මතකයේ රැඳෙන චරිත කිහිපයකින්ම ඔබේ ආලින්දයට පැමිණි ඔහු මේ දිනවල හිරු ටීවී ඔස්සේ රාත්‍රී 9.00ට විකාශය වන 'සහේලි' ටෙලි නාට්‍යය තුළින් ඔබ හමුවට පැමිණෙයි. එහි රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන්ද දායක වන ඔහු ගයාන් වික්‍රමතිලකය. අපත් සමග ඔහුගේ අදහස් මෙසේ පැවසීය.
“උගත් පොතපත කියවන ප්‍රභූ පිරිසගෙන් 'සහේලි' ටෙලිනාට්‍යයට හොඳ ප්‍රතිචාරය ලැබෙනවා. වර්තමානයේ විකාශය වන ටෙලිනාට්‍ය සමග මෙම ටෙලිනාට්‍ය සංසන්දනය කිරීම අමාරුයි. දේශීයත්වය විදහාපාන ටෙලිනාට්‍යක් නිර්මාණය වුණාම එය සරල සුන්දර නිර්මාණයක් විය යුතුයි. අද ප්‍රේක්ෂකයො හැලහැප්පීම් තිබෙන, ඝෝෂාකාරී සංගීතය තියෙන නාට්‍යය නරඹන්න නැඹුරු වෙලා තියෙනවා. නමුත් 'සහේලි' ටෙලිනාට්‍යය වෙනස් මුහුණුවරක් ගත්, වෙනත් ආරක ටෙලිනාට්‍යයක්. මම මීට පෙර 'ආත්මා' කියන ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළා. මේ ටෙලිනාට්‍යය මගේ ඔළුවේ තිබුණ සංකල්පයක්. මම මායාදුන්න බණ්ඩාර කියන ප්‍රවීණ පුද්ගලයට කියලා තිරපිටපතක් ලියාගත්තා. මට හිතුණා මෙය වෙනස් මුහුණුවරක් ගත්ත නිර්මාණයක් බවට පත්කරගත හැකියි කියලා. මම හිතනවා එයට යම්තාක් දුරකට සාර්ථකත්වයකට ළඟාවෙන්න පුළුවන් වුණා කියලා."
"ලංකාවෙ රංගන ශිල්පියෙකු ලෙස නෙමෙයි, කලාකරුවෙකු ලෙස ඉපදෙන්න මම පෙර ආත්මෙක ලොකු පවක් කරලා තියෙනවා කියලයි මම හිතන්නෙ. ඡන්දෙ කාලෙට දේශපාලඥයන්ට කඩේ යන්න ඕනේ. ඡන්ද ඉවර වුණාට පස්සෙ සාමාන්‍ය මිනිස්සුගෙ විවේචන අහන්න ඕන. අද නිළියෙක් ෆේස්බුක් ප්‍රොෆයිල් එකක තමන් රඟ පෑ ටෙලි නාට්‍යයක ෆොටෝ එකක් දැම්මොත් වයස 25ට අඩු තරුණයන් කමෙන්ට් කරන්නෙ බොහොම නරක විදිහට. රටේ පිළිගත් ප්‍රභූවරුන්ගෙ පින්තූර විකෘති කරමින් බැණලා අදහස් දානවා. කලාකරුවා පහත් තත්ත්වයකට ඇද දමන සමාජයක් තමයි අද අපේ රටේ තිබෙන්නෙ.*
නිදුක් මධුෂික
2025 දෙසැම්බර් මස 18
653
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1107
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රංගන ශිල්පියෙකු වෙන්න ලොකු පවක් කරලා තියෙනවා