නව රජය ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් ඔස්සේ මානව හිමිකම් ශක්තිමත් කරන ඉදිරි ගමනක නිරතවන බව ඇමරිකා එක්සත් ජනපද නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ෂැනොන් පැවසීය.
සාමයේ ප්‍රතිලාබ ශ්‍රී ලංකාවේ සියලු ජනතාවට ලබාදීමට ඇමරිකාව කටයුතු කරන බවද ෂැනොන් කීවේය.
ඇමරිකා නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම්වරයා විදේශ අමාත්‍යංශයේදී ඇමැති මංගල සමරවීර මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා සිදුකළ අතර වෙළඳාම හා ආයෝජන ඉහළ නැංවීම හා සමුද්‍රික ආරක්ෂාව පිළිබඳ සහයෝගීතාවය ගැනද සාකච්ඡා කළ බව එහි ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ සියලු ජනතාව සාමයේ ප්‍රතිලාභ දැනටමත් භුක්ති විදිනවා තමයි. ඈමරිකාව ඒ ගැන කරදර වෙන්න උවමනා නෑ. ඒ ගොල්ලො දැන් ලිබියාවට, ඉරාකයට, ඈප්ගනිස්ථානයට එහෙම සාමයේ ප්‍රතිලාභ ලබාදෙන හැටි පේනවනේ. (ම)
කීකරුකමට සහතිකයක්ද ? (ම)
අපොයි ..! මේ අයගේ සහතික අත ලෙවකන්න මේ අය කඩයිද මී.? දෙයියන්ට කන්නලව් කරනවා ඇරෙන්න දැන් ඉතින් වෙන මොනවා කරන්නද ? (ර)
ඇමරිකාව ලංකාවට ඇතුල් වුනොත් මහා විනාශයක්ම සිදු වෙනවා .මෙය රටේ ජනතාවගේ කැමැත්ත මත සිදුවුණු එකක් . .සුබසාධනය නැති කිරීමත් රජයේ ප්‍රතිපත්තියයි .මේවා නොදැනද ඡන්දෙ දුන්නේ ?දැන් කලබල කරන්න එපා.වැඩක් නැහැ (බ)
අපිටත් ඉස්සරහට වියට්නාමයට, බින් ලාඩන්ට වගේ ප්‍රතිලාබ ලැබේවි. (අ)
කලින්ම සහතික ලබුනෙක ලොකු දෙයක්. තවම කට්ටිය එෆ්සීඅයිඩී එකට යනවා එනවා විතරයිනේ. (බ)
නියම මරාලයක් තමා මෙයාලා කිට්ටු කරගෙන තියෙන්නේ. (ම)
ඇමෙරිකාව ගියතැන සුද්ද කරනවා, පේනවනේ මැදපෙරදිගට සහ අනෙකුත් උදව් ලබාගත්තු රටවලට වෙලා තියන එක. මේගොල්ලෝ එතන රවට්ටගෙන තෙල් සහ ගන්න පුළුවන් දේවල් ටික ඇදගෙන සැප විදිනවා. අර මෝඩ මිනිස්සු ටික දුක් විදගෙන මරාගන්නවා. ළගින් ගියොත් ඇහැක් නැහැ. (බ)