මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ 10 වැනි වසරේ ඉගෙනුම ලබන එරන්දි උපමාලි වීරසිංහ (14) දරුවාට දණහිසේ ඔස්ටියෝ සාර්කෝමා නම් පිළිකාවක් ඇති හෙයින් එම දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා දකුණු ඉන්දියාවේ ඇපලෝ රෝහලේ හන්දියක් බද්ධ කිරීමේ ශල්‍ය කර්මයකට භාජනය කළ යුතු බව මහරගම පිළිකා රෝහලේ වෛද්‍යවරු පවසති.
එම දරුවාගේ පියාටද ස්ථිර රැකියාවක් හෝ ආදායමක් නොමැති හෙයින් පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වන බව පවුලේ අය කියති.
ආධාර ලබාදිය හැකි ගිණුම් අංක ලංකා බැංකුව මතුගම ශාඛාව (ශාඛා අංක 556) කේ.වී.ඇන්ටන් උදයකුමාර (පියා) ගිණුම් අංකය 77966178 / ස්විෆ්ට් කෝඩ් BCEYLKLXXXX
වැඩි විස්තර සඳහා දුරකථන අංක 077 2620665/ 034 2243240 ඇමතිය හැකිය.
නැටුම් ගුරුවරියක වීමේ සිහින දුටු එරන්දි දැන් නැගිට සිටීමට පවා නොහැකිව මහරගම පිළිකා රෝහලේ 20 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන්නීය.
ඇයට ඇප උපකාර කිරීම සඳහා ඔහුගේ පියා තම සුළු රැකියාවෙන්ද ඉවත්වී සිටී. මතුගම ප්‍රදේශයේ සිල්ලර කඩයක සුළු රැකියාවක් කළ ඔහුට තව දරුවෙක් සිටී. ඇය පස්වැනි වසරේ ඉගෙනුම ලබන්නීය. දරුවනට ඉගැන්වීම සඳහා ඇගේ මව ඇඟළුම් සේවිකාවක ලෙස එතෙර යාමට සිටියදී එරන්දි අසනීප වීමෙන් ඒ බලාපොරොත්තුවද අහිමි විය.
එරන්දිට දණ හිසක් බද්ධ කිරීම සඳහා වන සැත්කමට පමණක් රුපියල් 14,00000 ක් පමණ අවශ්‍ය වන බවත් මහරගම ප්‍රතිකාර අවසන්වූ විගසම ඇය ඇපලෝ රෝහලට රැගෙන ආ යුතු බවත් එහි විශේෂඥ වෛද්‍ය පී.පී.එස්.බණ්ඩාරි ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුනට උපදෙස් දී ඇත.
එරන්දිගේ මවත් පියාත් මාසයක් පමණ තමිල්නාඩුවේ නතරවී සිටිය යුතු බවද රෝහලෙන් දන්වා එවා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඒ දියණියට උපකාර කරන්නෙමි. (නි)
අපි පුළුවන් හැටියකට උදවු කරන්න කැමතියි (නි)
අපිත් ආධාර කරනවා, ඒ වගේම ලංකාවේ ඉන්න ලෝකපුජිත ක්‍රීඩා තරු වලටත් සුළු ගණනකින් හරි ආධාරයක් කරන්න පින් හිත් පහළ වේවා! (නි)
අපි කවුරුත් පුළුවන් හැටියකට මේ දරුවට උදවු කරමු (නි)
අපි හැකි අයුරින් හැමෝම උදවු කරමු. එවිට ඒ මුදල ඔවුන්ට එකතු වේවි. ලස්සන අනාගතයක් ඇති දරුවෙක්. අපි හැකි පරිදි මුදල් අාධාර යවමු. ඒක අපිට ජාති ජාතිත් පින් අත්වෙන පිනක්...!