IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රොකට් හදන්න හීන දකින භාෂිණී

20160427-ent-47

ඇය ජාතික ජනමාධ්‍ය සම්මාන උලෙළේදී පුරා වසර පහක් හොඳම නිවේදිකාව බවට පත්වූවාය. පිපෙන කුසුම්, නෙළුම් පොහොට්ටු, ශ්‍රී මංසල, හින්දි ටොප් ටෙන්, ඇන්ටන් ටොප් චාට්, සිහින මන්දිරය, ශ්‍රී රශ්මි, ශ්‍රී එෆ් එම් තරුවක් සමග වරුවක් වැනි වැඩසටහන් රැසකට නිවේදනයෙන් දායක වූ ඇය භාෂීණී සමරසිංහයි. ඇගේ මව රත්නා සමරසිංහ ප්‍රවීණ නිවේදිකාවක් සහ ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ සංවිධායකවරියක ලෙස කටයුතු කර තිබේ. එමෙන්ම ඇය ප්‍රවෘත්ති සහ වෙළෙඳ දැන්වීම් නිෂ්පාදිකාවක් ලෙසද කටයුතු කර තිබේ. ඇගේ පියා පාලිත සමරසිංහ ගුවන්විදුලි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂකවරයෙකි. ඔවුන් දෙදෙනාගේ ආභාසයත් සමගින් ගුවන්විදුලියට පිවිසෙන භාෂිණී මේ වන විට ශ්‍රී එෆ් එම් නාළිකාවෙහි වැඩසටහන් කළමනාකාරිනියක ලෙස කටයුතු කරයි. මේ ඇය සමග කළ කතාබහක සටහනකි

20160427-ent-46මම පවුලේ එකම දරුවා. ගුවන්විදුලියේ තමයි කුඩා කල සිටම හැදුණේ වැඩුණේ. නිරායාසයෙන්ම අවුරුදු තුනේ සිටම වැඩසටහන්වලට එකතු වුණා. පසුව ප්‍රේමකීර්ති අංකල් මාව වාර්තා වැඩසටහකට සම්බන්ධ කරගත්තා. මං පාසල් ගියේ කොළඹ විශාඛා විද්‍යාලයට. ඉතින් මං හැමදාම සුගතපාල අංකල්ගෙ නාට්‍යවලට සහ මගේ අම්මගේ වැඩසටහන්වලට කුඩා කල සිටම සම්බන්ධ වුණා. පසුව ඒ ශ්‍රේණියේ ළමා ශිල්පිනියක් වුණා. පාසල් යන කාලයේ තමයි මං සවනට සම්බන්ධ වෙන්නෙ. අනතුරුව සවන සහ ගුවන්විදුලියෙන් දෙකෙන් එකක් තෝරගන්න වුණා. පසුව මම සවනට සම්බන්ධ වුණා. සවන ශ්‍රී වුණා. ශ්‍රී එෆ් එම් හි දැන් අවුරුදු ගාණක් පුරා මං ඉන්නවා.

 

නිවේදිකාවක් විදියට මේ ආපු ගමන්මග පිළිබඳව තෘප්තිමත්ද?

මං අම්මිගෙනුයි තාත්තිගෙනුයි ඉගෙන ගත්ත දෙයක් තමයි මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නව නම් අපි හැම තිස්සෙම අලුත් දේවල් හොයන්න ඕන කියන දේ. තෘප්තිමත් කියල නම් කියන්න බෑ. අද තියෙන තත්ත්වය නෙවෙයි හෙට තියෙන්නෙ. හෙට තියෙන තත්ත්වය නෙවෙයි අනිද්ද තියෙන්නෙ. හැමදේම වෙනස් වෙනවා. හැම අතින්ම වෙනස් වෙන කාලෙක ගවේෂණාත්මක වෙන්න ඕන. හැමතිස්සෙම ඉගෙන ගන්න දෙයක් අපිට තියෙනවා. හැමදෙයක්ම ග්‍රහණය කරගෙන විශ්වකෝෂයක් වගේ ඉන්නව නම් කියන්න පුළුවන් තෘප්තිමත් කියල.

 

ඉදිරි සැලසුම් මොන වගේ වෙයිද?

මං මාර විදියට සැලසුම් කරන කෙනෙක්. කාලයක් විශ්වකෝෂ හදාගෙන හදාගෙන ගියා. තවත් කාලෙක සංගීතය ගැන මාර විදියට හෙව්වා. ඊට පස්සෙ ඉතිහාසය ගැන හෙව්වා. මම චිත්‍රපට පිස්සෙක්. පොත් කියවන්න සහ හුදෙකලාව ඉන්න කැමති කෙනෙක්. රට රටවල්වල යන්නත් ආසයි. ඒවා මගේ අම්මිගෙනුයි තාත්තිගෙනුයි ආපු දේවල්. අපේ ගෙදර වැඩිපුරම තිබුණේ පොත්. මගේ තාත්තිගෙ ධනය තමයි පොත්. මං එදා මෙදාතුර එකතු කළේ ෆිල්ම්. අපේ අම්මි ආස ඉතිහාස කතන්දර. මගේ ඉදිරි සැලසුම් තමයි ලෝකෙ දිහා බලල ගවේෂණාත්මකව හා වින්දනාත්මකව සතුටින් ඉන්න. ඒ වගේම තමයි බීබීසී ශිෂ්‍යත්ව දෙකක් මට අහිමි වුණා. ඉදිරි මාස කිහිපයේදී එය යළි ලබාගන්න අපේක්ෂාවෙන් ඉන්නවා. රොකට් හදන්න වගේ සමහර පිස්සු හීනත් තියෙනවා.

 

20160427-ent-45

20160427-ent-48



අදහස් (0)

රොකට් හදන්න හීන දකින භාෂිණී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site