ජාතික තරුණසේවා සභාව හා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය මගින් සංවිධානය කරනු ලැබු යෞවනයේ මහා කළ එළි මංගල්‍ය 34 වැනි ශ්‍රී ලංකා යුත් ජාතික යෞවන සම්මාන උළෙල මහරගම ශ්‍රී ලංකා යුත් රඟහලේදී පැවැත්විණී.
මෙවර සම්මාන උළෙලේ සිංහල මාධ්‍ය සදහා හොදම කෙටි නාට්‍යට හිමි සම්මානය ලෙස කෝරලගේ සමන් නිෂ්පාදනය කළ අජරාමර, හොඳම දිගු නාට්‍යය ලෙස පාලිත අබේලාල් නිෂ්පාදනය කළ පෝරිසාදයෝ සහ දමිල මාධ්‍ය හොඳම නාට්‍යය ලෙස සිවරිසා ප‍්‍රදීප් නිෂ්පාදනය කළ මුරන් සම්මාන ලැබුවේය.
කෙටි නාට්‍ය හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය අජරාමර නාට්‍යයේ රගපෑ තුසිත ලක්නාත්ද දිගු නාට්‍ය හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය පෝරිසාදයා නාට්‍යයේ රඟපෑ සුනේත් ශාන්තප‍්‍රියද දිගුනාට්‍ය හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය පෝරිසාදයා නාට්‍යයේ රඟපෑ රොනිකා චාමලීද දිනාගත්හ.දමිලනාට්‍ය හොඳම රංඟන ශිල්පිනිය ලෙෂ අවන් පොට්ටු කනක්කු නාට්‍යයේ රඟපෑ එන්. එස්. නෙරන්ජනීද හොඳම රංඟන ශිල්පියාට හිමි සම්මානය මුරන් කෙටි නාට්‍යයේ රඟපෑ සිවසුබ‍්‍රමනියම් සුජාන්ද හිමිකර ගත්හ.
සිංහල මාධ්‍ය කෙටි නාට්‍යවල හොඳම අංගරචනය සඳහා නොට් අවුට් නාට්‍යය වෙනුවෙන් ජයම්පති ගුරුගේ සහ රුක්මන් තිලකරත්න, හොඳම ඇඳුම් නිර්මාණය සඳහා අජරාමර නාට්‍යයේ තිලක්ෂණි රත්නායක, හොඳම වේදිකා පරිපාලනය අජරාමරහි නාමල් ගමගේ, හොඳම රංගාවලෝකනය අමතක වෙන්න කලින් නාට්‍යයේ අනුරාද මල්ලව ආරච්චි, හොඳම රංඟ වින්‍යාසය අජරාමරහි කෝරළගේ සමන්,හොඳම සංගීතය අජරාමරහි තිලංග ගමගේ හොඳම රචනය අමතක වෙන්න කලින් නාට්‍යයේ තුසිත ලක්නාත් යන අය සම්මානයෙන් පිදුම් ලැබූහ. එසේම සිංහල මාධ්‍ය දිගු නාට්‍යවල හොඳම අංග‘ රචනය හොරුත් එක්ක බොරු නාට්‍යයේ දුමින්ද අලහේන්ද්‍ර, හොඳම ඇඳුම් නිර්මාණය යෙර්මා නාට්‍යයේ හර්ෂණී නිරෝෂිකා සිරිසේන, හොඳම වේදිකා පසුතල හොරුත් එක්ක බොරු නාට්‍යයේ අතුල ජයසිංහ, හොඳම වේදිකා පරිපාලනය හොරුත් එක්ක බොරු නාට්‍යයේ ගගන හෙට්ටිආරච්චි, හොඳම රංඟාවලෝකනය පොරිසාදයා නාට්‍යයේ අජන්තන් ශාන්ති කුමාර් යන අය සම්මානයෙන් පිදුම් ලැබූහ.දමිල මාධ්‍ය කෙටි නාට්‍යවල හොඳම රංග වින්‍යාසය මුරන් නාට්‍යයේ සිවරාසා ප‍්‍රදීප්, හොඳම අංග රචනය මුරන්හි වරාසා ප‍්‍රදීප්, හොඳම වේදිකා පසුතල නිර්මාණය අවන්පොට්ටු කනක්කුහි එම්.සී. සබුර්දීන්, හොඳම රංගාවලෝකනය අවන් පොට්ටු කනක්කු නාට්‍යයේ අංග ෂමරකෝන්, හොඳම සංගීතය අවන් පොට්ටු කනක්කුහි නාගේන්ද්‍රන් සුරේස්, හොඳම රචනය අවන් පොට්ටු කනක්කු නාට්‍යයේ නාගේන්ද්‍රන් සුරේස් යන අය සම්මාන ලැබූහ.
උඩරට ,පහතරට, සබරගමු,භරත, ජන, කථක්,ආදි නර්තන ක්ෂේත‍්‍ර සඳහාත්, ශාස්ත‍්‍රීය හා බටහිර වාදන සඳහාත් ජනගායනා, කථික, අභිරුපන, චිත‍්‍ර කැටයම්,ඡායාරූපකරණය,ආදී විවිධ ක්ෂේත‍්‍ර ගණනාවක් සඳහා සිංහල හා දමිල මාධ්‍යයෙන් 68 දෙනෙක් සම්මාන ලැබූහ.
(ඡායාරූප ශමීර රාජපක්ෂ)
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය පබා‘
චන්දා Wednesday, 19 June 2013 05:15 PM
මෙවැනි කලා කටයුතු තව තවත් දකින්න ලැබේවා (අ)
නීල් රණා Wednesday, 19 June 2013 03:52 PM
අපි කුඩා කල ගමේ ටීටර් නැටුවා. ගුවන් විදුලියේ නාට්‍ය රසවිඳිනා තුර ක්‍රමයෙන් සිනමාහල් ඉදිවුණා. අසුව දශකයේදී රුපවාහිනී යන්ත්‍ර පැමිණීමෙන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ රසවින්දන කලාව දියුණුවට පත්වුණා. කලා රුචි බොහෝ පිරිසක් රටේ සිටින බැවින් තාරුණ්‍යයේ කලා හැකියාවන් අගයකිරීම හොඳයි. (නි)