(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා රෝගීන් ප්‍රවාහනය සඳහා බස්රථ සොයා ගැනීම බරපතළ ගැටලුවක් වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසීය.
කොරෝනා රෝගීන් ප්‍රවාහනය සඳහා පෞද්ගලික අංශය බස්රථ මොනම ආකාරයකටවත් ලබා නොදෙන බව කී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බස්රථ අද ලබා ගැනීමට සිදු වී ඇත්තේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් පමණකැයිද ප්‍රකාශ කළේය.
රෝගීන් ප්‍රවාහනයේදී යම් යම් ගැටලු මතු වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී ඒ ප්‍රවාහන ගැටලු විසඳා දෙන බවත් අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයේ නිලධාරින් ඒ සඳහා සූදානමින් සිටින බවත් හේමන්ත හේරත් මහතා පැවසීය.
ප්‍රවාහන කටයුතුවලදී යම් යම් ආයතන වලට ප්‍රශ්නයක් මතු වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශය අමතා ඒ ගැටලු නිරාකරණය කර ගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන තරම් සල්ලි තියෙනවා රටේ... බස් ටිකට් චීනෙන් ගේමු...
වීල්බැරෝ දැම්මාම හරි... කොරෝනා වවන් කනවා.
ඕකතමයි ඕනෙම අභියෝගයකට සූදානම් වෙලා ඉන්නේ. ඔක්කොම පහසුකම් ලෑස්තිකරලා තියෙන්නේ කිව්වට රෝගීන් වැඩිවෙන කොට ඇතිවන ප්‍රශ්න බරපතළයි නේද? රෝගීන් අඩුකරගත්තේ නැතිනම් රටම අමාරුවේ..
ප්‍රාඩෝ 225 ගෙවන්නේ රෝගීන්ව සැප පහසුවෙන් ගෙනියන්න තමයි.