කොන්දේසි කීපයක් මත පාසල් රග්බි තරග විනිශ්චය කිරීමට ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමය කැමැත්ත පළ කර තිබේ. ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා සහ රග්බි විනිසුරු සංගමයේ නිලධාරීන් අතර ඊයේ (12) පෙරවරුවේ පැවැති සාකච්ඡවේදී රග්බි විනිසුරුවරු මෙම තීරණයට පැමිණ තිබේ.
කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර සී. ආර්. පිටියේදී මේ මස 1 වැනිදා පැවැති තරගය අවසානයේ විනිසුරුවන්ට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් එම පාසල් දෙකේ සහ ඉසිපතන විදුහලේ රග්බි තරග විනිශ්චය නොකිරීමට විනිසුරු සංගය තීරණය කළේය. පේ‍්‍රක්‍ෂකයන් නොමැතිව තරග පවත්වන්නේ නම් පමණක් සේවය සපයන බවට විනිසුරු සංගමය තීරණය කළද පේ‍්‍රක්‍ෂකයන් නොමැතිව තරග පැවැත්වීමට පාසල් එකඟ නොවීම නිසා පාසල් රග්බි තරග කල්දැමීමට සිදුවිය.
ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, පාසල් රග්බි සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර සහ පාසල් ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ බී. ඒ. අබේරත්න සහ රග්බි විනිසුරු සංගමයේ සභාපති ඕවිල් ප‍්‍රනාන්දු යන මහත්වරුන් අතර පෙරේදා (11) පැවැති සාකච්ඡුාවේදී මෙම කොන්දේසිවලට එකඟ වී තිබේ.
මේ පිළිබඳව කළ විමසුමකදී පාසල් රග්බි සංගමයේ ප‍්‍රධාන නිලධාරියකු පැවසුවේ අදාළ කොන්දේසි සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් තම සංගමය දැනුම්වත් කරනු ලැබ ඇති බවයි. ශ්‍රී ලංකා රග්බි සංගමය සහ පාසල් රග්බි සංගමය අතර අද (13) පැවැත්වෙන විශේෂ සාකච්ඡුාවෙන් පසුව තරග පැවැත්වෙන දින තීරණය කෙරේ.
”තරගයක් පිළිබඳව ප‍්‍රශ්නයක් තිබේ නම් ස්වාධීන ක‍්‍රීඩාංගණයක පවැත්වීමේ හැකියාවත් අපිට තියෙනවා. ඒ වගේම ශාන්ත ජෝශප් සහ ධර්මරාජ යන විදුහල්වල කණ්ඩායම් බාර ආචාර්යවරුන් පිළිබඳව මේ වන විටත් අපි පියවර ගෙන තිබෙනවා” යැයිද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
රග්බි විනිසුරුවන්ගේ සංගමයේ විධායක කමිටු නිලධාරියකු පැවසුවේ විනිසුරුවන් ලෙස තම සාමාජිකයන්ට කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණය සකස් කිරීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා එක`ගවීම නිසා තරග විනිශ්චය කිරීමට එක`ග වූ බවයි.
රග්බි විනිසුරුවරුන්ගේ කොන්දේසි
- ධර්මරාජ සහ ශාන්ත ජෝශප් යන විදුහල් දෙකේ රග්බි කී‍්‍රඩාව බාර ආචාර්යවරුන් සහ ධර්මරාජ විදුහලේ පුහුණුකරු පිළිබඳ අන්තර්ජාතික නීති රීති වලට අනුව පරීක්‍ෂණයක් පවත්වා පියවර ගැනීම
- කිසියම් තරගයක විනිසුරුවන්ට පහරදීමක් සිදුවුවහොත් පාසල් දෙකම තහනම් කිරීම
- බීමත් පුද්ගලයන් ක‍්‍රීඩාංගණයට ඇතුළත් නොකිරීම
- ආරක්‍ෂාව සහිත ක‍්‍රීඩාංගණවල පමණක් තරග පැවැත්වීම
- ක‍්‍රීඩාංගණයේ ආරක්‍ෂාව ප‍්‍රමාණවත් නොවේ නම් තරගයෙන් ඉවත්වීම අවස්ථාව විනිසුරුවන්ට තිබීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉසිපතන දිනන්නේ දක්ෂ කම නිසා නෙවි . අසීලාචාර හැසිරීම නිසා . (අ)
රෙෆ්රීල කරන හොර වැඩ / ලොකු ඉස්කෝල වලට අදින හැටි කව්ද වගකියන්නේ. ඔවිල්ට ඒවත් බලන්නේ තිබුනේ. .රගර් කන්නේ ඉස්කෝල නෙමෙයි රෙෆ්රී ල (අ).
හිනා යනවා. නවත්තගන්න බැහැ... කියන්න දේවල් ගොඩයි, කියලා වැඩක් නැහැ (නි)
ඉසිපතනයේ කොල්ලෝ කවදත් රගර් ක්‍රීඩාවට දක්ෂ බව සියලු දෙනාම දන්නවා. (නි)
ක්‍රීඩාවේ සොබාවය රළු වුවත් එම ක්‍රීඩාව කළ යුත්තේ මහත්වරුන් විසිනි.(නදී)
තද නීති ඇතුලත් කොට වැරදි කරන ක්‍රීඩකයන් හා නරඹන්නන් ඉන්න පාසල් වලට දඩුවම් කරන්න ඕනෑ. නැත්තම් ඒ ඉස්කෝල ක්‍රීඩාවෙන් ඉවත් කරන්න ඕනෑ (නි)
ඉසිපතන ඔච්චර දක්ෂනම් මොකද දිගටම පරදෙන්නේ.(අ)
තරුණ ආවේගශීලී පාසල් දරුවන්ට දැඩි ලෙස තරඟකාරී වන අතරම ක්‍රීඩාවේ විනය රැකගැනීමට පුරුදු පුහුණුවීමේ වැදගත්කම කියාදෙන කදිම පාඩමක්. ගුරුවරුන්ගේ සහ පුහුණුකරුවන්ගේ දැඩි වගකීමක් වන්නේ තරඟ කෙසේ හෝ ජයගැනීමට වඩා ක්‍රීඩාවේදී විනය රැක ගැනීම වැදගත් බව දරුවන්ට අවබෝධකර දීමයි.(නදී)
විනිසුරු වරුවනේ ඔබලා ගෙනත් තිබෙන යෝජනා හොදයි. ඒසේම ඔබලා ස්වාධීන වන්න. මෙය ප්‍රවේගකාරියි ක්‍රීඩාවක් බවත් අවබෝද කර ගන්න.(නදී)
එතකොට ඉසිපතනය ගැන බලන්නේ කව්ද?(නදී)
ඉසිපතනය නැත්නම් රගරුත් නැහැ මොනව බලන්නද? රගර් ක්‍රීඩාවේ උන්නතිය සඳහා ඉසිපතනයට මේ කරන කෙනෙහෙලිකම් ඉවත් කල යුතුයි.(නදී)
ඉසිපතන කොල්ලෝ රගර් වලට දක්ෂ එදා ඉදල.ඉසිපතන කොල්ලෝ නැත්නම් රගර් නැත.(අ)