IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යළිත් තාලයට පා තියන්න මතුගම දැරිය උදව් පතයි

මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ 10 වැනි වසරේ ඉගෙනුම ලබන එරන්දි උපමාලි වීරසිංහ (14) දරුවාට දණහිසේ ඔස්ටියෝ සාර්කෝමා නම් පිළිකාවක් ඇති හෙයින් එම දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා දකුණු ඉන්දියාවේ ඇපලෝ රෝහලේ හන්දියක් බද්ධ කිරීමේ ශල්‍ය කර්මයකට භාජනය කළ යුතු බව මහරගම පිළිකා රෝහලේ වෛද්‍යවරු පවසති.

එම දරුවාගේ පියාටද ස්ථිර රැකියාවක් හෝ ආදායමක් නොමැති හෙයින් පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වන බව පවුලේ අය කියති.

ආධාර ලබාදිය හැකි ගිණුම් අංක ලංකා බැංකුව මතුගම ශාඛාව (ශාඛා අංක 556) කේ.වී.ඇන්ටන් උදයකුමාර (පියා) ගිණුම් අංකය 77966178 / ස්විෆ්ට් කෝඩ් BCEYLKLXXXX

වැඩි විස්තර සඳහා දුරකථන අංක 077 2620665/ 034 2243240 ඇමතිය හැකිය.

නැටුම් ගුරුවරියක වීමේ සිහින දුටු එරන්දි දැන් නැගිට සිටීමට පවා නොහැකිව මහරගම පිළිකා රෝහලේ 20 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන්නීය.

ඇයට ඇප උපකාර කිරීම සඳහා ඔහුගේ පියා තම සුළු රැකියාවෙන්ද ඉවත්වී සිටී. මතුගම ප්‍රදේශයේ සිල්ලර කඩයක සුළු රැකියාවක් කළ ඔහුට තව දරුවෙක් සිටී. ඇය පස්වැනි වසරේ ඉගෙනුම ලබන්නීය. දරුවනට ඉගැන්වීම සඳහා ඇගේ මව ඇඟළුම් සේවිකාවක ලෙස එතෙර යාමට සිටියදී එරන්දි අසනීප වීමෙන් ඒ බලාපොරොත්තුවද අහිමි විය.

එරන්දිට දණ හිසක් බද්ධ කිරීම සඳහා වන සැත්කමට පමණක් රුපියල් 14,00000 ක් පමණ අවශ්‍ය වන බවත් මහරගම ප්‍රතිකාර අවසන්වූ විගසම ඇය ඇපලෝ රෝහලට රැගෙන ආ යුතු බවත් එහි විශේෂඥ වෛද්‍ය පී.පී.එස්.බණ්ඩාරි ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුනට උපදෙස් දී ඇත.

එරන්දිගේ මවත් පියාත් මාසයක් පමණ තමිල්නාඩුවේ නතරවී සිටිය යුතු බවද රෝහලෙන් දන්වා එවා ඇත.

webchild_2015915_135432



අදහස් (0)

යළිත් තාලයට පා තියන්න මතුගම දැරිය උදව් පතයි

රෙජි-සිඩ්නි Wednesday, 16 September 2015 01:54 AM

මම ඒ දියණියට උපකාර කරන්නෙමි. (නි)

:       0       0

යොහාන් Tuesday, 15 September 2015 01:45 PM

අපි පුළුවන් හැටියකට උදවු කරන්න කැමතියි (නි)

:       0       0

උපුල් Wednesday, 16 September 2015 03:30 AM

අපිත් ආධාර කරනවා, ඒ වගේම ලංකාවේ ඉන්න ලෝකපුජිත ක්‍රීඩා තරු වලටත් සුළු ගණනකින් හරි ආධාරයක් කරන්න පින් හිත් පහළ වේවා! (නි)

:       0       0

ශ්‍රියානි Tuesday, 15 September 2015 04:31 PM

අපි කවුරුත් පුළුවන් හැටියකට මේ දරුවට උදවු කරමු (නි)

:       0       0

රූපවතී Tuesday, 15 September 2015 08:01 PM

අපි හැකි අයුරින් හැමෝම උදවු කරමු. එවිට ඒ මුදල ඔවුන්ට එකතු වේවි. ලස්සන අනාගතයක් ඇති දරුවෙක්. අපි හැකි පරිදි මුදල් අාධාර යවමු. ඒක අපිට ජාති ජාතිත් පින් අත්වෙන පිනක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 336 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site