යෝජිත රේගු පනත වහා හකුලා ගන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති එකමුතුව අද (22) කොටුව රේගු මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.
යෝජිත රේගු පනත වහා හකුලා ගන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති එකමුතුව අද (22) කොටුව රේගු මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනත මොකක්ද කියලා දන්නේ නැහැ. ඒත් අනිවාර්යයෙන්ම මේගොල්ලන්ගේ නිකන් ඉඳිල්ල සහ අකාර්යක්ෂමතාව නම් නැතිවෙයි. ඒ නිසානේ උද්ඝෝෂණය කරනවා ඇත්තේ (නි)
රේගුව මේ රටට කොයිතරම් විශාල බදු ආදායමක් ලබාදෙන ආයතනයක්ද? මත්ද්‍රව්‍ය ජාවාරම් මොනතරම් වටළලා තියෙනවද? ඔවුන් පැය විසි හතරෙම රටවෙනුවෙන් කැපවෙන ආයතනයක්. මේ කරන්න හදන්නෙ ජාවාරම් කාරයන්ට පිනුම් ගහන්න පුළුවන් විදියට නීතිය වෙනස් කරන එකයි. (නි)
කවුරුහරි ලොකු දේශපාලඥයෙකුට කස්ටම් එකෙන් කරදරද දන්නෙ නැහැ (නි)
ටෙෂාන්, පනත මොකක්ද කියල අපි දන්නවා. අලුත් පනතෙයි පරණ පනතෙයි කොපියක් එවන්නද? සංසන්දනය කරලා බලන්න. රවී මුදල් ඇමති කරපු එක තමයි යහපාලනෙන් කරපු ලොකුම වැරැද්ද. (නි)
සමහරු නම් දැන් දැන් ඔවුන්ගේ අනාගත පරපුර 7ටම හම්බකරන්න මාර්ගය තනනවා වගෙයි (නි)
ප්‍රශාන්ත්, රාජන්, සාක්ෂි තිබේ නම් අදාළ බලධාරීන්ට හෙළිකරන්න. (නි)
රේගුව යනු රට වටා ඇති රන් වැටයි. වැටට හානි උනා කියන්නේ රටට ඕනෑම අයහපත් දෙයක් ඒමටත් ,රටින් ඕනෑම වටිනා දෙයක් පිට වීමටත් පුළුවන් බවයි .කොහොමත් ජාවාරම්කාරයෝ රේගුව විනාස වෙනවට කැමතියි . රේගුවේ වේවා වෙනත් ඕනෑම ආයතනයක හොරු ඉන්න පුළුවන් උනාට බහුතරය රට වෙනුවෙන් ඉන්න බව ක්‍රියාවෙන් පේනවා. ඒ නිසා රජයේ වගකීම වනුයේ කරන වෙනසක් ජනතාවට සෙත සැලසෙන අයුරින් කිරීමයි. (ර)
මේ රටේ රජයේ සේවකයන්ට පඩි ගෙවන්නෙ, නිදහස් අධ්‍යාපනයට යොදවන්නෙ, සෞඛ්‍ය සේවාව පවතින්නෙ මේ මිනිස්සු දවස ගානෙ රජයට හොයලා දෙන බදු ආදායමෙන්. පනත වෙනස් කළාම ඒ හැමදේටම වරදින විදියක් තමයි මට නම් පේන්නෙ. (නි)
නීතියත් වෙනස් කරලම වැඩේ දෙන්න වගේ ලෑස්තිය. අනේ යහපාලනය! (නි)
ටෙෂාන්, අනික් රජයේ ආයතන එක්ක බැලුවහම රේගුව කාර්යක්ෂමයි. (නි)
ඔය බදු හොරු, හොරු සමග හෙළුවෙන් කියන කතා ගැලපෙන්නේ රෙගු නිලධාරින්ටමයි කියන්නන් වාලේ නෙවේ ඕනනම් සාක්ෂිත් එක්කම අල්ලලා දෙන්නත් පුළුවන්. (බ)
ඇත්තටම රේගු නිලධාරීන් හොඳ මිනිස්සු කොටසක්. රේගු නිලධාරීන් සාමාන්‍ය මිනිසුන් වන අපිට ඔවුන්ගේ කාර්යාලයකට ගියාම වුණත් හොඳට උදව් කරනවා. (නි)
රාජන්, ඉතින් කියව කියවා ඉන්නෙ නැතුව අල්ලලා දුන්නහම ඉවරයිනේ. ටෙෂාන්, නොදන්නා දේවල් ගැන කතාකරනවට වඩා හොඳයි මුලින් දැනුවත්වෙලා ඉන්න එක. රේගු නිළධාරින් නිකන් ඉඳලා රාජ්‍ය ආදායමෙන් 51% ක් හොයලා දීලා තියෙනවා කියන්නේ සුපිරි වැඩකරුවො ටිකක් නේද. ඔය කියන විදිහට නිළධාරින් අකාර්යක්ෂම වුණොත් කන්ටේනර් පෝළිම හැදේවි අරලියගහ මන්දිරේ ගාවට විනාඩි පහෙන්. එතකොට වෛද්‍යවරු එහෙමත් නිකන් ඉන්න නිසා සහ අකාර්යක්ෂම නිසා වෙන්න ඇති උද්ඝෝෂණ කරන්නේ. තමන්ගේ වටේ අඟල් හතරක් ගැන නොදැන ලෝක සිතියම අඳින්න කතාකරන්න, මිනිස්සු එක්ක තමන්ගේ බඩවඩාගත් දේශපාලුවො රැලක් එකතු වුණාම රටකට දෙයියන්ගෙම පිහිටයි (නි)
අනේ මන්දා මේ වෙන දේවල් බලාඉන්නවා ඇරෙන්න අපි වෙන මොනවා කරන්නද? (නි)
රේගුවට අකාර්යක්ෂමයි කියන්න කාටවත් බැහැ. හැම අවුරුද්දෙම මුදල් අමාත්‍යංශයෙන් ලබාදෙන ආදායම් ඉලක්ක සපුරන ප්‍රධානම රාජ්‍ය ආයතනය තමයි රේගුව. මේවා මිනිස්සු තමන්ගෙ කැමැත්තෙන්ම පිනට දීලා යන සල්ලි නෙමෙයි. නිලධාරීන් කැපවීමෙන් වැඩකරලා තමයි බදු එකතුකරන්නෙ. ඔය ලොකු කතා කියන අයත් පිටරට ඉඳන් බඩු ගෙනාව වෙලාවට ගෙවන්නවෙන බදු අඩුකරගන්න හෝ නොගෙවා යන්න පොඩි හරි අවස්ථාවක් තිබුනොත් අතාරියි මේං කියලා. (නි)
ඔව් උදාර, අපි හැමදාම කළේ නුසුදුස්සන් පාර්ලිමේන්තු යවලා ඔවුන් කරන මෝඩකම් දිහා බලාහිටපු එකනේ (නි)
රේගු පනත විතරයි අද ඉතුරුවෙලා තියෙන්නේ. එ්කටත් පහර දෙන්න යන්නේ. අපරාදේ අපි මෙම ආණ්ඩුව පත්කරන්න ඡන්දෙ දුන්නේ. (නි)
රේගුව හොරකම් කළාද කියන එක නෙමෙයි ප්‍රශ්නය. සමහරු ඔවුන්ට හොරකම් කරන්න රේගු පනත වෙනස් කරන එක (නි)
හොරෙන්ම මේ පනත් සම්මත කර ගන්න කලින් ජනමාධ්‍ය ආයතන මේව රටට හෙළිකරන්න ඕන. එහෙම වුනොත් විතරයි රටේ මිනිස්සු ටිකක් හරි මේව තේරුම් ගන්නෙ. (බ)
අලුත් පනත ගෙනාවට පස්සෙ තියෙන්නේ කන්ටේනර් පිටින් කුඩු ගෙන්නන එකයි. අහුවුණොත් ඉතින් ඇතුළේ ඉන්න වෙන්නෙ අවුරුදු 6යිනේ. ඕක මොකක්ද? (නි)
අඬන්න ඕනෑලුනේ කිරි එරෙන්න (නි)
අපි නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)