රෝගී වූ හෝ අනතුරකට පත්වූ තැනැත්තකු පළමු මිනිත්තු කිහිපය ඇතුළත රෝහලක් වෙත ගෙන යාමේ අරමුණෙන් ගිලන් රථ 297 ක් යොදා ගනිමින් හදිසි ගිලන් රථ සේවයක් ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක කිරීමට රුපියල් බිලියන 105 කට ආසන්න ප්‍රදානයක් ලබාදීමට ඉන්දීය රජය එකඟවී තිබේ.
මෙම ගිලන් රථ සේවාවේ පළමු අදියර කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට යයි. පළමු සේවක කණ්ඩායම ඉන්දීය නියෝජිතයින්ගේද සහභාගීත්වයෙන් ලබන බදාදා (10) පෙරවරුවේ බඳවා ගැනීමට නියමිතය.
සේවකයින් බඳවා ගැනීම සහ මෙම ව්‍යාපෘති පිළිබඳව විදේශ නියෝජ්‍ය අැමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමග ඉන්දීය නියෝජිතයින් සහ ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටින නිළධාරීන් එක්ව ලබන බදාදා (10) උදෑසන 10.00 ට ඇතුළුකෝට්ටේ සිංහ සමාජ උත්සව ශාලාවේදී හමුවක් පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හොඳයි එ්ත් ඉන්දීය නියෝජිතයෝ ගන්නේ ඇයි ලංකාවේ රැකියා නැතුව කොතරම් පිරිසක් ඉන්නවද (බ)
මහත්මයාණනි මෙය හොදම ක්‍රියාවක් .මම සේවය කරන්නේ ඊශ්‍රයල් වල.මේ රටවල කොපමණ වාහන තද බදයක් තිබුනත් ගිලන් රථවලට යාමට වෙනම මන්තිරුවක් ඇත .අපේ රටෙත් ඒ දෙය කරන්න පුලුවන්නම්, අනතුරු වලින් සිදුවන ජීවිත හානිය අවම කරගන්න පුළුවන් වේවි.මෙම කාර්ය කිරීමට සියලු ශක්තිය දධර්ය නොඅඩුව ලැබේව.(කෞ)
ඇත්තටම හොඳ දෙයක් ගයන්ත. ඕක හිතේ තියාගෙන ඉන්නේ නැතුව කලින්ම කියන්න තිබුනේ (නි)
මොනවා ගත්තත් වැඩැක් නැහැ කොළඹ නම් උඩින් තමයි ලෙඩාව අරන්යන්න වෙන්නේ සමහර විට පියාබන්න පුළුවන් ඒවා ගත්තොත් නම් හරි යාවි (අ)
අත්‍යවශ්‍යම දෙයක්. මම කාලෙක ඉඳන් හිතහිතා හිටියේ මේ අවශ්‍යතාවය ගැන. (අ)
ජගත් කී දේ හරියටම හරි. ආනන්ද යහපාලනය භුක්ති විඳින්න ලැහැස්ති වෙන්නකෝ, එතකොට තේරෙයි. (නි)
බමුණු ආරච්චි, ආනන්ද, ඔය යහපාලනය විල්පත්තුවට නැද්ද? (නි)
ඉතාමත් සුබදායක පුවතක්. යහපාලනය නම් මෙය නොවේද? (කෞ)