ඝාතනය කළ බව කියන රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුර ගොඩ ගැනීම අද උදේ දෙහිවල ජුම්මා පල්ලි භූමියේදී ඇරඹිනි.
උසාවි නියමයක් අනුව අධිකාරණ වෛද්‍ය නිලධරයෝද, පොලිසියද, දෙහිවල ග්‍රාමසේවකවරයාද එහි පැමිණ සිටියහ.
නෑදෑයන්ගේ අකමැත්ත නිසා එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට හෝ ඡායාරූප ශිල්පීන්ට අවසර නැතැයි දෙහිවල පොලීසිය පවසයි.
ඔවුන් වෙනම ස්ථානයද රඳවනු ලැබ සිටිති.
සිරුරු කොටස් ගොඩ ගැනීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරී මාධ්‍යට යම් ප්‍රකාශයක් කිරීමට යයි.
රිය අනතුරකින් මිය ගිය බව හැඟවෙන පරිදි තාජුඩීන් දස වද දී මරන්නට ඇතැයිද, මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබලයෙකුගේ ප්‍රත්‍රයෙකු පිළිබඳ සැකයක් පවතින්නේ යැයිද රහස් පොලීස් ආරංචි කියයි.
තම පවුලට අපහාස කිරීම සඳහා රජය මෙම සිද්ධිය යොදා ගනිතියි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මෙන්ම හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂද කියා ඇත.
දැඩි පොලිස් ආරක්ෂාව මැද සිරුර ගැනීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ මොකද වෙන්නේ කියලා මේකටවත්. දුෂණ භීෂණ වපුරපු උදවියට තවම ප්‍රසිද්ධියේ දඩුවමක් දුන්නේ නැති නිසයි මම එහෙම අහන්නේ. (බ)