යහපාලන නාම පුවරුවට මුවා වී වැරදි කිරීමට දේශපාලනඥයින්ට හෝ රාජ්‍ය නිළධාරින්ට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
සියලූදෙනා තම හෘද සාක්ෂියට අනුව කටයුතු නොකළහොත් ජනතාව යහපාලන ආණ්ඩුව කෙරෙහි තැබූ බලාපොරොත්තු බි`ද වැටෙනු ඇති බවද යහපාලන සහ සංහි`දියා සංකල්පයන් ජයග‍්‍රහණය කරවා රටත්, ජනතාවත් ජයග‍්‍රහණය කරවීමට සියලූදෙනා කැපවිය යුතු බව ද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති විශේෂ සම්මන්ත‍්‍රණයක දී ජනපති කීවේය.
රාජ්‍ය නිලධාරීන්ට එල්ලවන බලපෑම් පිළිබ`ද සහ ඔවුන්ගේ දුක් ගැනවිලි පිළිබ`ද කටයුතු කිරීමට අපක්ෂපාතී සහ මධ්‍යස්ථ ආයතනික ව්‍යුහයක් ස්ථාපිත කරන බවද විනය,ශිෂ්ඨත්වය පදනම් වූ යහපාලන සංකල්පය ආරක්ෂා කරමින් යහපත් සහ සමෘද්ධිමත් දේශයක් ගොඩනැ`ගීම පිළිබ`ද පළමු ආදර්ශය ලබාදිය යුත්තේ දේශපාලනඥයින් බව ද ඔහු කීවේය.
අද තිබෙන ආර්ථික තත්ත්වයෙන් රට ගොඩගැනීම ස`දහා කළයුත්තේ එකිනෙකාට චෝදනා කරමින් ඇ`ගිල්ල දිගු කර ගැනීම නොව තමන් භාරගත් වැඩ කොටස නිසි ලෙස ඉටු කරමින් රට සහ ජනතාව වෙනුවෙන් යුතුකම් සහ වගකීම් ඉටු කිරීම බවද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් කීවේය.
COMMENTS
ඔය ටික සමහර ඇමතිවරුන්ට කිවුවොත් නරකද? (නි)
අනේ ඔබතුමා කියන දේ කළා නම් අද මුළු රටම ඔබතුමා එක්ක. දැන් මුළු රටම පාරේ. (නි)
දිනපතාම පත්තර බැලුවොත් එතකොට ලංකාවේ තත්වය හොඳින් බලාගන්න පුළුවන්. (නි)
මිනිසුන්ට බොරු කරන්නේ නැතුව රජය විසුරුවා හරින්න කියලයි අපි නම් කියන්නේ. කතා අහලා අපිට දැන් එපාවෙලා ඉන්නේ. (නි)
දැන් දැන් ආණ්ඩුව කෙරෙහි තිබෙන විශ්වාසය අඩුවෙමින් යන බව පෙනීයනවා. ආණ්ඩුවේ සමහර ඇමතිවරු ගන්න තීරණ සහ ක්‍රියාමාර්ග පිළිබඳව ගොඩනැගෙමින් තියෙන්නේ විශාල අප්‍රසාදයක් (නි)
ඇත්තට? එතකොට ඔය උතුරට සිංහලයින්ට යන්න බැරි ඇයි? (නි)
මෙය කරගෙන යාමට නම් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී බඳවා ගැනීමේ පරිපාටියට අනුව පමණක් බඳවා ගතයුතුයි. එසේම ඒ ඒ සේවයට නියමිත සුදුසුකම් ප්‍රසිද්ධ කළයුතුයි. (නි)
හෘද සාක්ෂිය සහ සංකල්ප වලට වඩා රටක ඉදිරි ගමනට වඩාත් වැදගත්වන්නේ නීතියේ ආධිපත්‍යයයි. දේශපාලකයන්ට ඇති අසීමිත වරප්‍රසාද සීමාකොට සියලුම පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන පුරවැසියන් බවට පත්කරන්නේ නම් සියලුදේ නිවැරදිව සිදුවේවි. තමන්ට නීතියේ රැකවරණය ඇතිබවට පැහැදිලි විශ්වාසයක් ඇත්නම් රාජ්‍ය නිලධාරීන් කිසිවෙකුගේ ගැත්තන් බවට පත්නොවී වැඩකරාවී. ඉතා ඉහළ ආර්ථික දියුණුවක් හා උසස් ජීවන මට්ටමක් ඇති සියලු රටවල ඇති දියුණුවේ රහස නම් නීතියේ ආධිපත්‍යයයි. (නි)
"අද තිබෙන ආර්ථික තත්ත්වයෙන් රට ගොඩගැනීම සඳහා කළයුත්තේ එකිනෙකාට චෝදනා කරමින් ඇඟිල්ල දිගුකර ගැනීම නොව".... තවත් ඉතින් මොනවා කතා කරන්නද? ඒ කියන්නේ අසරණ මිනිසුන්ට බදු පිට බදු ගහලා දඬුවම් කරනවා කියන එකනේ.
යහපාලනය කෙරෙහි ජනතාව තැබූ බලාපොරොත්තු තාම තියෙනවද? ඔබතුමා පත්තරෙන්වත් දැක්කේ නැද්ද? (නි)
යහපාලනය පස්සට දාලා එළිපිට වැරදි කරන අය ඉන්න එකනේ අපිට ඇති ප්‍රශ්නේ. (නි)
ජනතාව ගෙදර තියපු හොරු කව්ද ළඟට ගත්තේ. අපිද? (නි)
නැහැ නැහැ. කිසිම වැරදි වැඩක් වෙන්නේ නැහැ. මහබැංකු වංචාව, කුඩු ගෙනල්ලා විකුණන එක, මිනිස්සු උස්සලා තර්ජනය කරන එක, පගා ගහන එක සහ තවත් බොහෝ දේ වැරදි වැඩ නෙමෙයි (නි)
දේශපාලඥයින්ට වැඩිය භයානක සමහර නිළධාරින් බව දන්නෝ දනිති. පසුගිය සමයේ සිටි සමහර අය කරනුයේ යහපාලනයට කඩේ යන බව පෙන්වමින් ඇතුළතින් කඩාකප්පල් වැඩ කිරීමයි. ඔවුන් බලා සිටිනුයේ නැවත වාරය එනතුරුයි. මේ අය ගැන සොයා බලන්න. නැත්නම් රටත් ඉවරයි. ආණ්ඩුවත් ඉවරයි. (නි)
මේවට මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ (නි)
ටීවී එකෙයි රේඩියෝ එකෙයි යන බණ වලට අමතරව තවත් බණක් විදිහට තමයි මේවා අපි දකින්නේ. (නි)
මේ දැනටත් සිද්ධවෙන වැරදි අපිට හොඳටම ඇති (නි)
ගරු ජනාධිපතිතුමනි, මේ වචන ස්වල්පයට ඔබතුමාට ස්තුතියි! ණයගැතියි (නි)
අනේ ඉතින් මොකට කියනවද ඒවා ගැන (නි)
වැරදි ගැන නම් ඉතින් කියන්න ගියොත් මෙතන ලියන්න ඉඩ මදිවෙයි (නි)
කොහේ එ්ක කරන්නද? පටන්ගත්ත දා ඉඳලා පෙළපාලි හා පාගමන්නේ. එදා එක්සත් ජාතික පක්ෂයෙන් මේ දේවල් කළේ නැහැනේ (නි)
අනේ අපි මොකටද මේවට උත්තර දීලා (නි)
හොඳයි හොඳයි අපි බලමුකෝ (නි)
අපොයි නැතුව නැතුව. මහබැංකු සිද්ධියට දඬුවම් කළාද?? (නි)
නින්දට යනවිට හෝ සිහිපත් කළහොත් යහපාලනය නිසා සිංහලය අද මුහුණ පා ඇති තත්ත්වය මනාව වැටහේවි.(හේ)
දැන් ඔය ඔබතුමාලා කියන දේවල් සිද්ධ වෙන්නේ කවදද? (හේ)
පසුගිය දුෂිත පාලකයිගේ දුෂිත නිලධාරීන් තවම සෑම ආයතනයකම ඉහළ පුටුවල සිට කඩාකප්පල් න්‍යායක් ගෙනියනවා. මුල සිට සුද්ද නොකර යහ පාලනය කීවට ලංකාවට ඒවා හරියන්නේ නැහැ, (බ)
ඔබ තුමා ගොඩක් දේවල් දැන ගන්නේ වුනාට පස්සේනේ.(හේ)
තවත් කියනවනේ යහපාලනය ගෙන ලැජ්ජා නැතුව. අපිට පේනවනේ මේ පාලනය රට කන හැටි.රට හදපු මිනිස්සුන්ගෙන් පළිගන්න හැටි (බ)
ඉඩක් නැතිය කීවත් වැරදි සිදුවුනාට පස්සේ දැනගන්නේ පත්තරෙන් නේද. (හේ)