රේගු නිලධරයින් තිදෙනෙක් මෝටර් රථ අමතර කොටස් ආනයනකරුවෙකු ගෙන් රුපියල් ලක්ෂ 1250 ක අල්ලසක් ගැනීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කටයුතු හා ප‍්‍රකාශ සටහන් කරගැනීම් ලබන අඟහරුවාදා වන විට අවසාන කරන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසමට නියෝග කළේය.

ශී‍්‍රලංකා ගමනාගමන මණ්ඩලයේ මූල්‍ය කලමණාකාර බන්දුල සිල්වා මහතාට හා උපදේශක එච්.එම්.සෙනෙවිරත්න මහතාට මෙම මස 28 හා 29 යන දෙදින අල්ලස් කොමිසමට පැමිණ ප‍්‍රකාශ ලබාදෙන ලෙසටද මහේස්ත‍්‍රාත්වරයා නියම කළේය.

පරීක්ෂණය අවසානයේ අනාවරණය වන තොරතුරු සළකා බලා රේගු නිලධරයින් තිදෙනාට ඇප ලබාදීමට පියවර ගන්නා බවද හෙතෙම පැවසීය.

එසේ ඇප ලබාදීම සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නොමැති බව අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම කියා සිටියේය.