කොළඹ රා තැබෑරුම් බල ප්‍රදේශයන් පුළුල් කිරීමට අවසර ලබා දෙමින් කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල ශුන්‍ය කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ සර්ව ආගමික නායකයින් පිරිසක් අද (09) ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
කොළඹ 14 ඉසිපතනාරාමාධිපති මාදම්පාගම අස්සජි හිමි,කොළඹ 13 ශ්‍රී පොන්නම්බලවානේෂ්වර් කෝවිලේ සිවරාජා චන්ද්‍රකුමාර් පූජකතුමා,සමාජීය හා සාමයික කේන්ද්‍රයේ අශෝක ස්ටීවන් පියතුමා ඇතුළු පිරිසක් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොළඹ දිසා ලේකම් ඩී.පී.වික්‍රමසිංහ, සුරාබදු කොමසාරිස් එල්.කේ.පී.ගුණවර්ධන යන මහත්වරු සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
ජනපතිවරයා මතින් නිදහස් රටක් නැමැති ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වාදී තිබියදී සැප්තැම්බර් මස 18 වැනි දින කොළඹ දිසා ලේකම්වරයා ප්‍රකාශයට පත් කළ 1933 අංක දරණ ගැසට් නිවේදනය මගින් ජනපතිවරයාගේ ප්‍රතිපත්ති පවා උල්ලංඝණය වී ඇති බවද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනං මනං පැලැස්තර නෙමෙයි. මිනිසුන්ට නිදහසේ බොන්න දෙන්න. එතකොට ඔය 'කරටි කැඩෙන්න' බොන එක නතරවෙයි. අත්දැකීමෙන් කියන්නෙ. (නි)
අඩුකරන්න ඕනෑ සියලු මධ්‍යසාර. මොකද රා විතරක්? (නි)
ඕවා මොනවද? හැබැයි පොඩි එකාගේ වාහන සිහිනය නම් ඉවරයි (නි)
මෙවා වල විකුනනනේ කෘතිම රා. (ර)
ඔය එන්නේ මතට තිත, ටික ටික. (ර)
දෙසිය නිෂ්පාදනයට අකුල් හෙලන්න එපා, පේන්නැද්ද ලස්සනට "රා" බොමු. කියලා වැදගත් විදියට බෝඩ් ගහලා තියන ලස්සන. ඕව රජකාලේ ඉදන් බොනවා. (ර)
රා වලට ප්‍රමිතියක් අවශ්‍යයි. තැබෑරුම් වල ඇති රා වලට වතුර හා යීස්ට් කලවම් කරනවා. (නි)
නියමයි! (නි)
විස්කි බොන්න සල්ලි නැති අයටත් මොනවා හරි තිබිය යුතුයි. (ර)
මතට තිත ...තිතට මත ...! (නි)
මතට තිත නම් රා වලටත් තිත. කිතුල් ,තල් සහ පොල් මැදීමෙන් රා නිෂ්පාදනය නොව වෙනත් දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කළ හැකිය. (බ)
අතිගරු ජනාධිපතිතුමාට මතට තිත පිළිබඳ කළ ප්‍රකාශ පිළිබඳ හොද මතකයක් තිබෙන බව අපි දනිමු.ඒ අනුව නිසි පියවර ගනු ඇතිබවත් දනිමු. (නි)
සුරාවේ අගයත් එහි ඇති මනා ගුණයත් බොන අය පමණි දන්නේ! (නි)
රා සංස්කෘතිය මුලින්ම ගොඩනැඟුනේ ඉංග්‍රීසි පාලන සමයේ. පානදුර සහ වාද්දුව නගර මුල්කරගෙන පොල් රා නිෂ්පාදනය වුණා. කෙසේවෙතත් මේ මධ්‍යසාර පානය කිරීමෙන් වෙන්නේ මනස විකෘතිවීමක්. ඒ තුළින් ගොඩනැඟෙන අනිසි ප්‍රතිඵල නම් පවුල් සංස්ථාව බිදවැටි සමාජය සහජීවනය ආගම දහම නොපිළිපදින රටක් ගොඩනැඟීමයි.මෙවැනි දේ පාලනය කිරීම යහපාලනයේ වගකීමක්. (නි)
සියයට හතළිහක් ඇල්කොහොල් අඩංගු විස්කි සහ අරක්කු බොනවට වැඩිය හොඳ නැද්ද රා බොන එක? රා බොමු! (නි)
දුප්පත්ම මිනිහා බොන එකට තමා තහංචි. අඩුම හානිදායක මත්පැන් තමා රා (නි)
අපිත් බොමු රා ඇති පදමට! (නි)
ඇත්ත. ඉල්ලීම සාධාරණයි (නි)
ශක්තියක් තියෙනවා නම් රටබීම හල් ටික අඩුකරන්න ක්‍රියාමාර්ග ගන්න. ඔය රා කට්ට ගහන්නේ රටේ ඉතා සුලු පිරිසක්. සමාජයට වෙන හානි අවමයි. පසුගිය කාලවල අලුතින් අරින ලද බාර් නොපෙනුනේද? (නි)
අයියෝ අපේ ජනප්‍රිය පානය! (නි)
දේශීය නිෂ්පාදනයට අකුල්හෙලිම ගැන කනගටුවෙමි. සුරාසල්වල ශරීරයට අහිතකර දෑ අඩංගුකර සාදන රටබිමසල් හොදය. ආගමික නායකයිනි ඔබවහන්සේලා කතා කළ යුතු වැදගත් දේ තිබියදී අනවශ්‍ය දේට කතා නොකළ හිටියානම් තත්වේ තියාගන්න තිබුන. (බ)
හොඳ කිතුල් රා ටිකක් බොන්න පුළුවන් වෙයි කොළඹ ගියාම තිබහට (නි)