කැබිනට් ඇමති ධූරයක් නොලැබීමෙන් යම් අසාධාරණයක් සිදුවී ඇත්නම් එය පෞද්ගලිකව තමාට නොව පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට සිදුවී ඇති බව නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දිවුරුම් දීමෙන් අනතුරුව ආණමඩුවට යන අතර තුර හලාවත - මාදම්පේ,තනියවල්ලභ දේවාලය අසල පැවති පිළිගැනීමේ උත්සවයක් අවසානයේ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
තනියවල්ලභ දේවාලයට පැමිණි රාජ්‍ය ඇමතිවරයා බෝධියට පැන් පුරා, සුවඳ කූරු දල්වා, බුදුන් වැඳ සහ දෙවියන් නැමැද පොල් ගැසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා! දැන් හිතෙනවා ඇමතිකම් වලට තුණ්ඩු අදින්නයි තිබුණේ කියලා. එහෙම වුණා නම් මේ මොන මැසිවිල්ලක්වත් නැහැ (නි)
මෙතුමා ජනතාවට ආදරයක් තියෙන්නේ අපිනම් ඕඅයිසි කලේ ඉදන් හොදට දන්නවා , තාමත් අපේ පැත්තේ මිනිස්සු මෙතුමාගේ දෙමව්පියෝ ආදරෙන් මතක් කරනවා (අ)
කතාව ඇත්ත තමයි (නි)
දැන් ඕවා ගැන දුක්වෙලා වැඩක් නැහැ (නි)
මම නම් ආසයි හැමෝම ඇමතිලා වෙනවා නම්. (නි)
අනේ මෙහෙමත් ජනතා නියෝජිතයෝ! (නි)
ජනතාවත් පොල් ගසන දිනය වැඩි දුර නැත (නදී)
ේදශපාලකයින් යනු කවදාවත් ජනතාවට සේවය කරන කට්ටිය නොවේ. ජනතාවගේ කරපිටින් ගිහින් තමන්ගේ වැඩ කරගන්න කට්ටිය (නි)
හරි හරි. දැන් ඔබතුමා මොකක්ද කරන්න කියන්නේ? (නි)
දැන් ඔය යාගහෝම නවත්වලා රටට සේවය කිරීම් පටන් ගන්න. ලංකාවේ සිටිනවා ඉතා දක්ෂ උගත් පරිපාලන නිලධාරීන්. ඔවුන්ගෙන් අවශ්‍ය උපදෙස් ලබාගෙන හරියට වැඩ කරන්න පටන්ගන්න. (නි)
දැන් ජනතාව මේ කතා වලට පුරුදුවෙලයි ඉන්නේ (නි)
කරුණාව මෛත්‍රිය වඩන්න මහත්තයෝ (නි)
පන්සල් ගිහිල්ලා ඊටපස්සේ පොල්ගහලා මොනවද ඔබතුමා පැතුවේ? (නි)
අනේ අපොයි! (නි)
තනතුරු පස්සේ යන අය ගැන මගේ කිසිම විශ්වාසයක් නැහැ. ජනතාවට වැඩක් කරන්න ඇමතිකම් ඕනෑ නැහැ. (නි)
පුදුම දුකක්නේ ජනතාව ගැන තියෙන්නේ (නි)
ඇමති මණ්ඩලය වහාම කැබිනට් සංශෝධනයකින් 20 ට බැස්සුවේ නැත්නම් වැඩිකල් යන්න කලින් රටම පාරට බහීවි (නි)
ජනතාවට වැඩකරන්න ඇමතිකම් ඕනෑ නැහැ. ඔබතුමාලා වැඩකරන්නේ සියලුම සැපසම්පත් අරගෙන. අපි නොමිලයේ ඔයාලට වැඩිය ජනතාවට සේවය කරනවා (නි)
මෙතුමාගේ ආනමඩුව ආසනයේ ප්‍රතිඵල කොහොමද? (නි)
ඕකට ඉතින් පොල් ගහන්න ඕනෑ නැහැනේ. (නි)