන්න බැහැ.අපිට ඕනෑ ඇත්ත දැනගන්න... (නි)
ගරු ජනාධිපතිතුමනි,යහපාලනයක් සඳහා එල්ලුම් ගසද ක්‍රියාත්මක කරන්න. (නි)
යුක්තිය ඉෂ්ට වේවා!!! නීතියේ ආධිපත්‍ය සුරැකේවා!!! (නි)
ඔහුට සාධාරණයක් වියයුතුයි (නි)
අපේ මිනිස්සු කවදා හැදෙයිද මන්දා. බොරුවට පන්සල්, පල්ලි , කෝවිල් ගානේ යනවා. මේ කරලා තිබෙන ඒවා ඇහුවහම හිතෙනවා අයි.එස්. සටන්කාමීන් හොඳයි කියලා. (නි)
මිනීමරුවාට වහාම එල්ලුම් ගස් දඬුවම දෙන්න ඕනෑ. (නි)
පිවිතුරු යහපාල ඉතාම සාධාරණ බුද්ධිමත් අදහසක් දාලා.අනේ මන්දා මේ අය ගැන නම් හරිම දුකයි (නි)
අපිට ඉක්මණින්ම බොහෝ දේ දැනගන්න ලැබෙයි (නි)
මල සිරුර එතැන ඇත්දැයි සැකයක් ජනතාවට තියෙනවා. ලේසියෙන් අහුවෙන්න කරලා නෑ. සාධාරණය ඉටු වේවායි ප්‍රර්ථනා කරමු. ඒ වගේම මේ නඩුව විකෘති කරපු සින්දු කාරයත් අත්අඩංගුවට ගන්න (නදී)
කවුරු කළත් වැරැද්දට වැරදියි කියන්න ඕනෑ? (නි)
පේනවා නේද මිනිස් ජීවිත මැන ඇති තක්සේරුවක තරම! අපරාදේ වටිනා ජීවිතය! (නි)
අනේ දෙවියනේ අපරාදේ මේ ජීවිතය! (නි)
අලුත්ම මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මේ මනුස්සයා ඝාතනය කරලා තියෙන්නේ අන්තිම කෲර විදියට. ඉල ඇට කඩලා, දස වද ඔක්කොම දීලා මරලා තියෙන්නේ. ඕවා දේශපාලනය හින්දා පොළොවෙන් මතුවුණත්, යට ගියත්, නීතියෙන් ඇප අරගෙන ගැළවෙන්න පුළුවන් වුණත්, කර්මයෙන් නම් බේරෙන්න බැරිවෙනවා. (නි)
මේ වගේම රතුපස්වල ත්‍රිපුද්ගල ඝාතකයන්ට වැරදිකරුවන්ට දඬුවම් නොදෙන්නේ ඇයි (ම)
ඇත්තටම අගය කළයුතු වැඩක්.තාජුදීන්ට සාධාරණය ඉටුවිය යුතුයි. තමන්ගේ බලය තිබුණ කාලෙ කළ සියලු වැරදි වලට මේ අයට දඬුවම් දෙන්න ඕනෑ. (නි)
ඔයවගේ පුතුන්ට මරණ දඩුවම බැරිනම් චිරාත් කාලයක් සිරගතවීමට ලැබේවා. සිරගෙය තුලදී නිලනොලත් දඬුවම් ලැබේවි. (නි)
උපන් ලපයක් ගිය දුර (ම)
අඩු ගානේ ඒ ගැහුණු ළමයා උනත් මේ ගැන කිසි සද්දයක් දැම්මේ නෑ. එයත් දැනන් ඉන්න ඇති මේක ගැන ඇරියොත් වෙන දේ. ඒ මොන උනත් කට වහන් ඉන්න හොඳ අල්ලසකුත් දුන්නයි කියනවනේ. (නදී)
දෙවියන්ම මේ ගැන බලාගනිත්වා! (නි)
ඡන්දෙට කලින් මේකේ ඇත්ත නැත්ත දැනගන්න තිබුණා නම් හොඳයි (නි)
මෙලෙස වැළළුනු අපරාධ තව කොච්චර ඇද්ද? (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මේ තරුණයාට යුක්තිය ඉෂ්ට වියයුතුයි. (නි)
ඉක්මනින්ම ඇත්ත දැනගන්න ලැබේවා! (නි)
මට නම් මේවා කළවුන් ගැන ඇතිවෙන්නේ පුදුමාකාර තරහක් (නි)
කව්රු කළත් වැරද්දක් කලානම් දඩුවම් දෙන්න ඕනේ. (නදී)
අපේ රටේ බොහෝ කාලෙකට පස්සේ යහ පාලනයක් ක්‍රියාත්මක වෙනවා කියල අපිට දැනෙනවා. මෙවැනි අපරාධ වලට වගකිව යුතු ඈයෝ තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන ඒම ලොකු දෙයක්. අපරාධකරයින්ට ඉක්මනින්ම දඬුවම් ලැබේවා. (නදී)
අපේ රටේ ඉඩ් අමීන්ගේ වගේ මොන තරම් දේවල් වහල තියෙනවද ? ඒවා හැම දෙයක්ම එලියට ගත යුතුයි. මේ වගේ දේවල් කවදාවත් නොවන්න නොකරන්න කරපු අයට නිසි දඩුවම් දිය යුතුයි (නදී)
සමහරු නම් දැන් හිතාගෙන ඇති අපිට මේවා බොහොම ඉක්මණට අමතක වෙනවා කියලා (නි)
මේ වගේ දේවල් අපි සියල්ලන්ටම දැනගන්න ප්‍රසිද්ධියේ හෙළිකළ යුතුයි (නි)
පිවිතුරු යහපාල, කරුණාකර ඔය කණ්ණාඩිය ගළවන්න මහත්තයෝ. (නි)
ඉතා ඉක්මනින් දඬුවම් දෙන්න.සහගහන අපරාධ මේවා (නි)
මහජන මුදලින් රුපියල් කෝටි 200 ක් වියදම් කරගෙන මිනීකන මෝරු ඇති කලේ ආසාවට කියනවනේ. (නදී)
මේ ධර්මද්වීපයේද මේවා සිද්ධවෙන්නේ? (නි)
සන්ධානයේ තව ඕනෑතරම් අපේක්ෂකයෝ ඉන්නවා මනාප දෙන්න සුදුසු. රට වෙනුවන් ක්‍රීඩා කළ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකුට නේද මෙහෙම කරලා තිබෙන්නේ? රටට හරිම ආදරේ ඇති කොල්ලෙක් (නි)
තව ටික කාලයක් ඔහොමම ගියා නම් මොනවා සිද්ධවෙයිද දන්නෙ නැහැ (නි)
හරිම කණගාටුදායක පුවතක් මේක. ඇයි මෙහෙම මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මරලා දාන්නේ? (නි)
මෙම අපරාධයට සම්බන්ධ සියලුම දෙනාට දැනට රටේ පවතින අපරාධ නඩුවිධාන සංග්‍රහය හා වෙනත් අණපනත් වලට අනුව තරාතිරරම නොසළකා මිනීමැරීම,මිනීමැරීමට තැත්කිරීම,එයට අනුබල දීම ,උදව්කිරීම,සත්‍යය වසන් කිරීම,සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය,නීතිය ක්‍රියාත්මක නොකිරීම,තම රාජකාරී පැහැර හැරීම,දෙපාර්තමේන්තුව අපකීර්තියට පත්කීරීම,නෛතික ශාක්ෂි විනාශ කිරීම,ව්‍යාජ ලේඛණ සැකසීම,බොරු සාක්ෂි දීම,රාජ්‍ය නිළධාරින්ට අල්ලස් දීම,අඩන්තේට්ටම් කිරීම,බිය ගැන්වීම,අධිකරණය නොමඟ යැවීම,අධිකරණයට අපහාස කිරීම යනාදී මෙකි නොකී කරුණු වලට අදාළව නඩු පැවරුවහොත් මුලු අපරාධ රෙජිමයම නීතිය රැහැනට කොටුවනු ඇත. නීතිගරුක පුරවැසියන් ලෙසට ඉමහත් ඕනෑකමින් මේ හැම දෙස අපි බලා සිටින්නෙමු. (නි)