වසර 8ක පමණ කාලයක සිට මධ්‍යම පළාත් රක්නා ලංකා ආරක්ෂක අංශයේ සේවය කළ සේවකයන්ගේ රැකියාවන් නැවත ලබා දෙන ලෙස ඉල්ලමින් එහි සේවකයෝ අද (01) එම ආයතනයේ මධ්‍යම පළාත් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදුණහ.
උද්ඝෝෂකයන් පැවැසුවේ රක්නා ලංකා ආරක්ෂක අංශයේ සේවකයින් බැංකු, විශ්ව විද්‍යාල, ටෙලිකොම් වැනි ආයතනවල ආරක්ෂක අංශ වල සේවයේ නියැළුණු බවත් ටෙලිකොම් ආයතනයේ ආරක්ෂක අංශයේ සේවය කළ සේවකයින් 140 කට පමණ සියලු බඩු භාහිරාදිය බාරදී රැකියාවට නොයෙන ලෙස දන්වා ඇති බවත්ය.
රක්නා ලංකා මහනුවර ප්‍රාදේශිය කාර්යාලයේ කළමනාකරු කර්නල් කේ. ජී. කුලතුංග මහතා පැවැසුයේ ටෙලිකොම් ආයතනයේ ඉවත් කළ සේවකයින් කිසිවකු සේවයෙන් පහ කිරිමක් නොකළ බවත් ටෙලිකොම් ආයතනය මගින් වසරෙන් වසර එහි ආරක්ෂක නිලධාරින් ලබා දිම දිර්ඝ කළත් මේ වසරේ එය දීර්ඝ නොකළ නිසා මේ සම්බන්ධව සාකච්ඡා කිරිමට රක්නා ලංකා මහනුවර ශාඛාවේ ආරක්ෂක අංශයේ සේවකයන්ට කොළඹ ප්‍රධාන කාර්යාලයට මෙම මස 5 වැනිදා පැමිණෙන ලෙස දන්වා ඇති බවත්ය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්ථාවර බව රටට අසුබය (නි)
මේත් අපි වගේ මිනිස්සු. අපි ඔවුන් ගැන සිතා බැලිය යුතු නොවේද?? (නි)
මෙතන වෙලා තියෙන්නේ වාර්ෂික ගිවිසුම අලුත් නොකළ නිසා ආරක්ෂාව සැපයීමෙන් ඉවත්වීමක්.මේගොල්ලන්ගේ සේවය අරන් තියෙන ආයතන දන්නවා අනේ කොච්චර හොඳ සේවයක්ද දීලා තිබුනේ කියලා? (නි)
ඔවුන්ට සාධාරණයක් ඉටුකරන්න (නි)
ලොකු ලොකු අය කරන විගඩම් වලින් පොඩි එවුන් තමයි කට්ට කන්නේ. (අ)
අමතක කරන්න එපා. මේ බොහෝ දෙනෙක් රට වෙනුවෙන් සටන් වැදුණු රණ විරුවන් බව. (බ)
මේකද යහ පාලනය (බ)
හිමාල් . .දැන් ටෙලිකොම් සභාපති කව්ද ? එයා පත්වුන ගමන් මේ අයගේ සේවය නරක වුනේ කොහොමද ? මේවා ඉතින් මෙගා ඩීල් තමා. කැහි ගැනිත් එකයි හොටු ගැනිත් එකයි (බ)
ලොකු ලොකු ජොබ් නෙමේ ඉල්ලන්නේ දරු පවුලට කන්න දෙන්න රැකියාව ඉල්ලන්නේ (හේ)
සංජය, ඔයා මේ සේවය එක්ක වැඩ කරලා තියෙනවද?තියෙනවා නම් ඔහොම කියන්නේ නෑ. (ර)
පසුගිය කාලයේ කරලා දුන්න වැඩ පවත්වාගෙන යන්නවත් දැන් බැහැ වගේ නේද? දැන් මාස 9ක් පහුවුණා. කෝ වැඩ? අනාගතය අවිනිශ්චිතයි කියායි මට නම් හිතෙන්නේ (නි)
මට නම් කිසිම අනුකම්පාවක් දැනෙන්නේ නැහැ (නි)