ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය හා රෝ ඔත්තු සේවය සමඟ සම්බන්ධ බවට මහාචාර්ය නලින්ද සිල්වා මහතා පදනම් විරහිත අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරිම නිසා තමාට සිදුවු අපකීර්තියට වන්දි ඉල්ලා එන්තර වාසි යැවු බවත් එවැනි සම්බන්ධතාවයක් තමා හා ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය හෝ රෝ ඔත්තු සේවය සමඟ ඇති බවට ඔප්පු කළහොත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් තමා ඉල්ලා අසුවන බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මලිත් ජයතිලික මහතා රාජගිරියේ පිහිටි දේශපාලන පීඨ ශ්‍රවණාගාරයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසුවේය.
එම අවස්ථාවට ජනාධිපති සම්බන්ධිකාරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක, නීතිඥ නාමල් ජයන්ත සිල්වා යන මහත්වරුන් ද සහභාගී වුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවෘත්ති සාකච්ඡා අවශ්‍ය නැහැ. නඩු දැම්මා නම් නේද හොඳ? (නි)
සමහරවිට ඇත්ත වෙන්නත් පුළුවන්. අපි බලමු (නි)
නලින්ද සිල්වා මහතා රටට ආඩම්බර වියහැකි උගතෙක් . සමහරුන් ඔහුගේ වයස සමචලයට ලක් කරනවා. වයසට යෑම නතර කරන්න බැරි බව මේ මෝඩයන්ට තේරෙන්නේ නැහැ . උබලත් කවද හරි වයසට යන බව තේරුම් ගනිල්ලා .(බ)
කව්ද ? මෙයා. අපි දන්නේ නැහැ . (බ)
තවත් අවස්ථාවාදීයෙක් ජාතික ලැස්තුවට. (බ)
ඔය වයසක මනුස්සය කාලෙක ඉදන් පිස්සු කියෝනව... එංගලන්තයේ ආචාර්‍ය උපාධියක් තියාගෙන බටහිර භෞතික විද්‍යාව උගන්නන ගමන් බටහිර විද්‍යාවට බනිනව (බ)
කලබල වෙන්න එපා අපි වැඩි දෙනෙක් ඉන්දියාවට නෑකමක් ඇති අය (බ)
දෙක දෙකෙන් බෙදුවාම උත්තරේ බින්දුව කියන දුරකථන වලට සම්බන්ද අය බොහොම වැරදි ප්‍රකාශ කරනවා ඒ වගේම ජාති වාදය අවුස්සන කතා කියනවා ඒවා නැවත්තුවොත් නේද හොඳ? (අ)
ඔය නලින් ද සිල්වා කියන ඒවා ගණන් ගන්න එපා. (බ)
නලින්ද සිල්වා කියන දේශප්‍රේමී මහාචාර්ය වරයා ගැන රටේ දන්න මිනිස්සු දන්නවා මේකේ දාල තියෙනේ කොමෙන්ට්ස් බැලුවහම දුක හිතෙනවා. නාමල් කියල කෙනෙක් කියනවා ,තමන් ඉගෙන ගත්තු දෙයට ම බනිනවාලු !!! මේක ලියපු නාමල්ට තේරෙන්නේ නැද්ද , එක ඉගෙන ගත්ත හින්ද තමයි එකේ වැරැද්ද දැනෙන්නේ කියල ?එතකොට තමයි එක විවේචනය කරන්න පුළුවන් කියල .මේ ඉන්න මැටි ලෝයර්ල මොක්කුද ? සල්ලිවලට කහින එවුන් (බ) අවුරුදු 30 කට කලින් ම අපේ රටේ තියෙන්නේ ත්‍රස්තවාදයක් මිස ජාතිවාදී ගැටුමක් නෙවෙයි , එකට එකම විසදුම යුදමය විසදුමක් කියල කියපු , රටේ ප්‍රශ්නේ නිවැරදිව අවබෝද කර ගත්තු එකම මහාචාර්ය වර ය නලින්ද සිල්වා පමණයි . රටේ චින්තන විප්ලවයක් කලේ ඔහු විතරයි උඹල වගේ සල්ලි පෙරේතයෙක් නෙවෙයි නලින්ද සිල්වා . නලින්ද සිල්වා කියන දේවල් තේරුම් ගන්න මේ රටේ මිනිසුන්ට පුළුන් කමක් තියෙනවද කියන එකන ගැටළු සහ ගතයි. නලින්ද සිල්වා මෛත්‍රීට විරුද්ද වීම නිසා මේ සිද්ද වන්නේ ඔහුගේ ගෝල බාලයෝ ලවා නලින්ද සිල්වාට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට සුදානම් වීමකි. රෝ ඔත්තු කාරයෙක් කියල ඔප්පු කරන්න වෙන දෙයක් අවශ්‍ය නැහැ . උඹලගේ කියා පටිපාටියම ඇති. බොරු තර්ක වලින් එහෙම නැහැ කියල ඔප්පුකරන්න පුළුවන් වෙයි උඹලට ... ඒත් උඹල රටේ කැතම කැත මිනිස්සු කියල උඹල මැරෙන දවසට උඹලාගේම හදවත කියාවි...
නලීන් ද සිල්වා මහත්තයට එක එක කාලෙට එක එක විදියට පේනවා . මම එතුමාගේ වැඩ ගැන දන්නෙ 1984 වගේ ඈතක ඉඳන් . හැබැයි එයාට හැබෑම අනුගාමිකයෝ ඉන්නේ එක්කෙනයි . එයත් හිටි ගමන් පෙනේ පුප්පන්න හැදුවට දෂ්ට කරන්නේ නැහැ. (බ)
නලින්ද සිල්වා මහත්මා වැනි බුද්ධිමතෙකු ගැන තේරුම් ගන්න බොහෝ දෙනාට බැරි බව පැහැදිලි දෙයකි. (නි)
ජාතික ලැයිස්තුව විතරක් නෙමෙයි අපේ ඡන්දෙත් අමු අමුවේ මංකොල්ලකාපු එකේ එකෙන් දාපු එව්වන්ගේ ජාතකේ හොයල වැඩක් නැහැ නලින් මහත්තයෝ..ටිකක් ඉවසල බලන් ඉමු.පාන් දැල්ල වැඩියෙන් දගලන්නේ එලිය වැඩි වෙන්නේ නිවෙන්න ලං වෙන කොට..හැමදාමත් බලහත්කාරකමින් මේ අසාධාරණයට ලක්වුණු සන්ධාන පාක්ෂිකයින්ගේ හිත්වල පීඩනය පාලනය කරන්න බැහැ..ඒක පුපුරලා යන මොහොතක් එනවා. එදාට ඔය විධායක බලතල වලින් වැඩක් නැතිවේවි..(බ)
එයා කියන දේ ඇත්ත වෙන්න පුළුවන්, රෝ කාරයෝ ලේබල් ගහගෙන වැඩකරන්නේ නැතෝ. (බ)
බණ්ඩාර ඔබ හරියටම හරි මුදලට බොරු තර්ක දාලා ඇත්ත බොරුකරන කාක්කෝ ලෝයර්ස්ල කියන්නනේ (බ)
මහාචාර්යවරයෙක් කියන්නේ වකුටු වූ බල නකුටකට වඩා වටිනා කෙනෙක් බව තේරුම් ගන්න. ඔහු කියන දෙය අපිට තේරුම් ගන්න බැරි උනාට සත්‍යය නොදන්නවා නොවෙයිනේ.මිනිස්සු හොඳ දේවල් නරක බවටත් මෝඩකම් බවටත් ,නරක දේවල් හොඳ බවටත් බුද්ධිමත් ප්‍රායෝගික කාරණා බවටත් පත්කර ගැනීම ලෝක ස්වභාවයක් .හැම ප්‍රශ්නයක්ම දිගට ඇදෙන්නේ අතීතය පිලිබඳ ප්‍රශ්නවලින් . නලින් ද සිල්වා තේරුම් ගන්න අපි මතුපිටින් පෙනෙන දේ එනම් ආඩම්බරය, බලය, තන්හාව වගේ වෙනත් කාරණාවලින් වියුක්ත විය යුතුය. (බ)
කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව, පිළිගත හැකි සාක්කි සාධක නැතිව, තමන්ගේ හිතට එනදේ ඔහේ පැවසීම ලංකාවේ බොහෝ උගතුන්ගේ සිරිතකි. මේ අයගේ ජනප්‍රියත්වය නිසා ජනතාවද අන්ධව ඒ පිටුපස යයි.(ම)
වරදක් කර නැත්නම් මොනවට බයවෙනවද? (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මොනවා වුණත් ප්‍රතිපත්තියක් තියන කෙනෙක් කලින්ම කිව්වනේ සිරිසෙන එක්ක හවුලේ කැඳත් එපා කියලනේ ජාතික ලැයිස්තුවත් එපා කිව්වේ. දැන් ඉන්න ගෙම්බෝ වගේ නෙවේ ඒ මනුස්සයා (අ)
පිවිතුරු යහපාල, කාලෙකට පස්සේ දොරට වැඩලා ඉන්නේ. ඔහේ කොහෙද හැබැටම අතුරුදහන්වෙලා හිටියේ? දැන් හොඳට පිස්සුව තදවෙලා වගේ නේද? ඔහොම යමු. (නි)
අපි නලීන් ද සිල්වා ගැන කතාකරන එකත් පාඩුවක් කියලයි මම නම් හිතන්නේ (නි)