IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


යෝෂිතට එරෙහි නඩුව කල්යයි

(රෝෂන් තුෂාර)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් හට නඩු කටයුත්තකට පෙනී සිටිමට සුදුසු මානසික තත්තවයක් තිබෙනවාද යන්න පිළිබඳව පරීක්ෂාකර කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරියාගේ  මාර්ගයෙන් හෙට දින (11) වෛද්‍ය වාර්තාවක්  කැඳවීමට නියමිත බව රජයේ අධි නිතීඥ ඔක්ස්වල්ඩ් පෙරේරා මහතා කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා හමුවේ කරුණු දක්වමින් (10)පැවසීය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහි නඩුවක් යළි කැඳ වූ අවස්ථාවේ රජයේ අධි නීතීඥවරයා මේසෙ පැවසීය.

පැමිණිල්ල මගින් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් විත්තිය එකඟත්වය පළ කරන  යෝජිනා සලකා බැලීම  සඳහා නඩුව කැඳවීම් කළද  රජයේ අධි නිතීඥ ඔක්ස්වල්ඩ් පෙරේරා අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව හා සම්බන්ධිත තවත් නඩුවක් මහාධිකරණ අංක 8හි විභාග වෙමින් පවතින බවයි.

එම නඩුව විමසීම අතරතුරදී දෙවන විත්තිකාරිය හට නඩු කටයුත්තකට මුහුණ දීමට සුදුසු මානසික මට්ටමක් නැති බවත් ඇය මතකය හීන වීමේ තත්ත්වයකින් පසුවන බවත් ඇයගේ නීතීඥවරයා අධිකරණයට දැන් වූ බව ද ඔක්ස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණයට දන්වා සිටියේය. 

විත්තිකාරියගේ මෙම රෝගී තත්ත්වය සැලකිල්ලට ගත් අධිකරණය පසුගිය නොවැම්බර් 11 වැනිදා ඇය නඩු කටයුත්තකට මුහුණ දීමට හැකි අන්දමේ මානසික තත්ත්වයකින් පසුවනවාද යන්න පිළිබඳව කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරියා මාර්ගයෙන් විශේෂඥ වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියෝග කළ බවත්,එම වෛද්‍ය වාර්තාව අද දිනයේදී ලබා ගැනීමට නියමිත බව ය.

අදාල පරීක්ෂණයේ වාර්තාව ලැබීමෙන් පසු විත්තිකාරිය නඩු කටයුත්තකට පෙනී සිටීමේ සුදුසු මානසිත තත්ත්වයකන් සිටිනවාද? ඇයට විත්ති වාචිකයක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවාද? යන්න සම්න්ධව පැමිණිල්ල සලකා බලන බව ද ඔක්ස්වල්ඩ් පෙරේරා වැඩි දුරටත් පැවසීය.

එබැවින් අදාල පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු නඩුව කැඳවීමට දිනයක් ලබා දෙන ලෙද රජයෙ අධි නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කරුණු සලකා බැලූ විනිසුරුවැයා නඩුව පෙබරවාරි 9 කැඳවීමට දින නියම කළේය .

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ උපයා ගත් ආකාරය සනාථ කිරීමට නොහැකි රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්ල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වරදවල් සිදුකළේ යයි චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුවඇත.



අදහස් (1)

යෝෂිතට එරෙහි නඩුව කල්යයි

Pankumburage Wednesday, 10 December 2025 05:05 PM

නඩුව දිගටම යයි වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 495 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 470 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site