එකලස් කළ ජිප් රථයක් නිර්ව්‍යාජ ලෙස ඇගවීම සඳහා නිතීවිරෝධී ලෙස මොන්ටේරෝ රථයක ලියාපදිංචි සහතිකයක් භාවිතා කිරිමට පෙළඹවීම හා අනුබලදුන්නැයි චෝදනා යටතේ උසාවි කැඳවා සිටි නලීන්ද ජගත් හා රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාරට ඇප දීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජීනි වීරවර්ධන මහත්මිය අද (16) නියෝග කළාය.
රුපියල් ලක්ෂ 2 මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් ද නියම විය.
නඩුව මාර්තු 18 වැනි දා යළි කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරයි වෙනස! කොහොමද දැන් කට්ටියටම සතුටුද. කරුමෙටම මේ රටේ ඉපදුනානේ මේ විකාර බලන්න (නි)
මෙයා ඒකාබද්ධ විපක්ෂයේ නොවුණා නම් තත්ත්වය වෙනස් වෙන්නත් තිබුණා (නි)
බලාගෙන ගියාම පාර්ලිමේන්තුවම හොරු, මිනීමරුවෝ, මංකොල්ලකාරයෝ, කප්පම්කාරයන්ගෙන් පිරිලානේ. අනේ ඉතින් මෙහෙවූ රටක් කවදා ගොඩයයිද? (නි)
මෙයාලා විරුද්ධ පක්ෂයේ කට්ටියට හොරු හොරු කියලා කෑගැහුවට මෙයාලා කම්බ හොරුනේ. (නි)
ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා මොවුන්ට හොර ලේබලය අලවන්න එපා කියල. මොකද අර අපේ ගම්වල දුප්පත් මිනිහෙක් පොල් ගෙඩියක් හොරකම් කළාම කියන්නෙත් හොරා කියලනේ. ඒ මිනිසුන්ට අපහාසයක් වෙනවා මොවුන්ට හොරු කිව්වම. (නි)
පසුගිය රජයේ අය ව්‍යාපෘති වලින් කොමිස් ගත්තා. මේ අය නිකම්ම හොර වැඩ කරනවා (නි)
මෙයාලට ඉතින් කොහොමත් ඉක්මණින් ඇප ලැබෙනවනේ (නි)
පාර්ලිමේන්තුවේ ඉන්න බහුතර මන්ත්‍රීවරු දුෂිතයෝ. මේ අය තමයි මහජනයාට නීති හදන්නේ. (නි)
මෙයා ඒකාබද්ධ විපක්ෂයේ කෙනෙක් වුණා නම්...? ඔන්න වෙනස (නි)
නඩු අහල දඬුවම් ලැබුනොත්, රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාරට යහපාලන රජයෙන් පිටවන දොර පෙන්වීමට අගමැති තුමා සහ ජනාධිපති තුමා උත්සුක විය යුතුයි.(බ)
අමතක කරන්න එපා..... මේ මහත්මයට ළගඳි පොලිසියෙන් උසස්වීමකුත් දුන්නු බව..... අනේ අපොයි.....(බ)
තවම ඉතින් මෙතුමා වැරදිකාරයා වුනේ නැහැනේ. එහෙම වෙයි කියලා හිතන්නත් අමාරුයි. (බ)
ලජ්ජා වෙන්න එපා අනේ මේකට තමයි කියන්නේ ජහ පාලනේ කියල! ආ වැරදුනා, යහ පාලනේ කියල. (බ)
අරුන් හොරුබව දැනගෙන මේ අය පත්කර දැන් මුන් කම්බහොරුම වෙලා ජේ වී පී එකගැන විතරයි බලාපොරොත්තු තියාගන්න හැකි (බ)
රජයේ ඉහල නිලධාරීන්ගේ වරප්‍රසාද කඩවෙනවනේ හිරේ විලංගුවේ දැම්මාම. ඒක නීතියේ අය දන්නා නිසානේ මෙහෙම ඇප දීලා එලියට දාන්නේ. (බ)
මේ එක පොඩි සිද්ධියක් විතරයි. මහජන සේවය කියල ගිහිල්ල යන එවුන් කරන තරමක් කරන්නේ හොරකම්, ජඩකම්,මැරකම්, කුපාඩිකම්. පුදුමේ කියන්නේ මුන් මොනදේ කළත් මිනිස්සු ආයෙත් මුන්ටම ඡන්දේ දෙනව.(බ)
මෙයාල කතා කරද්දී නම් දෙවිවරු වගේ. .(රේ)
බලාගෙන ගියහම ජවිපෙ විතරය් හොරු නැත්තේ ..(රේ)
හොරකම් චෝදනා නැති, හොරු අල්ලන්න ඇත්තටම කැමති, ඒ බව ජනතාවත් හොඳටම දන්නා, උගත්කමත් ඇති ජවිපෙට ඇයි බලය දෙන්න කාලය හරි කියලා මිනිසුන්ට හිතෙන්නේ නැත්තේ? උගත් පරපුර අතර නම් දැන් මේ මතයට ඇවිල්ලා තියයන්නේ (නි)
වෙන පක්ෂයකට ඡන්දය දාලා ඇවිල්ලා ජවිපෙ දිනයි කියලා බලා ඉන්න මිනිස්සු තමයි අපේ ගම් වල ඉන්නේ. ඒකයි අවාසනාව. (නි)
පරණ පක්ෂ දෙකේම ඉන්න පරණ දේශපාලඥයො බහුතරයක් තාම ඉන්නේ ඒකාලේ. අපි නමස්කාර කරලා වදින්න ඕනේ. නිතිරිති නැහැ. එයාලා කැමති අයට රස්සාවල් දෙන්න ඕනේ. එයාලට රජයේ දේවල් ගෙදර ගෙනියනන් පුවවන් වගේ මත වල ඉන්නේ. (හේ)
දියවන්නා යන අය සජිවි සාකච්ඡා වලට ගෙන්වන කොට ඒ අයගෙ නමට යටින් අධ්‍යාපන සුදුසුකම් දාන්න. එතකොටවත් ස්වයං ලැජ්ජාවක්වත් හිතිලා ඊළඟ පාර ඡන්දය ඉල්ලන එක්ක නැහැ. අපි මෝඩයෝ වෙනවා නුගතුන්ට ගරු එතුමා එතුමිය කියලා මල්මාලා දානකොට.(හේ)
මගේ යාළුවෙකුත් ගියපාර ඡන්දය දාලා ඇවිත් මට කිව්වා මේ පාර නම් ජවිපෙ සෑහෙන්න දිනයි. මොකද මිනිසුසු හරි කැමතියි කියලා. මම ඇහුවා ඔයා දැම්මද කියලා, නැහැලු. එයා ඡන්දය දිලා තියෙන්නේ වෙන එකකට. ඕක තමයි ඇත්ත තත්ත්වය.(හේ)
ප්‍රධාන පක්ෂ දෙකේ දේශපාලනය ගෑවුණ කෙනෙක් ඇත්නම් එයාලගෙ දරුවො ඉගෙනගෙන තියෙන්නේ පිටරට වල. මෙහෙ ඉස්කොලේ යන්නෙ කාර් වලින්. ගෙවල් මාළිගා වගේ. වාහන නැව් වගේ. එහෙම වෙන්නේ කොහොමද? සල්ලි කොහෙන්ද? (නි)
මෙවැනි චෝදනා ලබපු අයට "ගරු" කෑලි දාලා කතා එපා. ලක්ෂ ගණන් වැටුප් ගන්න, විශ්‍රාම වැටුප් ගන්න, වාහන, ඉන්ධන, සේවකයින්, නිල නිවාස, විදෙස් සංචාර නීතිමය වශයෙන්ද ගන්නා අයට මොන "ගරු" ද? (නි)
ජවිපෙ විතරයි හොරු නැත්තේ. නමුත් අපේ අය ඡන්දෙ දෙන්නේ හොරුනටමයි. හොරකම විතරක් නෙමෙයි උගත්කමවත් නැහැ. ජවිපෙ අය කපටි සූට් එක අඳින්නෙ නැති නිසා ඒ අයව ඇමතිලා වගේ අපේ අයට පේන්නේ නැහැ. ඒකයි ප්රශ්නය (නි)
එකපාරක් ජවිපෙට බලය දීලා බලන්න ඇත්නම් අපිට තිරණය කළහැකියි කවුද රට පාලනයට සුදුසු කියලා. නිල් කොළ දෙකේම හොරු, නූගත්තු, චණ්ඩි පිරිලා. මේවා දකිනකොට අප්පිරියයි. (නි)
ලැජ්ජයි අපිට නම් මේවා අහනකොටත් (නි)
අනුෂා පවතින තත්වය ඉතාම සරලව විස්තර කරලා තියෙනවා. ඉදිරියට එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.(හේ)
මිනිස්සු වෙනසට බයයි. (හේ)