
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉල්ලීම් 9 ක් මුල් කරගනිමින් උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෘත්තීය සමිති 13 ක් අද( 23) පෙරවරු 8 සිට පස්වරු 12 දක්වා පැය හතරක කාලයක් සේවයෙන් ඉවත් වූ බව සෞඛ්‍ය සේවා සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක අරවින්ද ගමගේ මහතා ප්‍රකාශ කළේය.
ඖෂධ හිඟය,උපකරණ හිඟය, උද්ධමනයට දීමනාවක්, ප්‍රවාහනයට දීමනාවක්, සේවක හිඟය, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන තනතුරින් ඉවත් කිරීම, දින 5 ක වැඩ සතිය,බැංකු පොලී අනුපාතයට එරෙහිව සහ අතිකාල සීමා කිරීමේ චක්‍ර ලේඛයට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ගත් බව අරවින්ද ගමගේ මහතා පැවසුවේය.
මෙම ඉල්ලීම් 9 ට බලධාරීන් නිසි පිළිතුරක් ලබා නොදුනහොත් ඉදිරියේදී සියලු රෝහල් වල අඛණ්ඩ වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වන බව අරවින්ද ගමගේ මහතා පෙන්වා දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ දේශපාලකයන් විතරක් නෙමේ මුළු මහත් සමාජයම හොරු .ඒ වගේ රටක හොරුන්ගේ පැවැත්ම දිගුකාලීනයි .හොරුන් නොවන පුද්ගලයන්ගේ පැවැත්ම තාවකාලිකයි .සමාජයම හොරකමෙන් දුෂණයෙන් වංචාවෙන් මිදුනොත් රට ගොඩ යාවි .එහෙම වෙන පාටක් නම් ළඟ පාත්වත් නෑ
රෝහල්වල වැඩ නොකරනම සෙට් එක පාරට බැහැලා...
ජීවත් වෙන්න සුදුසු ආදායම් මාර්ගයක් සහ හොඳ ජීවන තත්වයක් ලබාගැනීමට සෑම පුරවැසියෙක්ටම අයිතියක් තියෙනවා. ඒ අයිතියට ගරු නොකරන හොරුන් අපරාධකරු රජවුණාම රටේ මෙහෙම දේවල් වෙනවා.