
( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ යම් පිරිසකට අසාධාරණයක් සිදු වී ඇතැයි පවසමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සංවිධානය කළ විරෝධතාවක් ජනධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද (18) පැවැත්විණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව සියලු උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩ පිළිවෙල මහමැතිවරණයට පෙර ක්‍රියාත්මක වුවත්, එය අතරමග නතරකිරීමට සිදුවුයේ මැතිවරණ කොමිසම එයට මැදිහත්වීම නිසාය. ඒ වනවිටත් පත්වීම් ලද බොහෝ උපාධිධාරීන් රජයේ උපදෙස් මත ඔවුන්ගේ ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත වාර්තාකර පත්වීම සහතිකකොට ගෙන තිබුණි.
එනමුදු පසුගියදා නැවත පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ වෙබ්අඩවිය තෝරා ගත් රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනයක් මුදා හැර තිබුණි.
මහමැතිවරණට පෙර පත්වීම් ලිපි ලබා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත වාර්තාකර පත්වීම සහතිකකොට ගෙන තිබුණු උපාධිධාරීන් බොහෝ පිරිසක් මෙම නාම ලේඛනයට අනුව සුදුසුකම් ලබා නොතිබිණ.
එසේ සුදුසුකම් නොලැබීමට හේතුව ලෙස එම වෙබ්අඩවියේ සටහන් කර තිබී ඇත්තේ මෙයට පෙර වෙනත් රැකියාවක නිරතව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික අංකයක් ලබා සිටීමත් , විදේශීය විශ්වවිද්‍යාලක් සමග අනුබද්ද මෙරට පුද්ගලික විශ්වවිද්‍යාලක් මගින් උපාධිය ලබා තිබීමත් යන කරුණුය.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය තම විරෝධතාව දක්වමින් රජයෙන් ඉල්ලා සිටියේ සති දෙකක් වැනි කාලයක් තුළ මෙසේ අසාධාරණයට ලක්වූ රැකියා නොලැබුණු උපාධිධාරීන්ට වහාම සාධාරයක් ඉටූ කරන ලෙසය.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ට රැස්වූ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් එතැන් සිට විරෝධතා පගමනකින් ජනාධිපති ලේකම් කාර්යය දක්වා පැමිණියේය.
පොලිසියේ මැදිහත්වීමෙන් පසු සංගමයේ ක්‍රියාකාරීන් පිරිසක් ජනධිපති කාර්යාලය වෙත ගොස් තම ගැටලුව පිළිබඳව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශ්‍රීනාත් ගමගේ මහතා සමග සාකාච්ඡා කල බවත් ඔහුගේ පොරොන්දුව වුයේ සති දෙකක කාලයකින් පසු සුභදායක පිළිතුරක් ලබාදෙන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියන් මාධ්‍ය සමග පැවසීය.
තව දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ අනිවාර්යෙන් සති දෙකක් ඇතුළත මෙම මහා අසාධාරණට නිශ්චිත සාධාරණ විසඳුමක් නොලැබුණොත් සියලු රැකියා විරහිත උපාධිධාරීන් සමග පාරට බස්සවා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරක් සිදුකරන බවත්ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම ටික ගෙදර යවන්නයි තියෙන්නේ. නාස්තිකාර වැඩක්....
මිනිස්සු බැණ බැණ හිටියා ආණ්ඩුවේ විශ්ව විද්‍යාල සිසුන් රැකියා වෙළඳපලට ඔබින්නේ නෑ කියලනේ.. දැන් බැලුවාම විදේශ විශ්වවිද්‍යාල සිසුන් එහෙම්ම තමයි. අපි බදුගෙවලා මේ දෙගොල්ලොම නඩත්තු කරන්න වෙලා...
අපොයි හාමුදුරුවනේ, කොහෙද ඔය ඉන්නේ?
උපාධිය නිසි ලෙස සම්පූර්ණ කර තිබේ නම් නිකං දෙන ඒවා පස්සෙ දුවන්නේ මොකටද?
හැම දේකටම හාමුදුරුවො කෙනෙක් ඉන්නවා...
පට්ට බැලන්ස් එකක්නේ තියෙන්නේ... යකඩ වැටක් උඩ හිටගෙන ඉන්න එක...