SAN_8839  

 

“කොළෙත් හොඳයි
පිටුත් හොඳයි
කවරෙත් හොඳයි
ඔක්කෝම හොඳයි”

 

මේ දැන්වීම ගැන ඔබට මතකද? එදා එම දැන්වීමට පෙනී සිටි දැරිවිය තමයි මේ අද අපි දකින්නේ. අද සුරූපී තරුණියක වී අප හමුවට එන ඇය ඇන්ජෙලා රිචාඞ් ජයතිස්සයි. පසුගියදා පැවැති 2015 ජාත්‍යන්තර රූ රැජිණ තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඇයයි. සුරූපි ඇන්ජෙලා සමඟ අපි කතාබහකට එක්වෙමු.

 

SAN_8709
● ඇන්ජෙලා, පසුගියදා පැවති මේ ජාත්‍යන්තර රූ රැජිණ තරගය ගැන මුලින්ම සඳහනක් කළොත්? 


මෙවර ජාත්‍යන්තර රූ රැජිණ තරගය පැවැත් වුණේ, 55 වැනි වතාවටයි. මෙවර එය පැවැත් වුණේ, ජපානයේ ටෝකියෝ හිදීයි. අවසාන තරග ඉසව්ව පැවැත්වුණේ තකතාවාහි ග්‍රෑන්ඞ් ප්‍රින්ස් හෝටලයේදීයි.

 


● ඔබ කොහොමද මේ අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කළේ? රූ රැජින තරගයට එක්වීමට අදහස් කළේ ඇයි?


මෙය කළ යුතුමයි කියා මුලින් මට අරමුණක් තිබුණෙ නැහැ. නමුත් රූ රැජිණ කියන දේ අපේ පවුල් පසුබිමට අමුතු දෙයක් වුණෙත් නැහැ. මොකද මගේ මාපියන්ගේ මෙන්ම මගේ මවගේ මව් පාර්ශවය රූ රැජිණ තරග නියෝජනය කර තිබෙනවා. එනිසා මා එය දකින්නේ පවුල් පසුබිමින් ආ දෙයක් ලෙසයි. ශ්‍රී ලංකාවේ පැවැති ජාත්‍යන්තර රූ රැජිණ තරගය සඳහා මුලින්ම මම අයදුම් කරන විට අවුරුදු 18 ක් විතර ඇති. විනෝදාංශයට වගෙයි මම එහෙම කළේ. එවකට සරසවි අධ්‍යාපනයේ නිවාඩු ලැබී තිබුණු නිසා එහෙම කළේ. නමුත් ඒ නිසා මට ලොකු අත්දැකීමක් ලැබුණා. පසුව අත්දැකීම් සමඟ මුහුකුරා යද්දී, මේ වගේ අවස්ථා මගින් මට රටට විශාල දෙයක් කළ හැකි බව තේරුම් ගත්තා.

 


● කෙසේ නමුත් දැන් මේ අත්දැකීම ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?


ඒක ඇත්තටම ඉතා අගනා අවස්ථාවක්. මේ ඉසව්වට සහභාගි වූ සෑම රූ රැජිණකම ඉතා හොඳයි. ඒ අතරින් ජපානයේ ජනතාව ඉතා කාරුණිකව හා උණුසුම් පිළිගැනීම් ඇති විශිෂ්ට ජාතියක් බව කිව යුතුමයි. ලෝකයේ විවිධ සංස්කෘති මෙන්ම අදහස් අපට හුවමාරු කරගත හැකි වුණා. මට මගේ රට ගැන අදහස් ලෝකයට සමීප කරවීමට හැකි වුණා.

 


● ජපාන රූපවාහිනී චැනලයක ඔබට විශේෂිත අවස්ථාවක් ලැබුණු බව ආරංචියි. 


උස, පෙනුම වගේම මුහුණේ හැඩය ගැන පැවැති ඉසව්වෙන් අපි 30 දෙනෙකු පමණ තේරුණා. ඊට මාත් අයත් වුණා. “කුඩාම මුහුණ සහිත” කෙනා ශ්‍රී ලංකා රූ රැජිණ බව සඳහන් කළාම මට ලොකු සතුටක් ඇතිවුණේ. “ඔෆ් මිස් ශ්‍රී ලංකා ස්මෝලස්ට් ෆේස්” කිරෙයි (ලස්සන) කියලා එක්වරම ඒ 30 දෙනා අතරින් මාව නම් කළා. එතැන් සිට ජපානයේ සංවිධායකයින් ඇතුළු සියලුදෙනා මට කතා කරන්න පටන් ගත්තේ ඒ විදියටයි. එය ඉතා අගනා අවස්ථාවක්ම වුණා.

SAN_8886

 


● දැන් ඔබගේ අරමුණ කුමක්ද?


මේ වනවිට මම කටයුතු කරන්නේ පවුලේ ව්‍යාපාරයට සම්බන්ධවයි. ඊට අමතරව මගේම ව්‍යාපාරයක් ආරම්භ කරලයි තියෙන්නේ. මම ඒ ගැන වඩා උනන්දුයි. මේ ජාත්‍යන්තර රූ රැජිණ තරගය මට ගවේෂණාත්මක දෙයක් ජීවිතයට එක් කළ බව කියන්න පුළුවනි.

 


● ඉගෙන ගන්නෙ මොන අංශයෙන්ද?


වේල්ස සරසවියෙන් මගේ ව්‍යාපාර කළමනාකරණ පිළිබඳ උපාධිය ලබා ගන්තා. ඊට අමතරව ඕස්ටේ්‍රලියානු සරසවියකින් තව උපාධියක් ලබා තිබෙනවා.

SAN_8872

 


● පවුලේ විස්තර කිව්වොත්?


අම්මා, තාත්තා, නංගිලා දෙදෙනා සහ මම.

 


● කොළෙත් හොඳයි, පිටුත් හොඳයි, කවරෙත් හොඳයි, ඔක්කෝම හොඳයි. ඒ වගේම ඔබත් හොඳයිද?


අනිවාර්යයෙන්ම එහෙම වෙන්න එපායැ.

 


● රඟපෑමට අවස්ථා ලැබුණොත්?


දැනට ඒ ගැන හිතලා නැහැ. නමුත් ඒ නිසා ජීවිතයට අත්දැකීම් ලබා ගත හැකි බව මගේ විශ්වාසයයි. 

 


හැඩගැන්වීම් -  Cutting Station Colombo - 07 


විලාසිතා - Kelly Felder, Binari Sachendra, Louching wong.

sadun-gamage