රටට වින කැටූ, සිංහල බෞද්ධකමට අවමන් කළ ෆෙඩරල් කල්ලි සියල්ල අද රූකඩ නායකයකු බිහි කිරීම වෙනුවෙන් අත්වැල් බැඳගෙන තිබෙන බවත් මේ තත්ත්වය හමුවේ සිංහල බෞද්ධ ප‍්‍රජාව ඉතාමත් පරිස්සමින් නිවැරදිම තීන්දුව ගත යුතු බව බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි බොරැල්ල ජාතික බලවේග මෙහෙයුම් මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.
‘‘කොළඹ හතේ පහළ වෙලා මේ රට පාලනය කරපු කිසිම නායකයකුට ත‍්‍රස්තවාදයට, ත‍්‍රස්තවාදය කියලා කියන්නවත් කෂේරුකාවක් තිබුණේ නැහැ. ‘යුද්ධය දිනන්න බැහැ. පිරබාහරන් පරාජය කරන්න බැහැ’ කියන යුද විරෝධී මතයන් නියෝජනය කරපු අයගේ පාලනය අවසන් කරලා රටට ආදරය කරන සියලූ ජාතික බලවේග එකට එකතු වෙලා 2005 මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා රටේ නායකත්වයට පත් කර ගත්තා. එතුමාට රට භාර දුන්නේ ත‍්‍රස්තවාදයෙන් රට ගලවා දෙන්න කියලයි.
දෙමළ බෙදුම්වාදයේ පෙරමුණු තුනක් තිබෙන බව අප සෑමවිටම පවසනවා. යුදමය පෙරමුණ පරාජය කළත් දෙමළ බෙදුම්වාදයේ දේශපාලන පෙරමුණත් ජාත්‍යන්තර පෙරමුණත් පරාජයට පත් කරන්න අපි තවමත් සමත් වෙලා නැහැ. 2009 යුද ජයග‍්‍රහණයෙන් අනතුරුව මේ රටේ ඉතාමත් සැලසුම් සහගත සූක්‍ෂ්ම කුමන්ත‍්‍රණයක් දියත් වුණා. ඒ අනුව තමයි යුද ජයග‍්‍රහණයෙන් ඉතාම කෙටි කාලයක් තුළ එනම් 2010 ජනවාරියේ පැවැති ජනාධිපතිවරණයේදී යුද ජයග‍්‍රහණයට දායක වූ තමන්ගේ හමුදාපතිවරයා ජනාධිපතිවරයාගේ ප‍්‍රතිවාදියා වුණේ.
නමුත් 2015 දී ඉතාමත් සැලසුම් සහගත ලෙස මෙම කුමන්ත‍්‍රණය එළියට ඇවිත් තිබෙනවා. 2010දී බැරි වුණු දේ සිදු කරගන්න 2011 සිටම දෙමළ බෙදුම්වාදයේ අඳුරු සෙවණැලි සමගින් මෙම කුමන්ත‍්‍රණය ක‍්‍රම ක‍්‍රමයෙන් ඉදිරියට පැමිණියා. රටට හැමදාම වින කැටූ සිංහලත්වයට, බෞද්ධත්වයට හැමදාම අවමන් කරපු සියලූ බලවේග අද වන විට මෙම කුමන්ත‍්‍රණයේ ප‍්‍රතිඵලයක් විදියට එක පෙළට සිටගෙන සිටිනවා.
අපි අහනවා ඔය තරම් දඟලන්නේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා මේ රටට කරලා තියෙන අපරාධය කුමක්ද? කියලා. සිංහල ජාතිය ඉතාම නරක ජාතියක් වෙයි මේ මොහොතේ වැරදි තීන්දුවක් ගත්තොත්. යුද්ධය අවසන් කරලා තවම අවුරුදු 04යි. අපි අපි හිතන්නේ නැහැ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා හැමදාම බලයේ ඉන්න ඕනේ කියලා. නමුත් මේ රට අක‍්‍රිය කරලා පෞරුෂයක් තිබෙන නායකයා එළවලා දමලා, ෆෙඩරල් මතය දරන රූකඩ නායකයන් කිහිප දෙනකුට බලය දීලා හදන රට කුමක්ද? කියලා අපි විමසා බලන්න ඕනෙ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතා ඇහුවොත් අපි ඉවරයි..... (නි)
හාමුදුරුවනේ, රටේ තිබෙන අසාධාරණය පෙනෙන්නේ නැද්ද? (නි)
මේ රටේ මිනිස්සුන්ට කාලයක් යනකොට මුල අමතක වෙනවා. එතකොට ඔය එන්.ජී.ඕ නඩය අාපුවම රටට හොදක් වේවිද? (නදී)
මොකද්ද රන්ජිත් එතකොට කරන්න ඕනෑ? (නි)
හාමුදුරුවනේ අපිත් සිංහල බෞද්ධ තමයි. ඔබ වහන්සේත් එන්න හදන්නේ පාර්ලිමීන්තුවට කියල අපිට හිතෙනවා (නදී)
සිංහල බෞද්ධ ජනතාව දැන් එකට සිටියයුතු වෙනවා. බෙදුනා ඇති. අනිත් හැම ජාතියක්ම එකට එක්වෙලා. අපි විතරක් බෙදිලා. අවසානයේ පරදින්නේ අපිම තමයි. දැන්වත් අපි එකතුවෙමු (නි)
බළලා මල්ලෙන් පැන්නා නේද? දැන් නියම ස්වභාවය පෙන්නුම් කළා නේද? සත්‍යය කවදාහරි හෙළි වන බව දැනගත යුතුය. (නි)
තිස්ස මහතා හරියටම හරි (නදී)
මොකද දැන් රැස්වීම් නැත්තෙ අපේ හාමුදුරුවනේ..... මාධ්‍ය සාකච්ඡා විතරයිනේ (බ)
කිසිම හැදීමක් නැති කට්ටියක්.මේගොල්ලෝ කව්ද කියල මිනිස්සු දන්නවා. (බ)
ස්වාමින් වහන්ස, මම මේ මෝඩකමට අහන්නේ. එතකොට රට ජාතිය වෙනුවෙන් කෑගහන සමහර ස්වාමින් වහන්සේලා දේශපාලකයන්ගේ රූකඩ වෙන එක හරිද ? අහිංසක සිංහල බෞද්ධ මිනිස්සු බොරුවෙන් රවට්ටලා තමන්ට වාසි ලබාගන්න එක මොන කුමන්ත්‍රනේටද වැටෙන්නේ ? (බ)
මොකද දන්නේ නෑ පහුගිය දවස් වල සද්දේ වැහිලා හිටියේ ?(හේ)
තිස්ස මහතා හරියට හරි (නි)
තීරණය ජනතාව අතේය! (නි)
අපිට නම් මේවට කියන්න දෙයක් නැහැ (නදී)
ඕනෑම කෙනෙකුට නිදහස්ව හිතල තීරණ ගන්න ඉඩ දෙන්න. (නදී)
බුදුන්ට නිග්‍රහ කරන්න එපා (නදී)
තීරණය උගත් බුද්ධිමත් ජනතාව අතේයි (නි)
මමත් සිංහල බෞද්ධ තමයි. නමුත් බොදු බලයට විරුද්ධයි (නි)
ජනතාවගේ තිරණය ගැන 9 උදෙන්ම බලන්න. (ර)
ජනතාව බුද්ධිමත්. තමන් දිනවන්නේ කවුද කියල හැමෝම තීරණය කරලා ඇති. (ර)
අපේ මිනිසුන්ට බොහෝ දේවල් වැටහෙන්නේ ප්‍රමාදවෙලානේ! (නි)
අන්න හරි ඇමරිකානු පුරවැසියන් ලංකාව පාලනය කරන එක නවත්තමු.(හේ්)
බොරු වැඩක් නේ.(හේ)
100% ක් එකඟයි.රට ජාතිය වෙනුවෙන් ඔබවහන්සේලා කරන මෙහෙය ප්‍රශංසනීයයි.(හේ)
බොදු බල සේනා සංවිධානය ගැන සිංහල බෞද්ධ ජනතාව අතරේ තිබුනු ආකර්ශනය තවදුරටත් නොපවතියී. කනගාටුයි. (නදී)
ඔයාලව හැදුවේ කව්ද කියල විකිපීඩිය එකෙන් මම දැනගත්තේ. හරියටම හරි. ඔයාල නෑ කිව්වට දැන් එලි උනා ඇත්ත (නදී)
එතකොට ඔබ වහන්සේත් 2010 ජනාධිපතිවරණයේදී ෆොන්සේකාට සහයෝගය දුන්නේ කුමන්ත්‍රණයට අහුවෙලාද? (නදී)
එක පිලකට ඉන්නේ විදායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්නයි. 2005-2015 රජයට 2/3 තිබියදී පොරොන්දු උන පරිදි ප්‍රශ්නය විසඳුවේ නැත. (නදී)
මතකයි නේද බෑන් කි මුන් මහතා බෞද්ධයන්ට අන්තවාදී ලේබලයක් අලවපු එක මේ මෑතකදී. එහෙම උනේ කවුරු නිසාද කියලා දන්නවනේ. එදා ඉදලම මම මෙයාලගේ දේශපාලනයට විරුද්ද උනෙත් ඔය හේතුව නිසයි. (නදී)
අාණ්ඩුවේ රූකඩයක් වෙන්න එපා. ඇත්ත ඇති සැටියෙන් බලන්න. (නදී)
හාමුදුරුවනේ, ආණ්ඩුවට විරුද්ධව එන හැම කෙනාම ජාත්‍යන්තරයේ රුකඩයෝ කියනවා. ඔබ වහන්සේට තේරෙන්නේ නැද්ද අපි ලෝකෙටම ණයවෙලා වහල්ලුවේගන යනවා කියල. එහෙම හිතෙන කොට රූකඩයෝ හොඳයි කියල මට නම් හිතෙනවා. (නදී)
ඉතින් මෙහෙම කුමන්ත්‍රණ තියෙද්දී ඇයි ජනාධිපතිවරණයක් කැදෙව්වේ..(හේ)
ඔබවහන්සේ කියන කතාව හරි.(හේ)
ඔබ වහන්සේගේ කතාව හරියටම හරි. (ර)
100% එකගයි. (ර)
ඔබ වහන්සේගේ කතාව හරි. (ර)
100%ක් මම නම් ඔබ වහන්සේ සමඟයි. මොකක්හරි ඉක්මනට කළයුතු කාලය දැන් ඇවිල්ලා (නි)
9 වෙනිදාට ඔබ වහන්සේට බලාගන්න පුලුවන් ජනතාවගේ තීරණය. එතෙක් හිටියා නම් හොඳ නැද්ද? (නි)
හාමුදුරුවනේ, ඔයාලා දැන් මොනවා කිවුවත් පහුගිය කාලේ නටපු නැටුම් නිසාත් මේ රටේ අපිට මේ ආණ්ඩුව එපා වුණා කියලා මම කියනවා (නි)
හාමුදුරුවනේ,ඇයි ඔහොම කතාකරන්නේ? (නි)
ජගත්, 100% ක් මේ බොදුබල සේනාව සමඟ ඔයා එකඟ මොකද? (නි)
ඒ වුණාට ප්‍රභාකරන් අවුරුදු 30න් කළ විනාශයට වඩා විනාශයක් මේ අවුරුදු 4 තුළ වෙලා කියලයි මම නම් කියන්නේ (නි)
තිස්ස, ඔබේ කතාව හරියටම හරි.මමත් බොදු බල සේනාවලට පක්ෂව සිටියා. (නි)
ඔබ වහන්සේ කවදත් ඇත්ත කතාකළා (නි)
දැන් දැන් කතා අහන ජනතාව අඩුවේගෙනයි එන්නේ. (නි)
යුද්ධයෙන් එතකොට සාමාන්‍ය ජනතාව බැටකෑවේ නැද්ද? සෙබළු කීදෙනෙක් මියගියාද? ඔබ වහන්සේලා ඇත්ත කතාකරන්න (නි)
එතකොට මේ ඡන්දය අවුරුදු දෙකකට කලින් තියන්නේ ඇයි? (නි)
කාලයක් අපේ හදවතේ සිටි ඔබ වහන්සේ අද අපේ හදවතේ කොතැනකවත් නැහැ (නි)
ඕක තමයි කියන්නේ සමහරුන්ට කන්න ඕනෑ වුණහම කබරගොයත් තලගොයා වෙනවා කියලා. (නි)
ඔච්චර කුමන්ත්‍රණ තියෙනවා නම් ඇයි මේ වෙලාවේ ඡන්දයක් ගෙනාවේ? (නි)
දැන් මොනවද මේ කියන්න හදන්නේ? (නි)
හාමුදුරුවනේ, බලාගෙන! (නි)
ෆයිල් එහෙම කාගේ ළඟද තියෙන්නේ දන්නෙ නැහැ (නි)
අම්බලන්ගොඩදීද දන්නෙ නැහැ රූකඩ දැක්කේ? (නි)