දැනට පවතින රේගු පනත අහෝසි කිරීමට මුදල් අමාත්‍යංශය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් හා විනිවිද භාවයකින් තොරව ගෙනඒමට නියමිත රේගු පනත අහෝසි කරන ලෙස මුදල් අමාත්‍යංශයට බල කරමින් ශ්‍රී ලංකා රේගුවේ සේවකයෝ අද (21) කොළඹ කොටුව රේගු මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට ඔය රේගුවේ කියන්න තරමට හොදක් ඇත්තෙම නැද්ද ? (බ)
පගාව ගැනීම වරදක් නම් පගාව දීමත් වරදක් බව ඔය බනින අය දන්නවනේ. මටනම් පෙන්නේ මෙතන බනින ගොඩක් අයට තියෙන්නේ පෞද්ගලික තරහක්. (ම)
ඔබේ මුහුණ බලා බදු අයකරන එකම රට ලංකාව ගේන කිසිම බඩුවකට හරියාකාරව අයකරන මිල බදු වශයෙන් මුලින් නොකියන රට වගේම කතා කළාම කියන්නේ ඔයා අරන් එන්න අපි බලාගමු අදුරන අයනේ කියල පගාව ගන්න එක මිසක් වැඩක් නැති සංවිධානයක් (බ)
මෙතන අදහස් දාපු මහත්තුරුන්ගෙන් කීදෙනෙක් රේගුවෙන් රාජකාරියක් කරගෙන තියෙනවද? රේගුවට වරප්‍රසාද තියෙන එක වෙනම එකක්. හැබැයි මෙතන තියෙන්නේ රේගුවේ බලතල අඩුකරලා එ්කේ වාසිය ජාවාරම්කාරයන්ට ලබාදෙන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යන එක කියලයි මම නම් කියන්නේ. ආනයන අපනයන අංශයේ නීතිය සම්බන්ධ රැකියාවක් කරන කෙනෙක් ලෙස මම දන්නවා පවතින රේගු පනතින් නීත්‍යානුකූල වෙළදාමට කිසිම බාධාවක් නැති බව. එනිසා තමන් දන්නේ නැති දෙයක් ගැන අදහස් දක්වන්න කලින් ප්‍රශ්නය හදාරලා එන්න. (නි)
ගියපාර බඩු ගෙන්නදී "මල්ලි අතේ සල්ලි නැතිනම් ඔය මෙගා ෆොර්න් එක දීල යන්න" කියල ඉල්ලා ගත්හු එකෙන් නේද ඔය බැම්ම උඩ නැගගෙන මරහඬ තලන්නේ? (අ)
ජරා පප්පෝ..රටක ඉඳල එනකොට බලන් ඉන්නේ සල්ලි ගසා කන්න...(බ)
අනේ මේගොල්ලන්ගෙ විනිවිද භාවය මම කීප වාතාවක් පාස්පෝට් එක අතුලෙ දාල සල්ලි ( ඉල්ලපු ගණන ) දීල තියෙනව බඩු ක්ලියර් කරගන්න. (බ)
නීතියක් ගේන්න මේගොල්ලන්ගෙ වත්කම් එලිකරන්න කියල රේගුවෙ වැඩ පටන් ගත් දවසෙ පටන් අද දක්වා, 99% ක්ම අහුවෙනවා. මම දන්න කෙනෙක් ඉන්නව, ගෙවල් විතරක් තියෙන්ව 15කට වැඩිය. හැබැයි අරන් තියෙන්නෙ නැදෑයන්ගෙ නම්වලට. (බ)
හිමාලි මොකද විලිලැජ්ජ නැතිව ජයවේව කියන හැටි , මේ ගැන මොනාද දන්නේ ? (බ)
ගරු මුදල් ඇමති තුමනි, මොවුනට ඇත්තේ ඉගෙනුම පමණි, බුද්ධියක් නැත. මොවුන් සිතා සිටින්නේ සහ බලන්නේ මෙම ආයතනයට පැමිණෙන සියල්ල මෝඩයින් සහ හොරුන් ලෙසය. මෝඩයින් සහ හොරුන් සැමවිටම සසදන්නේ උන්ගේ මට්ටමින්ය. මොවුන්ගෙන් 90% ක් ම රාජකාරියට පැමිණෙන්නේ උදේ 10 ට පමණය. වෙලා සටහන් යන්තර මොවුනට අකැපය. මේවා ස්ථාපිත කරන විට වර්ජනය පටන් ගනී. නවක නිලදාරීන් තරඟයට මුදල් පසුපස දුවයි. ඔවුන් කාර් ගැනීමට නොව ගුවන්යානා ගැනීමටය. මොවුන් සියල්ලගේ පැමිණීමට පෙර තිබු සහ වර්තමාන වත්කම් සියල්ල නැවත තක්සේරු කර විධිමත්රෙ ගු ක්‍රියා පටිපාටියක් සැකසා දෙන මෙන් ඔබ තුමාගෙන් ඉල්ලමු. (අ)
විනිවිද භාවය දෝරේ ගලනවා. මේ අය ජරාව ගන්නෙත් විනිවිද භාවයෙන්මයි. විනිවිද භාවය නිසා මේ අයගේ මේස ලාච්චු සහ වැසිකිලි සාදා තිබෙන්නේ විනිවිද පෙනෙන වීදුරු පාවිච්චි කරලා. (අ)
ආනයනයේදී , ආනයන කරුවනට ඇති සාදාරන නීති උල්ලංඝනය කරමින් තෝරා ගත් ආනයනකරුවන් කිහිපදෙනෙකුගෙන් මහා පරිමාණ අල්ලස් ලබාගනිමින් සිදු කරන්න වූ අයතා ක්‍රියා නවතා, සියලු ආනයන කරුවනට සාධාරණ සේවා සපයන ආයතනයක් බවට පත් කරන්න සහ අල්ලස් දුෂණ නීතිය මේ අයටද ක්‍රියාත්මක කරන්න. (අ)
රජයක් ලෙස ආනයන සහ අපනයන කරුවනට සදාරණයක් වන රටට යහපත් කාර්යක්ෂම සේවාවකට මග සලසන සේවාවකට මග සලසා දෙන්න. (අ)
උතුර ප්‍රභාකරන්ගේ ග්‍රහණයෙන් මුදාගැනීමත් රේගුව මේ හොරුන්ගෙන් මුදවා ගැනීමත් එක හා සමාන බව මතක තබාගන්න. (අ)
රේගුවේ විභාගයක් තිබුනොත් 30000ක් 35000ක් විතර එන්න දඟලන්නෙ මොකද එතකොට? අපේ රටේ මිනිසුන්ගෙ තියෙන්නෙ තමන්ට ලබාගන්න බැරිදේකට තියෙන ඊර්ෂ්‍යාවයි, කුහකකමයි. ඔය පගව දුන්නා, පගාව ගත්තා කියලා කෑගහන එක්කෙනෙක් හරි කියන්න බලන්න 100% හරි විදියට බඩු ගෙන්නලා පගාවක් දෙන්න සිදුවුණ වෙලාවක්. (නි)
ඉතාලියේ ලාංකික කාගෝ බිස්නස් කාරයොයි මේ අයයි හරියට දෙමස්සිනාලා වගේ. ගනදෙනු වලට අමතරව පවුල් පිටින් ඉතාලි ඇවිල්ලා මේ කාගෝ කාරයන්ගේ ගෙවල් වල තමයි නිවාඩු ගත කරන්නෙත්. යුරෝපය පුරා රවුම් ගහන්නෙත් ඒ අයගේ වාහන වලින්. (අ)
හිමාලි ඔයත් වැඩ කරන්නේ කස්ටම් එකේද අලුත් නීති එනකොට උද්ඝෝෂණ පටන් ගන්නවා දන්නවා බඩේ පහර වදිනවා කියල දන්නා මිනිස්සු දන්නවා වැඩක් ගන්න ඕන උනාම අනිවාර්යෙන්ම අතමිට මොලවන්නවම වෙනවා රටේ දෛනික වැඩිම රාජ්‍ය අදායම කස්ටම් එකෙන් වගේම එක පුද්ගල මාසික හා දෛනික වැඩිම අදායම. මේ අයගේ බස් එකේ වැඩට එන කෙනෙක් හොයාගන්න බැහැ (අ)
සමන්, ලලිත්, ඔබතුමන්ලා දෙන්නම නිතරම බඩු ගෙන්නන අය නේද? හරියට බදු ගෙවන්න. එතකොට රටේ මිනිසුන්ට මෙච්චර අමාරු නැහැ ජීවත්වෙන්න. ගෙන්වන බඩු වලට නියමිත විදිහට බදු ගෙවනවා නම් රටේ මිනිසුන්ට මෙච්චර වැට් ගෙවන්න වෙන්නේ නැහැ (නි)
ජය වේවා.(හේ)
සිතන්න... අපිම නෙමෙයිද වරද කරලා අනික් අයට බනින්නේ? ගොඩක් තැන්වල වෙන්නේ ඕකයි. කුහක වෙන්න එපා (නි)
මේ අයට ලැබෙන පහසුකම් වෙන කාටත් නෑ.(හේ)
මා දන්නා පරිදි මෙයාල එන්නේ වැඩ කරන්න නෙවෙයි සල්ලි එකතු කරගෙන යන්නයි (බ)
මේ අයගේ සහ පවුලේ උදවියගේ වත්කම් පිරික්සුවානම් තේරෙයි මේ අයටත් ඉන්නේ ඩේසි ආච්චිලාම තමයි කියලා. (බ)
විනිවිද භාවය ගැන කතා කරන්නේ මරු කට්ටියක් තමයි ..ගෙන්නන එකම බඩුවට එක එක්කෙනාගෙන් මෙයාල බදු ගහන්නේ හිතෙන හිතෙන හැටියට .. බඩුවකට ගහන බද්දක් හොයාගන්න බැහැ රේගු වෙබ් සයිට් එකයි ඉන්ටෙර්නෙට් එකයි පීරුවත්.. බදු ක්‍රමය හදල තියෙන්නේ මෙයාලට හිතෙන හිතෙන හැටියට අත යටින් හොඳ ගානක් හොයාගන්න පුළුවන් වෙන විදියට (බ)
රේගු නිළධාරීන්ගෙ ගෙවල්/වාහන අපිට වැඩක් නැහැ. නමුත් මේ අරගලය නිසා දිනකට රු මිලියන ගණනක් අහිමි වෙනවලු. ඒක ගැන වගකියන්න ඕනෑ කවුද? එයාලා රජයේ සේවකයෝ නිසා ගෙවල් වාහන ගන්නෙ හෙළිකරන්න පුළුවන් වත්කම් වලින් වෙන්න අැතිනෙ. ඒවට අපි ඊර්ෂ්‍යා කරලා ලේ පුච්චාගන්නෙ මොකටද? (නි)
දොස්තරලගෙ වර්ජනයට ආණ්ඩුව අකුල් හෙළන්න ගෙනියන මඩ ප්‍රහාරය දැක්කනේ. ඒ දොස්තරලා එට්කා වලට විරුද්ධ නිසා. එමනිසා තමන්ගෙ පුද්ගලික හේතු, ඊර්ෂ්‍යාවල් පිරිමහගන්න අදහස් දාලා, නිකන් සල්ලි නැතුව ආණ්ඩුවට කඩේ යන්නෙ නැතුව, මේ මිනිස්සු මොකද්ද මේ කියන්නෙ කියලා බලල ඉන්න. (නි)
එම ශ්‍රමිකයන්ගේ සැබෑ හඩ ඇසිය හැකිනම් රේගුවේ බහුතරය සිය සේවා විධිවිධාන වලිනුත් ඔබ්බෙන් මානූෂීය ලෙස ගන්නා තීරණ දැනගත හැකිවනු ඇත. නඩුත් බඩුත් හාමුදුරුවන්ගේය. අපිට ඉතිරිව ඇත්තේ බලාසිටීම පමණය. රට ගැන දුක හිතේ. (නි)
රේගුවට බනින ගොඩක් කට්ටිය තමා රේගුවට රස්සාවට එන්න බලන්නෙත් (නි)
මම ඉන්නෙ ප්‍රංශයේ. වසරකට වරක් ලංකාවට එනවා. නමුත් ගේන්නෙ මට අයිති බෑග් දෙක පමණයි. (නි)
ඔය කෑගහන අය පොඩ්ඩක් දැනගන්න ලංකාවේ වැඩිම ආදායම් දෙන්නේ රේගුවෙන් කියලා (නි)
රට රැකියා කරන අයගෙන් ගසාකනවෝ කියලා ලොකුවට අදහස් දාලා තියෙන්නේ? ෆෝම් එක පුරවගන්න අපහසුයි බොහොමයක් මැදපෙරදිග ගෘහ සේවිකාවන්ට. ඒ ජාතියේ මිනිස්සු මෙන්න බොලේ ඔන්ලයින් ඇවිල්ලා අදහසුත් දාලා සිංහලෙන්. හතර හිනා මේවට අපිට. (නි)
ඉරිසියාවයි කුහකත්වයයි පේනවා ප්‍රතිචාර දැක්කම. ගෙවල් පහලොවක් හැදුවැයි කියමුකෝ දන්නා තරමින් ඔවුන්ට 50% පමන ෆයින් ශෙයාර් එකක් හිමිවෙනවා කරන කේස් එකේ වටිනා කමින්.කෝටී සියයක රත්තරං ඇල්ලුවොත් කෝටි පනහක් මෙහෙයුමට සම්බන්ද වූ නිලධාරින්ට.. ඔබලට පේන්නේ ඒ කෝටි පනහ හොරකම් කලා වගේ.. මගේ යාලුවෙකුත් හිටියා කස්ටම් එක්සෑම් ලියලා පාස් නොවුනම, පලු යන්න බනිනවා කස්ටම් එකේ ඉන්න හොරුලූ.. (අ)
රේගුව කරන හොඳ වැඩ කාටත් පේන්නේ නැද්ද?(හේ)
රේගුව කරන්නේ හොඳ දේවල්.(හේ)
කොමෙන්ට්ස් කියවද්දි දුකයි. මේ වගේ අය ඉන්නකන් ඉතින් දේශපාලුවන්ට මරු. රේගුවේ ඉන්නේ හොරුනම්, ගෙවල් පහලොවක් තියෙනවනම්, ඔය කියන විදිහේ දූෂණ ඇහැට දැක්කනම්, තැන තැන නිර්ණාමික කොමෙන්ට්ස් දාන්නැතුව අල්ලස් හෝ දූෂණ එකේ පැමිණිල්ලක්වත් දාන්නකො. (බ)