කැකිරාව මඩාටුගම මුරුංගා හිටි කන්ද රක්ෂිතයේ කැලෑ ගස් දෙදහසක් පමණ ගස් පිටින් උගුල්ලා කොළඹට රැගෙන යතියි ගැමියෝ කියති.
දැනටම ගස් 2500ක් පමණ රැගෙන ගිය වළවල් රක්ෂිතයේ ඇත.
ඉහළ පෙලේ දේශපාලනඥයන්ගේ නම් යොදා ගනිමින් මේ ගස් ගෙන යන බවත්, කටු පදුරු සහිත ගස්, බොල්පනා, ඇහැළ, කළුවර, බුරුත ආදී ගස්වල මුල ආසන්නයේ පස් ඉවත්කර කොහුබත් හා පස් මිශ්‍රනයක් සහිතව එම ගස් ගෙන යෑමට සූදානම් කර ඇත.
රක්ෂිත මායිමේ නිවසක් අසළ එම ගස් රැසක් තබා ඇත.
කැකිරාව වන සංරක්ෂණ කාර්යාලයේ බීට්ටුවන නිලධාරී බී රන්දෙනිය මහතා පැවසුවේ එම ගස් පෞද්ගලික ඉඩමකින් ගලවන බවයි.
එහෙත් රක්ෂිතය ඇතුළෙන් ගස් ගලවා පෞද්ගලික ඉඩමක් අසලට ගෙන එතියි ගැමියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු ලංකාවම දැන් දේශපාලුවන්ගේ පුද්ගලික ඉඩමක් වෙලා (නි)
පුද්ගලික කිය කිය අපේ රටේ හරිත වන කැලෑව විනාශ කරනවා. මහ ගස් ටිකත් බල පුලුවන්කාර උදවිය කපා ගෙන යනවා. (නදී)
රටේ සිදුවෙන වංචා දුෂණ පරිසර හානි....99% සිදුවන්නේ සත්ගුණවත් දේශපාලකයෝ අතිනි.අතීත වාර්තා අරගෙන බලන්න එම සියලු සිදුවීමකටම දේශපාලකයෙකු සම්බන්ධ වී ඇති අයුරු. (නි)
වන සංරක්ෂණ නිලධාරීන් කියන්නෙත් ඇට මස් නහර වලින් හැදුනු මිනිස්සු. මේ අයත් තම රාජකාරියට වගේම ජීවිත වලටත් ආදරෙයි. මේ කාලයේ රටේ සිදුවන ක්‍රියාවන් දෙස හොඳ සිහි බුද්ධියෙන් බැලුවොත් පෙනේවි රාජකාරිය හරියට කරන්න ගිය අයට උන දේවල්. පාතාලයොත් එක්ක හැපුනත් දේශපාලකයොත් එක්ක හැපිලා බේරෙනවා බොරු. පුද්ගලික ඉඩමකින් ගස් ගලවා ප්‍රවාහනයට අවසර ගෙන මෙම ජාවාරම කරනවා ඇති. බී එෆ් ඔ යනු දෙපාර්තමේන්තුවේ වන වගාවන් භාරව ඉන්න නිරායුධ නිලධාරියෙක්. ඊට ඉහල ඉන්න නිලධාරීනුත් මෙම නීති විරෝධී ක්‍රියාවට ඇත නො තබයි නම් දේශපාලනගේ බලපෑම තදින් ඇති. (ස)
කැකිරාවේ ඉදලා කොළඹට මේවා ගෙනෙන්න කොපමණ ප්‍රවාහන වියදමක් යනවද?කොළඹ නගරය අලංකාර කිරීම භාරව ඉන්න අය ටිකක් කිරිවත්තුඩුවේ රාජපක්ෂ ක්‍රීඩාංගනය පිහිටි අවට පාරදිගේ පොඩ්ඩක් ගිහිල්ලා බැලුවා නම් දැකගන්න පුළුවන්නේ එහි පාර දෙපස කොච්චර ලස්සනට අලංකාර වෙන විධියට බට් කර ඇති කොස් පැල සිටවලා තියෙනවද කියලා. ඒ දර්ශනය නම් දෙනෙතට ඉහාම රසදුනක්. කැලේ ගස් හිටවන විට වඩා කොච්චර හොඳද කොස්ගස් වගේ ගස් වර්ග හිටවන එක. (නි)
මුළු සමාජයම වල්මත් වෙලා.සදාචාරය කානු පල්ලේ. (නි)
මෙහි පැති දෙකක් තිබෙනවා. එකම වර්ගයේ පැල විශාල ලෙස එකම තැනක තිබේ නම් ඒවා නිසි පරිදි සුදූසු අධීක්‍ෂණයක් යටතේ ගලවා ගෙන ගොස් ඒවා වැවෙන පරිසරයක පැල කලාට වරදක් දකින්න බැහ., එය හොඳ දෙයක්. පිට රටවලද මෙවැනි වැඩ පිළිවෙලවල් ඇත. නමුත් දේශපාලන, බල පුළුවන් කාරකම් යටතේ පුද්ගලික සුඛ විහරණය හෝ ලාභ අපේක්ෂාවෙන් එය කරනවා නම් දඩුවම් කල යුතුය. අනික මව් වනයට කිසි සේත්ම මෙය හිරිහැරයක් නොවිය යුතුමය. මේ සඳහා උගත්, වන වගාවන් පිළිබද දන්නා උදවිය සිටිය යුතුය. එවිට ලංකාව තවත් ලස්සන වේ. එහෙම වෙයිද අපේ ලක් බිමට? එතනයි ගැටලුව. (ස)
ඇඹිලිපිටිය ඔරලෝසු කණුව ළඟ ඉඳලා ජනාධිපති විද්‍යාලය දක්වා මාර්ගය මංතීරු හතරක් දක්වා පළල් කිරීමට නගර සභාව පියවර අරන්. ඒ මාර්ගය දෙපස ඉතාම දැකුම්කලු ගස් වවලයි තියෙන්නේ. ඒ ගස්වල එක කාලයකදී කොළ ඔක්කොම හැලිලා මුළු ගහම රෝස පට මල්වලින් පිරෙනවා. හරියට ජපානයේ සකුරා මල් වගේ. පාර දෙපැත්ත කියන්න බැරි තරම් ලස්සනයි. නමුත් මාර්ගය පළල් කිරීමේදී මෙම ගස් ගලවන්න වෙනවා. ලංකාදීපයේ මහත්වරුනි, කරුණාකර නගර සභාවට දැනුවත් කරන්න මෙන්න මේ විදිහට ඒ ගස් ටික ගලවලා මේ තාක්ෂණය යොදාගෙන නැවත මාර්ගය දෙපස හිටවන්න කියලා. (නි)
මගේ යාලුවෙක් කියපු කතාවක් මට මතක් වෙනවා."මේ දේශප්‍රේමීන් කවදාවත් සල්ලි දැකල නැති අය .අතට අහු වෙන දේ විකුණම් කනවා". (ස)
ගස් විතරක් නෙමෙයි, රටත් වනසනවා .කව්ද බලන්නේ ඕවා ඉතින්? (නි)
ඔන්න අපේ දේශපාලකයෝ කරන වැඩ. යාපනේ ජනතාව ආණ්ුඩව ගැන පැහැදිලිවම කිව්ව කියමන බොහොම බුද්ධිමත්ව විශ්ලේෂණය කරලා බැලුවේ නැත්නම් මේ රට නැවත්ත පරණ තැනටම වෙනත් ආකාරයකින් වැටෙනවා. (නි)
ලංකාව පුරාම තිබුණු රජ කාලෙ නිධාන ගිල්ල අයත් හිටියා. මෙහෙම වැඩත් කරනකොට අහන්න තියෙන්නේ 'නැව් ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක්ද' කියලා තමයි. (නි)
දන්නෝ දනිති නේද හොරා? (නි)
අනේ මෙහෙමත් කාබාසිනියාකාරයෝ?කොළඹ කොන්ක්‍රිට් වලින් පුරවලා, පස්සේ ගමේ තියෙන වටිනා ගස් කොලං ටික උදුරාගෙන ගිහිල්ලා මහ ලොකුවට වීදි අලංකාන වැඩසටහන් කරනවා. ඒවට සම්මානත් අරගන්නවා.අන්තිමේට ගමේ අයට මුකුත් නැහැ. මේක තමා හැමදාම වුනේ. කොළඹට කිරි-ගමට කැකිරි කියන්නේ නිකන් නෙමෙයි. (නි)
අනාගතයේදී ලංකාව සහරා කාන්තාරයක් වේවි (නි)
ගස් කපන අමනයන්ට යන්නට අපායක් නැත (නි)
පිටරට යවන්නේ නැතුව ලංකාවේ කොහේ හරි මේ ගස් තියෙනවා නම් හොඳයි. ඕවා නවත්වන්න බැරි බව අපි හැමෝම දන්නවා. එම නිසා පාඩුව අවම කරගෙන සතුටු වෙමු. (නි)
නීතිය රකින්න ඉන්න අය කොහෙද? එහෙම නැත්නම් බලවතුන්ට බයේද? සිංහරාජෙත් ගස් කපලා අරන් ගියා අපි දැක්කා. මේවා කරන අයට නම් බේරිලා යන්න දෙන්න එපා. මිනිස්සු එක් වෙන්න ඕනෑ රට බේරන්න නම්. (නි)
තොත්ත බබාලද අඩවි වන නිලධාරීන්? (නි)
වන ජීවී දෙපාර්තමේන්තුවක් තියෙන්නේ මොකටද ලංකාවේ..?කැලේ ඉන්න අසරණ සතුන්ව දඩයම් කරලා දේශපාලකයින්ගේ සාදයන්ට දෙන්න විතරද..? මේවා ගැන හොයා බලන්නේ ජනතාව කිවුවොත් පමණද ..? (නි)
අනේ ඔය අදහස් දාන අය නැවත වතාවක් මෙයලටම නේද කතිරේ ගහන්නේ? ඉතින් කට වහගෙන වෙන දේ බලාගෙන ඉන්න හොදේ. (නි)
මෙය ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න. ප්‍රදේශයේ ජනතාවට අපගේ උපහාරය! අපි හැමෝම අවදියෙන් සිටිය යුතුයි (නි)
මේක රට අස්ථාවර කිරීමට සහ රජය අපකීර්තියට පත් කිරීමට ඩයස්පෝරාව සහ බටහිර අධිරාජ්‍යවාදීන් කළ කුමන්ත්‍රණයක්. (නි)
මේක විහිළුවක් නෙමෙයි. කැළෑ රක්ෂණය ගස් ගලවන විදියක් තියෙනවා. ආපහු හිටවන්න ඕනෑ ගලවන තැන්වල. හොරු ඒවා කරයිද? අවසර දෙන අය මේවා හොයන්න නීති ක්‍රියාත්මක කරන්න ඕනෑ. මේ විනාශයට විරුද්ධව මිනිස්සු එක හඩින් කැගහන්න ඕනෑ. ටිකිරි වගේ අය ඉස්සරහට එන්න රට ඉතුරු කර ගන්නනම්. (නි)
වැඩුණු ගස් රූට් බෝල්ඩ් ක්‍රමයට නැවත වෙනත් තැන්වල සිටුවීම අමුතු දෙයක් නෙමෙයි. ශම්ලා දඹුල්ල කියනවා වගේ කොළඹ අලංකාර කිරීමේ වරද මොකක්ද? කැලේ මේ ගස් නැවත පැළ වේවි. හැබැයි ඒකටත් වැඩපිළිවෙලක් තිබිය යුතුයි. මොනවා වුණත් මෙතන සිද්ධ වෙන්නේ ඇත්තෙන්ම හොර තක්කඩි කැලෑ පාලුවෝ ටිකක් එකතුවෙලා වන සම්පත වැනසීමක් නම් වහාම බලධාරීන් මැදිහත් විය යුතුයි. මේ වගේ දෙයක් ඇයි ප්‍රසිද්ධියක් දීලා කරන්න බැරි? මටත් සැකයි. (නි)
බීට්ටු වන නිලධාරීතුමා එහෙම පවසනවා නම් එතුමා කැළේ රාජකාරි සඳහා සුදුසු නොවේ. (නි)
රහස් පොලිසිය මේ ගැන සොයා බලයි කියා මම හිතනවා. හොරුන් කවුරු වුණත් රකින්න නම් එපා. (නි)
පළාත් සබා ඡන්දයට පෙර කොළොම්පුරේ අලි වැටක් ගහන්නවද්ද? (නි)
ඉහළ පෙලේ දේශපාලකයන් අද කාලේ මොනවද නොකරන්නේ? (නි)
හේවාවිතාරණ මහත්තයෝ, අනාගතයේදී ලංකාව සහරා කාන්තාරයක් වුණාට මොකද වෙන්නේ? එතකොට අපි රට ඉදි හිටවනවා. රට ඉදි රට යවනවා. කාටද ආඩම්බර? (නි)
ඇගට පතට නොදනී බොරු කිව හැකි මහත්වරු සිටීම ගැන පුදුම නොවෙමි,රුපියල් සත සහ මැර බලයට යට වන නිලධාරීන් සිටින රටක. (නි)
වන සංරක්ෂණයේ අය ලංකාදීප එසැණ පුවත් දුටුවද දන්නේ නැහැ. (නි)
නීතිය තියෙන්නේ පොඩි මිනිහට දඩුවම් දෙන්න විතරනේ. (නි)
මේවා හෙණගහන අපරාධ.කරන අය මහා ලොකු බලවත් අය වෙන්න ඇති.ඒකයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ.නමුත් දේශහිතෛෂි මිනිසුන් එකතු වුණොත් බලවත් අයටත් යන එන මගවත් හොයාගන්න බැරුව යයි . (නි)
මෙය පොදු රාජ්‍යය සමුළුව වෙනුවෙන් කොළඹ ලස්සන කිරීම සදහා වෙන්න ඇති. මෙයට සහයෝගය දෙමු. ගස් කපන්නේ නැහැ, නැවත සිටුවීම සඳහා ගළවනවා. (නි)
කෝකටත් එක්ක වැඩේ අගය කරමුකෝ (නි)
කුඩු කන්ටේනර් ගණන් නිදහස් කරගන්න රටේ ඕවත් මොනවද මහත්තයෝ.(නි)
රටේ ගහ කොළ සතා සිව්පාවුන්ට මේ තරම් විනාශයක් ගෙන දුන්න කාල පරිච්ඡේදයක් මම මගේ අම්මා මුත්තා කිරිකිත්තා කාලෙදිවත් අහලා දැකලා නම් නැහැ.(නි)
මේක අපේ රට නම් රටේ කොතන ගස් හිටවපුවාම මොකද? (නදී)
රට ජාතිය ගැන සිතා සර්ව බලදාරී දේශපාලක උතුමෙකුගේ වැඩ වලට හරස් වන්නට ගොස් නිලධාරින්ට රැකියාව නැති කර ගත හැකිද? මේ ගොල්ලන්ට පිළිතුරු දිය හැක්කේ ඡන්දයෙන් පමණි. එහෙත් වහල් දේශපාලනයට හුරුවූ ඡන්දදායකයන් සහ බෞද්ධ හාමුදුරුවරුන් වැඩි පිරිසක් ඉන්න රටක කෙදිනකවත් එය සිදුවන්නේද නැත. (නි)
දෙසපාලකයෙක් සම්බන්ධ නම් අහන්න දෙයක් නැහැ ඕක හොර ජාවාරමක්. ගස් ගැලෙව්වේ නෑ ඉබේ ඇවිදගෙන ආවා කියාවි.(නදී)
මිනිස්සු වැරදී කරනවා, මම එංගලන්තෙට ගේනවා රම්පෙ කරපිංචා නුග කන්කුන් නිදිකුම්බා ඒවා හොඳට හැදිලා තියෙනවා තව ගොඩක්.(නදී)
ගස් ගලවන රටේ ගස් හිටවන එක වැරදිද කොළඹ ලංකාවේ නොවෙයි වගේ සමහරු හිතාන ඉන්නෙ අනේ මෙහෙම මිනිස්සු (නදී)
ඇත්තටම දුකයි, ඒත් අපිට කරන්න කිසිම දෙයක් නැහැ. (ස)
ටිකිරි බණ්ඩෝ, මේවා මොනවද? ගෝලීයකරණය තුලින් කාර්මික කරණය වෙලා. කාර්මික කරණය තුලින් නවීකරණය වෙලා. නවීකරණය තුලින් නාගරිකකරණය වෙලා. නාගරීකකරණය ලස්සන කරන්න තමයි මේ ගස් අරන් යන්නේ.(නදී)
නවතන්න හොරකමක්. අති විශාල මුදලකට හෝටලට විකුනනවා.(නදී)