IMG-LOGO

යළිත් සාගර ගවේෂණයක් ලංකාවේ

ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපය ආවරණය වන පරිදි සාගරික විද්‍යා සමීක්ෂණයක් හා මත්ස්‍ය සංචිත තක්සේරුකරණය සම්බන්ධයෙන් පුළුල් ගවේෂණයක් සිදු කිරීමට පියවර ගන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායනයට උපදෙස් දී ඇත.

මෙම ගවේෂණය සඳහා නෝර්වේ හි ධීවර හා කටයුතු සංවර්ධන සහයෝගීතා මධ්‍යස්ථානය සහයෝගය ලබාදීමට එකඟතාව පළ කර ඇත.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායනයේදී (නාරා) අද (14) පැවැත්වුණු අතර ඊට ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායනයේ  (නාරා) හි සභාපති ආචාර්ය අනිල් ප්‍රේමරත්න, නෝර්වේ හි ධීවර හා කටයුතු සංවර්ධන සහයෝගීතා මධ්‍යස්ථානයේ උපදේශක ජෙන්ස් ඔටෝ ක්‍රක්ස්ටැඞ් ඇතුළු ක්ෂේත්‍රයෝ නියෝජනය කරන පිරිසක් සහභාගී වූහ. 

“මීට පෙර මෙවැනි පර්යේෂණයක් කළේ 1978 දී. ලොව අනෙක් රටවල් සාගර හා මත්ස්‍ය සම්පත් පිළිබඳව වසර දෙකෙන් දෙකට පර්යේෂණ සිදු කරනවා. එහෙත් අපේ රටේ දී එහෙම වුණේ නෑ. මෙහි මූලික කටයුතු අගෝස්තු මාසයේදී ආරම්භ වෙනවා. ඉන් පසු යාත්‍රා පැමිණ දෙසැම්බර් මාසයේදී වැඩ කටයුතු ආරම්භ කරනවා.” යැයි ආචාර්ය අනිල් ප්‍රේමරත්න මහතා පැවසීය

 



අදහස් (0)

යළිත් සාගර ගවේෂණයක් ලංකාවේ

ජයම්පති Tuesday, 14 June 2016 05:47 PM

දැන් ඔය ගවේෂණයෙන් පස්සේ දකුණේ ධීවරයන්ටත් උතුරු මුහුදේ මාළු අල්ලන්න යන්න දෙනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 493 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 662 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 271 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site