මාතර නිල් වලා ගඟේ මෝය කටේ සිට කිලෝමීටර එක හමාරක් පමණ ගඟ ඉහළ වෙලේවත්ත වගුරු බිමක සිටි අඩි 18ක් පමණ දිග කිඹුලකු අල්ලා යළි නිල්වලා ගඟට දැමූ බව වනජීවී නිලධාරීහු කියති.
ගඟේ මෙම කොටසේ කිඹුලන් නිතරම වගේ දැකිය හැකිය.
ලංකාවෙන් හමු වූ විශාලතම කිඹුලා ලෙස සැලකෙන රාගමින් 2012 දී හමුවූ කිඹුලාගේ දිග අඩි 19කි.
කිලෝ ග්රෑම් දහසකට වඩා බරැති මෙම කිඹුලා ට්‍රැක්ටරයකට පැටවීම සදහා බැකෝ යන්ත්‍රයක ද සහාය ලබා ගෙන තිබුණි.
මෙම දැවැන්ත කිඹුලා අල්ලා ගැනීමේ මෙහෙයුමට හුංගම කලමැටිය වන ජීවි කාර්යාලයේ නිලධාරීන්ට හා ප්‍රදේශවාසීන්ට පැය හතරක පමණ කාලයක් ගත විය.ඊට මාතර පොලීසියේ නිලධාරීන් පිරිසකගේ ද සහාය හිමි වී තිබුණි.
කිඹුලකු සාමාන්‍යෙයන් අවුරුදු 70ක් පමණ ජීවත් වන අතර අවුරුදු 100ක් පමණ ජීවත් වන කිඹුලන්ද සිටින බව කියති. මෙම කිඹුලාට අවුරුදු 60ක් පමණ විය හැකි යැයි ගැමියෝ කියති.
ශ්‍රී ලංකාවේ වර්ග 23ක කිඹුල්ලු සිටිති.

![FB_IMG_1478501396656[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/FB_IMG_14785013966561.png)
![FB_IMG_1478501423327[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/FB_IMG_14785014233271.png)
![FB_IMG_1478501435026[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/FB_IMG_14785014350261.png)
![FB_IMG_1478501444551[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/FB_IMG_14785014445511.png)
![FB_IMG_1478501453209[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/FB_IMG_14785014532091.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහදැන මුත්තෝ ටිකක් ඉදල තියෙන්නේ එතන ..(බ)
ඇයි අර සාස්තර කියපු සීය කෙනෙකුත් හිටිය නේද රාගම. පස්සේ ආගිය අතක් නැතිව ගියේ. එයාව උස්සන එක විතරයි සාස්තරේට පෙනුනේ නැත්තේ. (බ)
ඔව් පහන් එ්ක නම් ඇත්ත එ්කනේ අාපහු නිල්වලා ගඟටම දාල තියෙන්නේ (අ)
කිඹුලා බනිස් වාගේද කිඹුලා (හේ)
සාමාගේ කීම නම් මසුරන් වටිනවා
ගඟට දාන්නේ නැතුව ගෙදර ගිහින් තියාගන්නද?? මූ නිල්වලා ගඟේ කිඹුලෙක් නම්, ගඟේ තවත් කිඹුල්ලු සිටී නම්, කාටවත් ඇයි වේදනා. (නි)
ගඟට දැම්මා වගේ නොවේ, ඕකාගේ බඩට ගඟේ නාන ගැහැණු මිනිස්සු ළමයි කීදෙනෙක් ගොදුරුවේද? (නි)
මිනිස්සු හැමදේටම සැහැල්ලුවෙන් විහිලු කතා ලිවුවට එය නෙමෙයි සිදුවිය යුත්තේ. අපි අපේ අලි සම්පත මෙන්ම අනෙකුත් සත්වයින් රැකගත යුතුයි. මේ සත්තු රටක් වටිනවා (නි)
ඒ කාලේ ශත 15 වට කාපු කිඹුලා බනිස් එක දැන් රුපියල් 25 යි. (නි)
කිඹුලා බනිස් වගේ තමයි හැඩරුවෙන්. ඒ වුණාට ඇඟේ සීනි නම් නැහැ. (නි)
නිල්වලා ගඟෙන් අල්ලලා ඇයි ඒ ගඟටම දාන්නේ? (නි)
අයියෝ! කිඹුලාව උගේ ස්වභාවික පරිසරයට මුදාහරින්නේ නැතුව මොකද කරන්න කියන්නේ?? (නි)
යන එන පාරු නවතාගෙන එහෙම හිටියේ නැද්ද? (අ)
අපේ රාගම එවුන් කවදත් එක තමා. නළුවන්ගෙන් නොම්මර එක ශ්‍රියන්ත සහ ජැක්සන්. එයාලත් රාගම කොල්ලෝ දෙන්නෙක්( දැන්නම් නාකියි). නොම්මර එකේ චිත්‍රපට අධ්‍යක්ෂක සුගතපාල සෙනරත් යාපා . එයත් රාගම. දැන් ඉන්න හොඳම නාට්‍ය චිත්‍රපට අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි . එත් රාගම කොල්ලෙක් .රාගමින් අල්ලපු කිඹුලා වුනත් ලංකාවෙන් එක. (අ)
මාත් ඔය වගේ කිඹුලෙක් දැක්කමයි.(හේ)
රාගම කිඹුලාගේ මල්ලි නෙමෙයි...(හේ)