අලූත් අවුරුදු උදාවත් සමග පැරීසියේ සන් රයිස් සංචාරක සමාගම විසින් සංවිධානය කැරෙන රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා සමග ඔවුන්ගේ දරුවන්ද ගී ගයන රූ සඳ රෑ සංගීත ප‍්‍රසංගය අපේ‍්‍රල් 12 වැනි ඉරුදින සවස 05ට පැරිස් කලාප අංක 08 සොම් ශෙලිසේ ජෙට් සෙට් ක්ලබ් ශාලාවේදි පැවැත් වීමට යයි.
රොහාන් ෆොන්සේකා ප‍්‍රමුඛ පැරීසියේ ශ්‍රී සංගීත කණ්ඩායම රූ සඳ රෑ ප‍්‍රසංඟය සංගීතවත් කරන්නේය. සංගීතා, ජැක්සන් ඇන්තනී, දමිත්, කාංචනා සහභාගිවු යුනි ලංකා සංගීත රාත‍්‍රිය හා ශ්‍රීලංකාවේ ජනප‍්‍රිය ගායක පුතුන්වූ ඉෂාක් මොහිදීන්, ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු, ප‍්‍රියංකර පෙරේරා ආදීන්ගේ සංගීත ප‍්‍රංසංඟ සංවිධානය කළ සන් රයිස් සංචාරක සමාගම ශ්‍රී ලාංකික ව්‍යාපාරයක් වන අතරම ශ්‍රී ලන්කන් ගුවන් ටිකට් පත් සාධාරණ මිලකට ලබා ගැනීම සදහා විවිධ යෝජනා ඉදිරිපත් කරමින් වෙහෙසෙන සංචාරක සමාගමකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා කතා කරන නාලක දේවේන්ද්‍රන් මමයි. නමුත් නාලක පැරිස් කියලා කොමෙන්ට් කළේ මම නෙමෙයි. මේක සංවිධානය කරන සන්රයිස් වොයාජස් එකේ මමත් අධ්‍යක්ෂක කෙනෙක්. මම සල්ලිවලට වැඩ කරන්නේ නැහැ. නමුත් හොඳ දෙයක් කරන ඕනෑම කෙනෙකුට උපරිම සහයෝගය දෙනවා පාට පක්ෂ භේදයකින් තොරව. ඔබලා සියලු දෙනාට ජයවේවා! (බ)
හොඳයි. සතුටුයි (නි)
මට වෙලාවකට හිතෙනවා මේ නාලක පැරිසිය කියන්නෙත් මේක සංවිධානය කරන එක්කෙන්ක්මද කියල. මාරයි අනේ. (ස)
නාලක කියන්නේ හැම තැනම රිංගන එක්කෙනේක්නේ .එක නිසා හැම තැනම ඉන්නවා .සල්ලි තියෙන්නේ කොහෙද ? ඒ හැම තැනකම ඉන්නවා .(ස)
සුබ පැතුම්! (නි)
ඔහොම යනවා නම් හොඳයි (නි)
සමහරු නම් දේශපාලනයට වඩා සල්ලි හොයන ක්‍රම ගැන තමයි වැඩියෙන්ම හොයන්නේ. (නි)
චන්ද්‍රලේඛාගේ දරුවනුත් එනවද ...?(බ)
දැන් ලංකාදීප පුවත්පත ගොඩක්ම හොදයි. මට ලංකාදීප ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා. එක හේතුවක් තමයි ඕනෑම කොමෙන්ට් එකක් දානවා. එකෙන්ම පේනවා දැන් ලංකාවේ මාද්‍ය නිදහස ලොකුවටම තියෙනවා කියල. ලංකාදීප ඔහොමම යමු. (අ)
සන්රයිස්ලගේ වැඩ කොහොමත් ලස්සනයි .හොඳ සංගීත රාත්‍රියක් දකින්න ලැබෙයි වගේ (බ)
මේකට නාලක දේවෙන්ද්‍රන් අයියත් කොහෙන්හරි ඔළුව දාල ඇති. මොකද ප්‍රංශේ මොනවා උනත් එයත් ඉන්නවනේ (බ)
ලංකාවේ තිබුනානම් මාරු (දී)