යුරෝපා රටවල් ඇතුළු රටවල් 28 ක ශ්‍රී ලංකා තානාපති ධූර කඩිනමින් පිර වීමට කටයුතු කරන බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහතා කියයි. මාසයකට වැඩි කලක සිට එම පදවි හිස්වී ඇත.
පාර්ලිමේන්තුවේ උසස් නිලතල කමිටුවේ අනුමැතිය ලැබූ වහාම එම පුරප්පාඩු පුරවන බව ඔහු කියයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන් 70%ක අනුපාතයටද, දේශපාලන පත්වීම් 30% ක අනුපාතයටද යටත්ව නම් කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි. මේවන විට බ්‍රිතාන්‍ය, තායිලන්තය, ඕස්ට්‍රේලියාව, ඉතාලිය ඇතුළු රටවල් 28ක තානාපති ධූර පුරප්පාඩුවී පවතින්නේ එම රටවල් සඳහා ඉකුත් රජය විසින් ලබාදී තිබූ දේශපාලනික පත්වීම් වත්මන් රජය අහෝසි කිරීමත් සමගය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මව් බිමට ආදරය කරන එහි ගරුත්වය රැකිය හැකි බුද්ධිමතුන් තානාපතිවරුන් විය යුතුයි .(බ)
කඳානේ- මහානාම මහත්තයෝ, අපි දන්නා ශ්‍රී ලංකාවේ නම් රජ යුගය අවසන් වෙලා ගොඩක් කල්. ලංකාවට ජනාධිපති ලා මිසක් මේ කපේදී නැවත රජවරු නම් පහළ වෙන්නේ නැහැ. ඔබලා වැනි කීපදෙනෙක් හැරුණු විට දැන් ලංකාවේ යටත් වැසියෝ නැහැ. ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පුරවැසියන් පමණයි. මහානාම මහත්තය පැළඳ ගෙන ඉන්න කණ්ණාඩියේ හා තොප්පියේ පාට ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. එත් මෛත්‍රිපාල මහත්මයාව ඔය කණ්ණාඩියට නොපෙනෙන එකයි ප්‍රශ්නය? සමහරවිට ඔලුවට හරි තොප්පිය දා ගත්තට ඒකාධිපතිවාදයෙයි, ප්‍රජාතන්ත්‍ර වාදයෙයි වෙනස ඔය ඔලු ගෙඩියට වැටහෙන්නේ නැතිව ඇති.එකතකට, ඒකට ඉතින් මොනවා කරන්නද? (බ)
පිටි බද්දර ජයා ඔබ වැනි ජෙයස්ට පාටකයෙක් මගේ නමින්ම විවේචනය කිරීම බොහොම අගය කරමි . මා හැම විටම විවේචනාත්මක ප්‍රතිචාර නමින් හෝ නැතිව අගය කරනවා . ඔබතුමා කතා කරන නිදහස කොහෙද ඒ දවස්වල තිබ්බේ ? මතකද රිචට් දී සොයිස ට වෙච්ච දේ ? මතකද සාගරික ගෝමස් ට වෙච්ච දේ ? මට ලියන්න පුළුවන් මගේ සරසවියේ ලිස්ට් එකක්ම ඇඩ්රස් නැතිව ගිය . මට කියන්න පුළුවන් නම් කවදාද සුදු වන වලින් අහිංසකයෙක් අරන් ගියේ ? (අ)
අපේ රටේ මොන පාලකයෝ ආවත් දේශපාලන පත්වීම් දෙන එක නවත්වන්න බැහැ. හැබැයි තානාපති සේවයේ යෙදෙන අයගේ කනවල් පලලා, හක්කවල් පනින්න පහර දෙන වර්ගයේ මැරයින්ව වැදගත් තනතුරු වලට පත් නොකර. (අ)
දර්ශන මහතා මගේ නමින්ම ප්‍රතිචාර කිරීම ගැන අගය කරමි . ඇත්ත පාට කන්නාඩි ගලවා කතා කළා යුතුයි , හැබැයි එහේම දාන යට තමා එහෙම කිව යුත්තේ . ගිය ආණ්ඩුවේ ගොඩක් වැරදි උනා , රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක උනා කියන එක මම එකයි , නමුත් 1993 ට සාපේක්ෂව නම් බොහොම අඩුයි , කොහෙද ඔබ කියන මාධ්‍ය නිදහස අද , ආණ්ඩුව පත් වූ මුල් සුමානෙම අගමැති තුමා පත්තරවල කර්තෘවරු ගෙන්වලා කරපු මාධ්‍ය සත්තම ඔබ දැක්ක ද ? මා ඔබට එවන්නද ? තවද ඉදිරියේ දී ආගම ගැන හා ජාතිය ගැන කතා කරන්න බැරි නීතියක් පාර්ලිමෙන්තුවේ සම්මත කරන්න නියමිත් බව ඔබ දන්නවාද ? ගිය ආණ්ඩුවේ මාධ්‍ය නිදහස් නොතිබුනාම නම් කොහොමද පේස් බුක් වලින් හා අන්තර් ජාලයේ මහින්ද මහතාට විරුද්දව විශාල ව්‍යාපාරයක් ගෙනගියේ ? ඔබතුමා පේස් බුක් බැලුවාද ? ඒ වගේම ලංකා දීප එසැණ මගින් මොන තරම් අපක්ෂපාති විග්‍රහක් කළාද ? බැසිල් මහතා මුදල් ගසා කන්න ඇති , එතුආමට දඬුවම් කරන්න , නමුත් රට උකසට තබා කරනේ මේ දේවල් අනුමැත කර බලන අයගෙන් මා ඉල්ලා සිටින්නේ පාට කන්නාඩි ඉවත් කර යහපත් මනසින් බලන්න කියා . ඔබතුමා ගේ වයස මා නොදා නිසා මා කියන්නම් , 1986 - 89 කාලයේ සිදු වූ මිනීමරු ගැන මේ අද වගේ එලෝ එලෝ පරික්ෂා කර දඩුවම් දුන්න , අද එජාපයක් නැ . අද javipe කලා යුත්තේ බොරුවට wachaa දුෂණ ලිපි ගොනු උස්සන් මාද්‍ය සංදර්ශන පවත්වා බ්‍රයිබරි එකෙට යන එක නොවේ, එදා 1987- 90 කාලයේ මරාදැමුනු හා අතුරුදහ වූ තම සගයන් ගැන මානව හිමි කම් කතා කිරීමයි , නමුත් අද එයා ලට මතක නැ එයාලෙඅගෙ අතීතය , අපිට මතකයි අපි විශ්ව විද්‍යාලේ නො මැරී බේරුනා හැටි . දර්ශන මහතාණෙනි බැසිල් හොරකම් කළා නම් හිරේ දාන්න , මහින්ද හෝ ගෝටා මිනි මරුවා නම් හිරේ දා හෝ එල්ලුම් ගස් යවන්න , නමුත් දිනා ගත්තු නිදහස පාවාදෙන අයට උඩගෙඩි දෙන්න එපා . (බ)
සරත් හා සොෆි ගේ අදහස් වලට මාද එකගයි.(බ)
ජය මහතාණෙනි , පහුගිය ආණ්ඩුවේ සමහර අය කෝටි ගණන් ගැහුවා කියලා මමත් පිළිගන්නවා , ඒ ගැන විවාදයක් නෑ. නමුත් ඒවා ඔප්පු කරන තුරු , බොරුවට මාධ්‍ය සංදර්ශන පෙන්වලා වැඩක්නෑ. අනෙක යහපාල ටීම් එකේ ප්‍රධාන නියමුවෙකුට විරුද්ධව , එදා පාර්ලිමන්ට් එකේදී ජේ වී පි එකෙන් කතා කළා , ඒවා හැන්සාඩ් එකේ තියෙන්නේ , අද එතුමා මේ පැත්තට ගියා ඒවා යට ගියා , නම් කියන්න ඕනේ නැ නේද ? මේකයි තත්වය , අනෙක මේ ආණ්ඩුවේ දුෂණ වංචා ගැන කියන්න තාම අලුත් වැඩියි , ඡන්දයක් කටේ තියා ගෙන දින 100 ක් අතුලුත් හොරකම් කරන්න තරම් මේ අය මොන්ටිසෝරි යන අය නොවේ , ගිය ආන්ඩුවේ අයත් අාපු ගමන් මෙහෙම තමා , පුළුවන් නම් කියන්න කොයි මහා බැංකුවේ ලොක්කද ආණ්ඩුව පත් වුන ගමන් මේ වගේ විශාල මුලය වංචාවකට ආණ්ඩුව විසින්ම ඇසක් කලා කෙනෙක් . කියන්න 1948 ඉදන් මට කියන්න . කුහක කම අත් හරින එක තමා අද වැදගත් ම දේ , මට නොවේ , බොරුවට චෝදනා කරන අයට කියන්න , ඔබගේ වැදගත් ප්‍රතිචාර මා ඉදිරියේදී බලා පොරොත්තුවෙමි (බ)
පිටබැද්දර ජයා, දැන් සුදු වෑන් නැහැ. දැන් තියෙන්නේ අතපය නැති බෙලි නැති මළ කඳන්. (ස)
දර්ශන මහත්තයත් ලංකාවේ වෙන්න බැහැ..මෙතුවක් ඉතිහාසේ ඡන්ද තිබිල තියෙනවා..කට්ටිය දිනලා තියෙනවා..පැරදිලා තියෙනවා..පුලුවන්නම් පැරදිච්ච එකෙක් කියන්නකෝ වල පල්ලට ගිය හෝ යවපු තුන් මාසේ දාන දෙන්න..ආණ්ඩුවට විරුද්දව කට හොල්ලල නෙමෙයිද දහසක් බොරු පොරොන්දු දීල ජනතාව රවට්ටලා ලැබූ ජයග්‍රහණ පාවල දීල මේ යහපාලානේ ඇති කලේ..පහු ගිය කාලේ රජයේ මාධ්‍ය පිලිබදව අපෙත් විවේචන තිබුන..නමුත් ඒවාට දෙවැනි නොවන පුද්ගලික මාධ්‍ය තිබුනේ නැද්ද විපක්ෂ මතය වෙනුවෙන් රෙදි නැතුව කඩේ ගිය..ඔය කියන විධියට අද සිරසක් තියෙන්න විධියක් නැහැ එහෙමනම්...අද තියෙන නිදහසම තමයි එදත් තිබුනේ..පුලුවන්නම් එක වෙනසක් පැහැදිලි කරලා දෙන්න මහත්තයෝ පිළිගන්න පුළුවන් ..වැඩිය බොරු කියන්න එපා..අපායේ යාවි ඉක්මනින්..බොරුවට ආයුෂ නැහැ කියන එක ඉතාමත් හොදින් මේ නන්නත්තාර වෙන යහපාලනෙන් රටටම පැහැදිලි වී ගෙන යනවා.. එකේ ප්‍රතිපල ඉදිරි මැතිවරනෙන් ලැබේවි අඩු නැතුව.. (ස)
විදේශ අමාත්‍යංශ ඉතිහාසය අසා ඇති පරිදි එ.ජා.ප. රජයකින් (1948 දී ) තමයි මුලින්ම විදේශ සේවයෙන් පිට දේශපාලන පත්වීමක් දී තිබෙන්නේ. නි. ඇමතිතුමා ඔය 70% - 30% අනුපාතය මුල ඉදන්ම එන එකක් නේ. සර් ඩී.බී.ජයතිලක,සුසන්ත ද පොන්සේකා, මහාචාර්ය ජී .පී.මලලසේකර,ආර්.එස්.එස්.ගුනවර්ධ න,මංගල මුණසිංහ, චන්ද්‍ර මොනරවිල,කරු ජයසුරිය,කරුණාසේන කොඩිතුවක්කු එස්.කේ. වික්‍රමසිංහ, දයාන් ජයතිලක, ජනා.නී. හේමන්ත වර්ණකුලසුරිය, ඩොක්ටර් සරත්චන්ද්‍ර, සුමිත්‍රා පීරිස් ආදී වූ මේ ප්‍රභූන් ඔක්කොම දේසපාලන පත්වීම් නේ.මේ අය හොරුද? වංචා කාරයෝද?. පසුගිය යු.එන්.පී.පාලන යුගයකදී ස්වීඩන් රටට යවපු තානාපතිට ඉංග්‍රීසි බැරුව ආපහු ලංකාවට එන්න වුනේ. මේ දෙගොල්ලම හරි හරියට මේ පාප කර්මෙට අත ගහලනේ තියෙන්නේ. (ස)
රවිදු මහතාට මගේ ගෞරවය , ඔබ තුමා නොදන්නවා වෙන්න බැ මේ සිරි ලක එකසේසත් කරපු රජවරු 6 ක් අපේ ඉතිහාසයේ හිටිය , අපි දැකලා නෑ , කවුරුවත් දැකලා නැ, අහලා විතරයි තියෙන්නේ , ඉතින් මහින්ද මහතා කියන්නේ අපිට නම් රජෙක් තමා , සමාවන්න ඔබට අකමැති නම් , මෛත්‍රී මහතා ගැන මට ගැටළුවක් නැ මොකද එතුමා මේ රට පාලනය නොකරන නිසා , නමුත් මෛත්‍රී මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දුන් බව දේශපාලනයේ අ , ආ යන්න දන්නා අය දන්නවා , එකත් ප්‍රශ්නයක් නැ එතුමා කැමති , එතුමාට වාසි පැත්තට ගියා , එක එතුමාගේ අයිතිය , නමුත් එතුමා හෝ වෙන කෙනෙක් මේ රට නිදහස් කරගත් රණ විරුවන්ව පාවා දෙන අන්දමේ හෝ ලබාගත් නිදහස නැති කරන්න හදනවා නම් එයාල ට ජනතා ප්‍රතිචාරය ලැබේවි . මම නම් තාම දැක්කේ නැ එංගලන්තයේ විපක්ෂ නායක ED මිලිබෑන්ඩ් ගේ ජාතිවාදී ප්‍රක්ෂ්යට කිසිම කෙනෙක් කට හෙල්ලුවේ නැ . ඔබතුමා නොදන්නවා නම් අහගන්න දන්නේ කෙනෙක් ගෙන් , මිලිබෑන්ඩ් මහතා 2009 මුල් කාලයේ ලංකාවට ආව ප්‍රංශ විදේශ ඇමති එක්ක , එතකොට ඔයාලට අද හොරෙක් වෙච්ච අපිට රජෙක් වෙච්ච මහින්ද මහතා හිටියේ ඇඹිලිපිටියේ , මුළු ඇමති මණ්ඩලයම මහින්ද මහතාට කොළඹ යන්න කිව්වත් , එතුමා , මේ මිලිබෑන්ඩ් මහතාව ගෙන්නුවා ඇඹිලිපිටියට , ඔන්න වෙනස , මේ ගැන හොයා බලා බොරු නම් නැවත ලියන්න , ඉතින් මෙතුමා අපිට රජෙක් නොවේද රවිදු මහතාණෙනි . (ස)
මහානාම, එහෙම කොහොමද විරුද්ධ වෙන්නේ? (නි)
දර්ශන මහත්මයාගේ අදහස දැකලා පිවිතුරු යහපාල මහත්තය කලබල වුණාට, පහුගිය සමයේ රටේ ජනතාව ඇසින් දුටු සත්‍ය ඒක තමයි. එදා හිටි පාලකයින් ජාත්‍යන්තර බිල්ලන්ව පෙන්නා ජනතාව බයකරන්න හැදුවා වගේ, යහපාලත් දර්ශන මහත්මයාව අපාය ගැන මතක් කරලා බයකරන්න හදනවා වගෙයි පේන්නේ. මෙතන අදහස් දමා තිබෙන මහානාමලා හිතනවා වගේ ලංකාවේ ජනතාව නැවත ගල් යුගයකට යන්න කැමති නැහැ. ගණන්කාරකමට වැඩිය මහත්මාකම අගයන බුද්ධිමත් තරුණ පිරිසක් ලංකාවේ ඉන්නවා. පසුගිය ජනවාරි 8 වෙනිදා බොරුවට,ප්‍රෝඩාවට ආයුෂ නැහැ කියන ඒක යථාර්ථයක් බවට පත්කළේ ඒ නිර්භීත නායකත්වය හා ලංකාවේ ඒ බුද්ධිමත් ජනතාව තමයි. (නි)
අජිත් පී.පෙරේරා මැතිතුමනි, ටිකක් ඉවසා ඉන්න (නි)
මහින්ද අපිට රජෙකි (නි)
පිටබැද්දර ජයා සහ වර්තමාන ආණ්ඩුව අගයන අනික් අයගෙන් මේ ඉල්ලන්නේ. තානාපති සේවයට දේශපාලන සහ නෑදෑ හිතවත්කම් මත තනතුරු දීම නොකරපු ආණ්ඩුවක් මහින්ද රජයකට කලින් තිබුනේ නැත්නම් ඔප්පුකර පෙන්වන්න. ඉහළ විතරක් නෙමෙයි පහළ තනතුරු වලටත් ඒ ටික වුණා. දැන් ඉතින් කිසි නරකක් නොකරනවා කියපු හංසයාත් හිමීහිට වැඩේට බහිනවා වගෙයි. ජයා, ඔයාටත් දැන් හොඳයි ඔය මොකක්හරි ඉල්ලන්න. (නි)
මේ පොඩි මල්ලිලා ටික දවසක් ඉවසාගෙන ඉන්නකෝ. තව ගොඩක් දේවල් නැවත එන හැටි බලාගත්තහැකි එන ඡන්දෙන් දිනුවොත් මේ ආණ්ඩුව (නි)
පිටබැද්දර ජයා,කඩේ යන්නේ කාටද? (නි)
කියන කොට එහෙමයි. කෙරනකොට මෙහෙමයි. බලය ගන්නකන් ඕනෑම මඩක් ගැසීමයි සිදුවෙලා තියෙන්නේ. හොරු ගැන කතාකරලා, හොරෙක් ද බැංකුවට දැම්මේ. පේනවා නේද යහා පාලනයේ රඟ. (නදී)
දර්ශන මහතාණනි මගේ නමින්ම ප්‍රතිචාර කිරීම ගැන අගය කරමි . ඇත්ත පාට කන්නාඩි ගලවා කතා කලා යුතුයි , හැබැයි එහේම දාන අයට තමා එහෙම කිව යුත්තේ . ගිය ආණ්ඩුවේ ගොඩක් වැරදි උනා , රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක උනා කියන එකට මමත් එකගයි , නමුත් 1993 කලින්ට ට සාපේක්ෂව නම් බොහොම අඩුයි , කොහෙද ඔබ කියන මාධය නිදහස අද , ආණ්ඩුව පත් වූ මුල් සුමානෙම අගමැති තුමා පත්තරවල කතෘ වරු ගෙන්වලා කරපු මාද්‍ය සත්තම ඔබ දැක්ක ද ? මා ඔබට එවන්නද ? තවද ඉදිරියේ දී ආගම ගැන හා ජාතිය ගැන කතා කරන්න බැරි නීතියක් පාරිලිමෙන්තුවේ සම්මත කරන්න නියමිත් බව ඔබ දන්නවාද ? ගිය ආණ්ඩුවේ මාද්‍ය නිදහස් නොතිබුනාම නම් කොහොමද පේස් බුක් වලින් හා අන්තර් ජාලයේ මහින්ද මහතාට විරුද්දව විශාල් වියාපාරයක් ගෙනගියේ ? ඔබතුමා පේස් බුක් බැලුවාද ? ඒ වගේම ලංකා දීප එසැන මගින් මොන තරම් අපක්ෂපාති විග්‍රහක් කලාද ? බැසිල් මහතා මුදල් ගසා කන්න ඇති , එතුමාට දඬුවම් කරන්න , නමුත් රට උකසට තබා කරනේ මේ දේවල් අනුමත කර බලන අයගෙන් මා ඉල්ලා සිටින්නේ පාට කන්නාඩි ඉවත් කර යහපත් මනසින් බලන්න කියා . ඔබතුමා ගේ වයස මා නොදන්නා නිසා මා කියන්නම් , 1986 - 89 කාලයේ සිදු වූ මිනීමරු ගැන මේ අද වගේ එලෝ එලෝ පරික්ෂා කර දඩුවම් දුන්න නම් , අද එජාපයක් නැ . අද ජවිපෙ කලා යුත්තේ බොරුවට වංචා දුෂණ ලිපි ගොනු උස්සන් මාද්‍ය සංදර්ශන පවත්වා බ්‍රයිබරි එකෙට යන එක නොවේ, එදා 1987- 90 කාලයේ මරාදැමුනු හා අතුරුදහ වූ තම සගයන් ගැන මානව හිමි කම් කතා කිරීමයි , නමුත් අද එයා ලට මතක නැ එයාලෙඅගෙ අතීතය , අපිට මතකයි අපි විශ්ව විද්‍යාලේ නො මැරී බේරුනා හැටි . දර්ශන මහතාණෙනි බැසිල් හොරකම් කළා නම් හිරේ දාන්න , මහින්ද හෝ ගෝටා මිනි මරුවා නම් හිරේ දා හෝ එල්ලුම් ගස් යවන්න , නමුත් දිනා ගත්තු නිදහස පාවාදෙන අයට උඩ ගෙඩි දෙන්න එපා (ස)
විකුම් රංගන මහතාණෙනි , ජන 8 වෙනිදා මොකද උනේ ? කවුද දින්නේ ? කවුද පැරදුනේ ? දින්නේ මෛත්‍රී මහතා නොවේ , දින්නේ වෙනින් කට්ටියක් , පැරදුනේ මහින්ද මහතා නොවේ , පැරදුනේ රටයි , එදා උන ඒ කුමන්ත්‍රණය තමා අද එංගලන්තයේ මිලිබෑන්ඩ්ලා හරහා ක්‍රියාත්මක වෙන්නේ , කරුණාකර යහපාලන සිහිනෙන් නැගිටින්න , ඇස් ඇරලා බලන්න අද මොකද වෙන්නේ කියලා . (ස)
ලංකාදීප එසැණ මේ කරන අපක්ෂපාතී මාධ්‍ය සත්කාරයට මාගේ උපහාරය! සියලු දෙනාගේ අදහස් වැදගත් විදිහට පළකෙරෙන මේ සංවාදය මා වඩාත්ම ප්‍රියකරන සිංහල සංවාදයයි (නි)
ඕස්ට්‍රේලියාවේ අපිට සිටි හොඳම තානාපතිතුමා තිසර සමරසිංහ. රට වෙනුවෙන් ඇත්තට වැඩකළා. අපි වුණත් රටට නරකක් වෙනවා දැකලා එතුමාව දැනුවත්කළාම ඔහු ඒ ගැන හෙව්වා. කීපපාරක්ම ටීවී වල ලංකාවේ නම කතාවෙන වැරදි පුවත් යනකොට අපි කිව්වාම එතුමා එවෙලේම ඒවාට නිසි පියවර ගත්තා. තිසර සමරසිංහ මහතා දේශපාලනයක් නැතුව රටට වැඩකළා. අන්තිමට එතුමාව ඉවත්කළේ කාගේ උවමනාවටද දන්නේ නැහැ. දැන් ආයෙමත් මේ ටිකට වැඩේ පරණ තාලෙටම යනවා වගේ පෙනෙන්නේ. කරුණාකරලා ඕස්ට්‍රේලියාව වගේ රටකට කොන්ද කෙළින් තිබෙන රටට ආදරේ කෙනෙක් එවන්න. (නි)
පිටබැද්දර ජයා කඩේ යන්නේ තානාපතිකමක් ගන්නවද්ද? (නි)
පිටිබද්දර ජයා මහතාණෙනි , පහුගිය ආණ්ඩුවේ සමහර අය කෝටි ගණන් ගැහුවා කියලා මමත් පිළිගන්නවා. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් ඒවා ඔප්පු කරනතුරු , බොරුවට මාධ්‍ය සංදර්ශන පෙන්වලා වැඩක් නැහැ. අනෙක මේ ආණ්ඩුවේ දුෂණ වංචා ගැන කියන්න තාම අලුත් වැඩියි. ඡන්දයක් කටේ තියාගෙන දින 100 ක් ඇතුළත හොරකම් කරන්න තරම් මේ අය මොන්ටිසෝරි යන අය නොවේ. ගිය රජයේ අයත් ආ ගමන් මෙහෙම තමා. කුහකකම අතහරින එක තමා අද වැදගත්ම දේ. මට නොවේ, බොරුවට චෝදනා කරන අයට කියන්න (නි)
දෙපැත්තකින් කතා කළ හැකි එකම දෙය දේශපාලනය.හැමදාම කෙරෙන්නේ ඡන්ද දායකය රැවැට්ටුවා..(ම)
වැඩේ ඇත්තටම හොඳයි. ඕක 30% නැතුව 0% කරන්න පුළුවන් උනොත් ලොකු දෙයක්. මහින්ද මහත්තය පරදින්න කලින් ඔය පත්වීම් ලැබුණු අයගෙනුත් විශාල බලපෑමක් තිබුන (බ)
පිස්සෝ කලබල වුනාට ඩොක්ට කලබල නෑ, අපි මහින්ද මහත්තයට! (බ)
කිරි කලේට ගොම බින්දුවක්- යහපාලනය මුලාවක් (බ)
මෙතන කුලියට ලියන මහානාම වගේ අය නිසා එසැන තීරුව නිකම් දේශපාලන ප්‍රචාරක රැළියක් වෙලා. ඔහු උගතෙක් බවත් පවසනවා. අපිට නම් ලැජ්ජයි මහරජෙක්ව හිසේ තියාගෙන වන්දනා කරන අන්තේවාසිකයෙක් වෙන්න. සරසවියකට වැස්සටවත් ගියාද? (අ)
පද්මිණි, අනික් අයට පහරදෙන්න කලින් ඔයාගේ සරසවි වගතුග කියලා ඉන්නකෝ. මෙහෙමත් පිස්සු කතාවක් මේ දැක්කමයි. මම හිතුවේ අකුරු ලියන්න පරිඝණකයක් සහ ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්න පුලුවන් නම් සහ ඉතුරුටිකට තමුන්ට යම්කිසි පුවතක් ගැන යම්කිසි දැනුමක් තියනවා නම් ඒ ඇති කියලා. මදැයි, දැන් බැලුවහම උපාධියකුත් ඕනෑද? (නි)
ඔය 30% දේශපාලන පත්වීම් නැතිවම බෑ වගේ.(ම)
පද්මිණි, කුලියට ලියන අය කීප දෙනෙක්ම ඉන්නවා එහෙනම්. පිටබැද්දර ජයා මේ තීරුවටම ලියනවා මහින්දට විරුද්ධව. ඒවගේම ඩුබායි තිලක් කියලා කෙනෙකුත් නිතරම මහින්දට විරුද්ධව ලියනවා.අනික මේකේ ලියන්න සරසවි යන්නම ඕනෑ නැහැනේ. (නි)
ජයා, ඔයා පත්තර බලන්නේ නැද්ද? (නි)
දර්ශන, මාධ්‍යයේ දාන්න පුළුවන් ඉතා කුඩා හරි දෙයක් කරනවා නම් මාධ්‍ය වල දමාවි. නොදන්නා දේ කියවන්නේ නැතුව ඉන්න (නි)
කටින්ද කොහොමද කතා කරන්නේ.(නදී)
අනේ රවිඳු, පාර්ලිමේන්තුවෙවත් හරියට ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නේ නැතුව රටේ කොහොමද ඇති කරන්නේ? ඔයා ප්‍රජාතන්ත්‍රවාදය දන්නේ නැත්නම් ඒක ඉගෙනගෙන එන්න (නි)
කාගේ කාගේත් කිල්ලෝටවල හුණු තියෙන නිසා, මේක සුළු දෙයක්. (බ)
විකුම් ,ඔබගේ පෙනීම නැතිකම හෝ තම වාසිය තකා නොදැක සිටීම ගැන හරි කණගාටුයි. අඩුම ගානේ ලංකාදීපයවත් හරියට කියවන්න (නි)
මේවා නැති කරන්න බෑ, කළ යුත්තේ අවම කිරීම හා , හැකිතාක් දුරට සුදුසු කම් ඇති අය පත් කිරීමයි. මොකද කොයි පක්ෂේත් කැපකිරීම කර වැඩ කරන අය ඉන්නවා , එයාලට ගැලපෙන තැනක් ලබා දීම සාමාන්‍ය දෙයකි . නමුත් වැදගත්ම දේ සුදුසුකම් හා වැඩ කරන ක්‍රියා පිළිවෙලයි (බ)
දුමින්ද , කිරි කලේට ගොම බින්දුවක් නොවේ , දින 100 න් කෙරුනා කියන්නේ ගොම කලේට කිරි බිංදුවක් වැටුණා වගේ වැඩක් . පුළුවන් නම් ඔය යහපාලන උදවිය ගෙන් අහන්න මොනවාද කරපු එක හොඳ දෙයක් මේ දින 100 ඇතුලේ . බඩු අඩුකළා කිසිම ප්‍රතිපාදන නැතිව , අද අය වය පියව ගන්න බැ , පඩි වැඩි කළා කිසිම ප්‍රතිපාදන නැතිව අද ගෙවා ගන්න බැ , පෙට්‍රල් ඩීසල් අඩු කළා , දැන් අයවැය පරතරය පියව ගන්න බැරුව බඩුම කර ගන්න ගියා , එ්කත් බැරි උනා , දැන් කඩුවෙල සල්ලි අච්චු ගහලා තමා අය වැය පියවන්න හදන්නේ , මොකද ඡන්දෙ නිසා මොනවා හරි කරලා සහන දෙන්න ඕනා නෑ. මේවා නම් මහින්දට නොවේ ජේ වී පි එකටත් කරන්න තිබුනා , හැබැයි මහින්ද ආණ්ඩුව නොකරපු හා කඩා කප්පල් කරපු ස්වාධීන කොමිෂන් සභා නැවත බල ගැන්වීම නම් ඉතාමත් අගනා ක්‍රියාවක් , මිල කළ නොහැකි ක්‍රියාවක් (බ)
පද්මිණි, ඔබ ගැන කියන්න මට චවන නැහැ (නි)
මම ඕස්ට්‍රේලියාවේ අවුරුදු තිහකටත් වැඩිය ජීවත්වෙන ලාංකිකයෙක්. මේ වෙනතුරු ලංකාවෙන් මේ රටට ආපු ඉතාමත් විශාල විදිහට ලංකාවට සේවය කරපු මහ කොමසාරිස්තුමා තමයි අද්මිරාල් තිසර සමරසිංහ මැතිතුමා. එතුමා ලංකාවට නැවත හොඳ නමක් ලබාදෙන්න විශාල මෙහෙයක් කළා පුටු රත් කරන්නේ නැතුව. දේශපාලන පත්වීමක් වුනත් ඔහු තනතුරට සුදුසුයි. දැන් එතුමාව අයින් කරලා. මහා කොමසාරිස් කාර්යාලය පරණ කාලයටම යවන්නේ නැතුව නියම සුදුස්සෙක්ව එවන්න. (බ)
මහානාම, වෙන මුකුත් එපා අද මිනිස්සු හිතේ බයක් සැකක් නැතුව හිතට එන දේ කතා කරනවා , සුදු වැන් පස්සෙන් පන්නනේ නැහැ , මිනිස්සු අතුරුදහන් වෙන්නේ නැහැ , මාධ්‍ය නිදහස අන්තිම ඉහළයි , කෝටි ගණන් ගසා කාපුවා අද ඉතුරුයි තව ගොඩක් තියෙනවා කරපු යහ පාලනේ වෙලා මදි ඔක්කොම ලියන්න , කුහකකම හිතින් අතැරලා යහපත් විදියට යහපත් මනසකින් බලන්න (බ)
කව්රු කව්රුත් දේශපාලන තානාපතිකම් දුන්නා. 2001 දී රෝසි සේනානායකටත් දුන්නා දැන් ගොළුවෝ වගේ ඉන්නවා (බ)
මහනාම මහත්තයා ,පාට කණ්ණාඩි ගලවලා බලන්න. මාධ්‍ය අරන් බලන්නකෝ.ආන්ඩුවේ දේවල් වලට වඩා විපක්ෂයේ දේවල්නේ දාන්නේ පැරදිලත් මහින්ද මහත්තයාගෙ ඒවාත් කොච්චර දානවද.ඉස්සරත් විපක්ෂයේ ඒවා දැම්මා .හැබැයි ඒවා දැමීමේ මඩගහන්න.කොටි ත්‍රස්තවාදය වෙනුවට රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වුනේ.කිසිකෙනෙකුට ආන්ඩුවට විරුද්ධව කටක් හොල්ලන්න බැහැ.රජයේ මුදල් ගසාකෑවේ නැත්නම් බැසිල් රාජපක්ෂ මොකද පැනලා ගියේ.අනෙක තමයි මහින්ද මහත්තයා දිනුවනම් මෛත්‍රී මහත්තයාගෙ,පොන්සේකා මහත්තයාගේ තුන්මාසේ දානයට ලකලෑස්තිවෙනවා.පාටකන්නාඩි ගලවලා පියවි සිහියෙන් බලන්න (බ)
අනේ අපේ රට විනාශයි.(බ)
පද්මිණි නෝනා, රට ගැන කතා කරන්න, රටට ආදරේ කරන්න උගත් වෙන්න ඕනෑත් නැහැ, සරසවි යන්න ඕනෑත් නැහැ. මම හිතන්නේ මගේ උගත්කම් හෝ ඔබේ උගත්කම් මෙතනට වැදගත් නැහැ. කරුණාකර කියන්න වැඩි දෙනා අකමැති නම් මම නොලියා ඉන්නම්. අනෙක රට වෙනුවෙන් ලියන්න කතා කරන්න මට නම් කුලියක් අවශ්‍ය නැහැ නෝනා මහත්තයෝ. ඔබතුමියට මගේ උගත්කම අවශ්‍ය නම් දැනගන්න මම ජීව දත්ත පත්‍රිකාවක් එවන්නම්. (නි)
පිට බැද්දර ජයා, ඔයා දන්නේ සුදු වෑන් ගැන විතරද. 89 කාලේ කොහෙද හිටියේ. (බ)
පිටබැද්දර ජයා, එකක් අඩුයි පටන් ගන්න කොටම මහා බැංකුව කොල්ල කාපු එක ලියල නැහැ. යහපත් මනසින් බලන කොට ඒවා පෙන්නේ නැහැ.(බ)
පිටබැද්දර ජයෝ..අපිත් හිටියේ ලංකාවේ ..සුදු වැන් වල ගියානම් ගියේ එහෙම යන්න ඉතාමත් සුදුසු පිරිස..යායුතු පිරිස..සමාජ පිළිල ..කුඩු කාරයෝ..පාතාලයෝ..තිරිසන් මිනි මරුවෝ.. එහෙම මිසක් එක අහිංසක මිනිහෙක් සුදු වැන් එකක ගියා කියල අහල තියෙනවද..ඔය නොතිබුනා කියන මාධ්‍ය නිදහසයි දැන් තියෙනවයි කියන වෙනස පැහැදිලි කරන්නකෝ..පහුගිය රජය වගේම ජනපති තුමත් පවුලේ සාමාජිකයිනුත් නිර්දයව ඔප්පුකල නොහැකි කාරණා සම්බන්ධයෙන් කල විවේචන පත්තර බලන මනුස්සයෙක්නම් ඔබ තුමා පහුගිය කාලේ නොදක ඉන්න විදියක් නැහැ..ඒ මාධ්‍යවේදීන් සියල්ල අපි දැනුවත්වනම් යහතින් ඉන්නවා ඔක්කොම..ඔය කියන නිදහස නොතිබුනානම් එයාල එහෙම ඉන්න විදියක් නැහැනේ..කුහකකම් තියෙන්නේ ඔබ තුමාගේ හිතේ..යහපත් මනසින් යහපත් විධියට සංසන්දනයක් කරලා බලන්න..(බ)