ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයේ සිටියදී අසාධාරණ ලෙස සිය රැකියාව අහිමි කිරීම නිසා රුපියල් ලක්ෂ 30ක හිඟ වැටුප හා නැතිවූ රැකියාව යළි ලබා දෙන ලෙස ඉල්ලා පානදුරයේ කාන්තාවක් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු වගඋත්තරකරුවන් අට දෙනෙකුට එරෙහිව ශ්‍රේෂඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
මෙලෙස පෙත්සමක් ගොනු කර ඇත්තේ පානදුර පදිංචි පී.ජී. තරංගි නිර්මාලි ද සිල්වාය.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, වත්මන් ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන්, ජනාධිපති අතිරේක ලේකම් ඞී.එස්.ගුණරත්න යන මහත්වරුන්, ඇතුළු අට දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර තිබියදී සේවය අතහැර ගියාසේ සලකමින් දේශපාලනික පලිගැනීමක් මත තම රැකියාව අහිමි කර ඇතැයි පෙත්සම්කාරිය සිය පෙත්සමින් කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු හබ වලින් රට පළමු තැන (ම)
වික්‍රමබාහුට හිඟ වැටුප් සමඟ රැකියාව ලැබුණා නම් මේ කාන්තාවටද ලැබිය යුතුයි. (අ)
එතුමිය වෙනුවෙන් සදරණය ඉටු කරන්න එතුමියගේ රැකියාවෙන් කි දෙනෙක් යැපෙනවා ඇද්ද ? (ම)