(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඇතැම් රක්ෂණ සමාගම් අසාධාරණ රක්ෂණ වාරික නොගෙවූ අහිංසක ගොවීන්ගේ මෝටර් සයිකල්, ටැක්ටර්, ගොවි උපකරණ මෙන්ම පාසල් ප්‍රවාහන බස්රථ 1500 ක් පමණ මෑත කාලයේදී උස්සාගෙන ගොස් ඇතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
කල්ලතෝනි ක්‍රමය කළු කඩ ක්‍රමය අද රක්ෂණ සමාගම්වලට රිංගා ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා රක්ෂණ සමාගම් කරන මේ අසාධාරණ කටයුතු නැවැත්වීමට වහා මැදිහත් වන්නැයිද ඉල්ලීමක් කළේය.
වලේබොඩ මහතා මෙසේ ඉල්ලා සිටියේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට ප්‍රශ්නයක් යොමු කරමිනි.
ගාමිණී වලේබොඩ මහතා මෙසේද සඳහන් කළේය.
ඇතැම් රක්ෂණ සමාගම් කොරෝනා කාලේ ගෙවල්වල තිබිච්ච වාහනවලින් පවා අසාධාරණ වාරික අය කරගෙන කෝටි ප්‍රකෝටි ගණනින් ලාභ ලැබුවා. ඒ කාලේ ගොඩක් වාහන තිබුණේ ගෙවල්වල. නමුත් ඒ අය ඒක බැලුවෙ නැහැ. අසාධාරණ විදියට රක්ෂණ වාරික අය කරගත්තා. මේ විදියේ අසාධාරණ කූට වැඩ කරන රක්ෂණ සමාගම් රජයට නිසි පරිදි බදු ගෙවලා තියෙනවද කියලා හොයන්න ඕන.
ඒක ඔබතුමා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ එකතු වෙලා බලන්න ඕන. අද වෙනකොට අසාධාරණ වාරික නොගෙවු වාහන එක්දහස් පන්සීයක් විතර උස්සගෙන ගිහින් තියෙනවා. මේක ඉතා වැදගත් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලබා දෙන්න කියලා මම ඉල්ලනවා. අහිංසක ගොවියන්ගේ මෝටර් සයිකලෙන් ට්‍රැක්ටරයෙන් ගොවි උපකරණවලින් අසාධාරණ ලෙස වාරික එකතු කිරීම නවත්වන්න.
සමහර රක්ෂණ සමාගම් ඔවුන්ගේ රක්ෂණ වාරික දෙගුණ කරලා. වත්කම් වටිනාකම වැඩි කරලා තමයි ඔවුන් ඒක කළේ. වටිනාකම් නැති දේපළ වටිනාකම් සහිත දේපළ කියලා හඳුන්වලා ලොකු වාරික අය කරනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා:
රක්ෂණ සමාගම් තියෙන්නෙ රක්ෂණ නියාමන කොමිසම යටතේ. කොමිසම තියෙන්නෙ මුදල් අමාත්‍යාංශය යටතේ. මම මේ සම්බන්ධයෙන් කොමිසමේ අවධානයට යොමු කරනවා. ඒ වගේම රක්ෂණ සමාගම් නිසි ආකාරයට බදු ගෙවනවද කියන එකත් සොයා බලනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාට අපගේ ගෞරවය පුද කරමු. මේ රක්ෂණ ආයතන කරන මේ පහත්ආ,නින්දිත ආකාරයෙන් අසරණ ගොවියන් සාමාන්‍ය මිනිස්සු ගසාකන එක ගැන කිසිම කෙනෙක් පාර්ලිමේන්තුවේ මේ වනතෙක් කටක් ඇරලා නෑ. පුදුම අසාධාරණ විදියට මිනිස්සු ගසාකන්නේ. මංකොල්ල කාරයෝ, කප්පම් කාරයෝ වගේ. මුදලම ජීවිතේ කරගෙන ඉන්න රක්ෂණ කාරයන්ට සාමාන්‍ය මිනිස්සු ගැන මොන කැක්කුමක්ද.
මේවා ෆිනෑන්ස් කම්පැණි...
මේ කියන්නේ රක්ෂණ වාරිකද ලීසිං වාරිකද? කෘෂි උපකරණ රක්ෂණය කරන්න අනිවාර්ය නෑ. අනික වාහනවල මිල ඉහළ ගියාම ඒ ඉහළ ගිය මිලට තමයි රක්ෂණය කරන්නේ..., ඒක ගෙවන එක අවුල් නම් වාහනේ ගෙදරම නම් තියෙන්නේ තර්ඩ් පාටි දැම්මා නම් හරි....