IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රේගු තුන්දෙනාගේ පරීක්ෂණ අගහරුවාදා අවසන්?

රේගු නිලධරයින් තිදෙනෙක් මෝටර් රථ අමතර කොටස් ආනයනකරුවෙකු ගෙන් රුපියල් ලක්ෂ 1250 ක අල්ලසක් ගැනීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කටයුතු හා ප‍්‍රකාශ සටහන් කරගැනීම් ලබන අඟහරුවාදා වන විට අවසාන කරන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසමට නියෝග කළේය.

ශී‍්‍රලංකා ගමනාගමන මණ්ඩලයේ මූල්‍ය කලමණාකාර බන්දුල සිල්වා මහතාට හා උපදේශක එච්.එම්.සෙනෙවිරත්න මහතාට මෙම මස 28 හා 29 යන දෙදින අල්ලස් කොමිසමට පැමිණ ප‍්‍රකාශ ලබාදෙන ලෙසටද මහේස්ත‍්‍රාත්වරයා නියම කළේය.

පරීක්ෂණය අවසානයේ අනාවරණය වන තොරතුරු සළකා බලා රේගු නිලධරයින් තිදෙනාට ඇප ලබාදීමට පියවර ගන්නා බවද හෙතෙම පැවසීය.

එසේ ඇප ලබාදීම සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නොමැති බව අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම කියා සිටියේය.

 



අදහස් (0)

රේගු තුන්දෙනාගේ පරීක්ෂණ අගහරුවාදා අවසන්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site