IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රක්නා ලංකා අවි නැතිවීමේ වාර්තාවට නීතිපතිගෙන් උත්තර නෑ

රක්නා ලංකා ආරක්ෂක සේවා සමාගම බාරයේ තිබියදී නැතිවූ අවි ගැන පරීක්ෂණ හමාරවී නීතිපතිට එම වාර්තාව ඉදිරිපත් කළ නමුත් මෙතෙක් පිළිතුරක් ලැබී නැතැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට වාර්තා කළේය.

රක්නා ලංකා ආරක්ෂක සමාගමේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව බාරයේ තිබූ අවි නැතිවීමක් ගැන කෝට්ටේ මහ නගර සභාවේ ජාතික හෙළ උරුමයේ මන්ත්‍රී ගමගේ දයාරත්න කුරුඳුවත්ත පොලිසියට කළ පැමිණිල්ල අනුව පරීක්ෂණ ඇරඹූ බව රහස් පොලිසිය උසාවියට දැන්වීය.

පරීක්ෂණ රහස් පොලිසිය බාරගැනීමෙන් පසු රක්නා ලංකා ආරක්ෂක සේවය කොළඹ බණ්ඩාරනායක සමරුහලේ පවත්වාගෙන ගිය අවි ගබඩාව ගැනද පරීක්ෂණ පවත්වා පසුගිය මාර්තු 11 හා අප්‍රේල් 20 වාර්තාව උපදෙස් පතා නීතිපතිට නිකුත් කළ බවද කියා සිටියේය.

නීතිපති වාර්තා මෙතෙක් ලැබී නැතැයි රහස් පොලිසිය පැවසීය. නඩුව නොවැම්බර් 16 වැනිදාට කල් තැබිණි.

 

 

 



අදහස් (0)

රක්නා ලංකා අවි නැතිවීමේ වාර්තාවට නීතිපතිගෙන් උත්තර නෑ

ද සිල්වා බර්ලින් Tuesday, 29 September 2015 12:37 AM

ඉදිරියටත් දේශපාලකයෝ බය නැතුව වැරදි කරාවි. ඒ හොරකම් යටගහන බව හොඳින්ම දන්නා නිසා. මේගොල්ලෝ බොරුවට පාර්ලිමේන්තුවේදී සහ මාධ්‍ය හරහා එකිනෙකාට බැන ගනිමින් කරන්නේ රඟපෑමක් බවයි අපිට හිතෙන්නේ. කවුරු කවුරුත් කරන්නේ අපිව මෝඩයාට අන්දවාගෙන තම මඩිය පුරවා ගැනීම නොවේද? (නි)

:       0       0

සචිත් Tuesday, 29 September 2015 01:20 AM

හැමෝගෙම කිල්ලෝට වල හුණු ඇති පදම් තිබෙනවා. ඉතින් කවුරු කවුරුත් කරන කියන දේවල් ගැන අපි පුදුමවෙන්නේ නැහැ (නි)

:       0       0

රෝහණ Tuesday, 29 September 2015 03:35 AM

ඔය සම්බන්ධව මේ ලගදී සටන (සිරස මාද්‍ය ආයතනයෙන්) වැඩ සටහන බැලුවා නම් හැමෝටම විස්තර ඇතුව මොකද වෙලා තියෙන්නේ කියල බලාගන්න තිබුනා. මගේ එකම පැතුම රාජපක්ෂ දේපල රාජසන්තක කිරීමයි.ඒවා ඒ අයගේ නෙවෙයි අපේ බදු මුදල් වංචා කරලා ගත්ත දේවල් ඒවා අපිට ආපහු ඕන ඕන ඕනෑමයි. (බ)

:       0       0

අංගොඩ ලාල් Tuesday, 29 September 2015 05:19 AM

නීතිපති වැඩ කරන්නේ කාගේ උවමනාවලටද කියල දැන් අපිට පැහැදිලියි (බ)

:       0       0

පද්මිණී Tuesday, 29 September 2015 05:26 AM

මෙවන් නිතිය, අධිකරණයක්, විනිසුරුවන් ඇති රටක කුමට ද්විත්ව පුරවැසිකම් ලබන්ටද? (බ)

:       0       0

කෝකිලා රණසිංහ Monday, 28 September 2015 11:35 AM

රක්නා ලංකා අවි සෙල්ලමේ පක්ෂ දෙකේම අය සම්බන්ද වෙලා කියා මට සැකයක් තියෙනව , ඒවා ඔක්කොම යට ගැසිම නව රජයෙන් සිදුවන නිසා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site