රක්නා ලංකා ආරක්ෂක සේවා සමාගම බාරයේ තිබියදී නැතිවූ අවි ගැන පරීක්ෂණ හමාරවී නීතිපතිට එම වාර්තාව ඉදිරිපත් කළ නමුත් මෙතෙක් පිළිතුරක් ලැබී නැතැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට වාර්තා කළේය.
රක්නා ලංකා ආරක්ෂක සමාගමේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව බාරයේ තිබූ අවි නැතිවීමක් ගැන කෝට්ටේ මහ නගර සභාවේ ජාතික හෙළ උරුමයේ මන්ත්‍රී ගමගේ දයාරත්න කුරුඳුවත්ත පොලිසියට කළ පැමිණිල්ල අනුව පරීක්ෂණ ඇරඹූ බව රහස් පොලිසිය උසාවියට දැන්වීය.
පරීක්ෂණ රහස් පොලිසිය බාරගැනීමෙන් පසු රක්නා ලංකා ආරක්ෂක සේවය කොළඹ බණ්ඩාරනායක සමරුහලේ පවත්වාගෙන ගිය අවි ගබඩාව ගැනද පරීක්ෂණ පවත්වා පසුගිය මාර්තු 11 හා අප්‍රේල් 20 වාර්තාව උපදෙස් පතා නීතිපතිට නිකුත් කළ බවද කියා සිටියේය.
නීතිපති වාර්තා මෙතෙක් ලැබී නැතැයි රහස් පොලිසිය පැවසීය. නඩුව නොවැම්බර් 16 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියටත් දේශපාලකයෝ බය නැතුව වැරදි කරාවි. ඒ හොරකම් යටගහන බව හොඳින්ම දන්නා නිසා. මේගොල්ලෝ බොරුවට පාර්ලිමේන්තුවේදී සහ මාධ්‍ය හරහා එකිනෙකාට බැන ගනිමින් කරන්නේ රඟපෑමක් බවයි අපිට හිතෙන්නේ. කවුරු කවුරුත් කරන්නේ අපිව මෝඩයාට අන්දවාගෙන තම මඩිය පුරවා ගැනීම නොවේද? (නි)
හැමෝගෙම කිල්ලෝට වල හුණු ඇති පදම් තිබෙනවා. ඉතින් කවුරු කවුරුත් කරන කියන දේවල් ගැන අපි පුදුමවෙන්නේ නැහැ (නි)
ඔය සම්බන්ධව මේ ලගදී සටන (සිරස මාද්‍ය ආයතනයෙන්) වැඩ සටහන බැලුවා නම් හැමෝටම විස්තර ඇතුව මොකද වෙලා තියෙන්නේ කියල බලාගන්න තිබුනා. මගේ එකම පැතුම රාජපක්ෂ දේපල රාජසන්තක කිරීමයි.ඒවා ඒ අයගේ නෙවෙයි අපේ බදු මුදල් වංචා කරලා ගත්ත දේවල් ඒවා අපිට ආපහු ඕන ඕන ඕනෑමයි. (බ)
නීතිපති වැඩ කරන්නේ කාගේ උවමනාවලටද කියල දැන් අපිට පැහැදිලියි (බ)
මෙවන් නිතිය, අධිකරණයක්, විනිසුරුවන් ඇති රටක කුමට ද්විත්ව පුරවැසිකම් ලබන්ටද? (බ)
රක්නා ලංකා අවි සෙල්ලමේ පක්ෂ දෙකේම අය සම්බන්ද වෙලා කියා මට සැකයක් තියෙනව , ඒවා ඔක්කොම යට ගැසිම නව රජයෙන් සිදුවන නිසා (අ)