IMG-LOGO

රංගනයෙන් ඉදිරියට යෑමට සිහින මවන චාමර සමරවිමක්‍රම

20160829Chamara-1

 

ගීතමය රූපරචනාවලින් ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ටවූ ඔහු චාමර සමරවික්‍රම වේ. ඔහුගේ ඉදිරි රංගන කටයුතු පිළිබඳව කතාබහ කිරීමට අපත් සමග මෙලෙසින් එක්විය.

 

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

නම චාමර සමරවික්‍රම. ගම කුරුණෑගල. අම්මා තාත්තා සහ මල්ලි සමග ජීවත්වෙන්නෙ

 

20160829Chamara-2දැන් වෘත්තීමය මට්ටමෙන් මොකද කරන්නේ?

පවුලේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධවෙලා ඉන්නවා.

 

කලාවට එකතු වෙන්නේ කොහොමද?

මුලින්ම කලාවට යොමු වුණේ පාසල් වේදිකාවෙන්. ඊට පසුව තිස්ස විජේකෝන් අධ්‍යක්ෂවරයා මුණගැසීමත් සමග පුංචි තිරයට රංගන දායකත්වය ලබාදීමට අවස්ථාව උදාවුණා.

 

මෑතකදී දායක වුණු කටයුතු මොනවාද?

විදේශ ගත වී වසර පහකට විතර පස්සේ නැවතත් ලංකාවට පැමිණීමත් සමග, මෑත කාලයේ යොවුන් පරපුරේ ගායකයෙකු වන නිලූ කාරියසිංහගේ 'තව කඳුළු නෑ' ගීතයටද, කොටස් කිහිපයකින් යුතු ටෙලිනාට්‍යකටද රංගන දායකත්වය ලබා දීමට හැකිවුණා. 'රටවිරු ස්ටාර්' තරගයට සහභාගී වුණා. දිනේෂ් විජේසිංහගේ මුල්ම ගීත රූපරචනාවටද සහභාගී වීමට අවස්ථාව ලැබුණා.

 

කලාව පිළිබඳව යම් හැදෑරීමක් කරලද තියෙන්නේ?

තිස්ස විජේකෝන් මහත්මයා යටතේ පුහුණු වැඩමුළුවලට සහභාගී වුණා. බර්ටි සුසිරිපාල, රිචඩ් වීරක්කොඩි, සරත් දික්කුඹුර වැනි ප්‍රවීණයන්ගේ ඇසුර ලබමින් රංගන කටයුතුවලට රටින් බැහැර වීමට පෙර කටයුතු කළා. ඒ හේතුවෙන් මගේ ජීවිතයේ රංගන කටයුතු සඳහා ලොකු පිටුවහලක් ලබාගැනීමට අවස්ථාව ලැබුණා.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

ඉදිරියේදී ගීත රූපරචනා දෙකකට සහ ටෙලිනාට්‍යයක් සඳහා ඇරයුම් ලැබිලා තියෙනවා. ඒ වැඩකටයුතුත් සමග කාලය ගත කරනවා.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

ඔව්, අනිවාර්යයෙන්ම. අම්මා, තාත්තා, සහෝදරයා ඇතුළු මට වචනයකින් පවා උදවු කළ සියලුම දෙනාටත් මගේ මිතුරු කැලත් මේ වෙලාවේ මතක් කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත



අදහස් (0)

රංගනයෙන් ඉදිරියට යෑමට සිහින මවන චාමර සමරවිමක්‍රම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 221 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site