IMG-LOGO

රංගනයට වඩා නිරූපණයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වන චමිලා

2016-07-01-ent-80

නිවේදිකාවක වශයෙන් කටයුතු කරමින් නිරූපණ ක්ෂේත්‍රය තුළ නිතර දක්නට ලැබුණු චරිතයක් ලෙස චමිලා ලියනගේ හැඳින්විය හැකිය. නිවේදනයට සමුදී තම වෘත්තිය කරගෙන යන ඇය සමග "සාරවිට" එකතු වූ මොහොතකි මේ.

 

ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළොත්?

2016-07-01-ent-44මගේ නම චමිලා ලියනගේ. මම දැනට වෙනත් වෘත්තියක නියැළෙනව

 

වෙනත් වෘත්තිය මොකක්ද කිවුවොත්?

මම දැනට රමණි ප්‍රනාන්දු සැලොන් එකේ වැඩ කරනවා. ඒ අතර තමා නිරූපණයෙහි නියැළෙන්නේ. දැනට අවුරුදු තුනක් තිස්සේ Bridal Model කරනවා. ඊට අමරතව මම අවුරුදු තුනකට ඉස්සෙල්ලා නිවේදිකාවක විදිහට මැක්ස් රූපවාහිනියේ කටයුතු කරනු ලැබුවා. දැන් ඒකෙන් ඉවත්වෙලා තමයි මේ රැකියාව කරන්නේ.

 

කොයි කාලේ වගේද නිරූපණ ක්ෂේත්‍රයට එකතු වුණේ?

දැනට අවුරුදු තුනකට ඉස්සෙල්ලා.

 

මියුසික් වීඩියෝ සඳහා දායකවෙලා තියෙනවාද?

නැහැ. මම අවුරුදු තුනකට ඉස්සෙල්ලා දෙරණ "වස්සාන ප්‍රේමය" නාට්‍යයට රංගනයෙන් දායක වුණා. ඒකෙන් පස්සේ මොන දේකටවත් දායක වුණේ නැහැ.

 

නිරූපණයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

රංගනයට වඩා නිරූපණයෙන් තමයි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ.

 

නිරූපණයෙන් ඉදිරියට යන්න අදහස් කරන ඔබ, ඒකේ පැතිකඩක් තෝරාගන්නවාද?

වැඩියෙන්ම Bridal පැත්තෙන් යන්න කැමතියි. ෆැෂන් පැත්තෙන් යන්නත් බලනවා. නමුත් Bridal පැත්තෙන් යන්න තමයි වඩාත් කැමති.

 

ඔබ නිරූපණය පිළිබඳව හැදෑරීමක් කර තියෙනවාද?

මෙහෙමයි, නිරූපණ ක්ෂේත්‍රය ඉගෙන ගන්න පන්ති එහෙම ගිහිල්ලා නැහැ. මම නිවේදිකාවක් වශයෙන් කටයුතු කළායින් පස්සේ තමයි නිරූපණයට කැමති වුණේ.

 

නිවේදනය සඳහා අවස්ථාව ලැබුණේ කොහොමද?

මම මැක්ස් ටීවී එකේ අවුරුදු කුමරිය තරගයේ දෙවැනි තැන හම්බ වුණා. එතනින් තමයි මට ඒ අවස්ථාව ලැබුණේ.

 

නිවේදිකාවක වශයෙන් කටයුතු කරද්දී ලැබුණු අත්දැකීම්?

අත්දැකීම් හොඳයි. අලුත් දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අලුත් අලුත් අය හම්බවෙනවා. ඒවගේම ක්ෂේත්‍රයේ ගොඩක් අයව දැනගන්න පුළුවන්. කතා බහ කරන්න අවස්ථාව හම්බවෙනවා.

 

ඇයි නිවේදනයෙන් ඉවත් වුණේ?

මම එතන Freelance කෙනෙක් විදිහට තමයි වැඩකටයුතු කළේ. මැක්ස් ටීවී එක අයින් කරන නිසා තමයි මම එතනින් අයින් වුණේ. ගිය අවුරුද්දේ ස්වර්ණවාහිනියේ අවුරුදු කුමරියට සහභාගී වුණා. එතනදීත් මට අවස්ථාව හම්බුණා. මගේ රැකියාවත් එක්ක ටිකක් අමාරුයි කාලය ඒ සඳහා වෙන් කර ගන්න. සැලොන් එකේ අවුරුදු පහක් තිස්සේ සේවය කරගෙන යනවා. මම රැකියාවට තමයි මූලික තැන දීලා තියෙන්නේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - සුමුදු හේවාපතිරණ

 

2016-07-01-ent-43
2016-07-01-ent-42
2016-07-01-ent-45



අදහස් (0)

රංගනයට වඩා නිරූපණයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වන චමිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 466 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 100 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 294 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site