හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සන්ධාන අපේක්ෂකත්වය ලබාදීම නිසා කලබලයට පත්ව සිටි එජාප පාක්ෂිකයන් වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්‍රකාශයත් සමග උද්දාමයට පත්ව සිටින බව හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා බියගම මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී පැවසීය.
‘ජනවාරි 8 වැනිදා මේ රටේ බහුතර ජනතාවක් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති කිරීමෙන් පසු බලාපොරොත්තුවූ යහපාලනය තව දුරටත් වත්මන් ජනපති ආරක්ෂා කරන බව මුළු රටටම විශ්වාසයක් ඇතිවී තිබෙනවා. ඒ සඳහා සහාය දුන් එජාප පාක්ෂිකයින්, සිවිල් සන්ධාන ඇතුළු ප්‍රගතිශීලී ජනතාවගේ බලාපොරොත්තු සුන් නොකරන බව ජනපතිතුමා ඔප්පු කළා‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් ශ්‍රී ලංකාවක් සැදීමට මෛත්‍රී මහත්මයාට හා රනිල් මහත්මයාට ශක්තිය හා වාසනාව ලැබේවා.(නදී)
ඒ ජා ප ය බටහිර ගැති. ජනපති ඒ ජා ප ගැති. අලි සෝක් (නදී)
දැන් සුණූවිසුණූවෙලා ඉවරයි... (ම)
නාත් මහත්තය පිලි ගන්නවා මහින්ද මහත්තය දිනනවා කියල..නීති පොතෙන් ප්‍රතිවාදියාව නවත්තන්න කියන්න ලජ්ජා නැද්ද මහත්තයෝ..තමුන් පිරිමියෙක්ද..? නැත්නම් නපුන්සකයෙක්ද ? මහින්ද මහත්තය ඔහොම තුට්ටු දෙකේ නපුන්සක වැඩ කලේ නැහැ කවදාවත් මැතිවරණ වලදී.එතුමා ප්‍රතිවාදියාට මුණ දුන්න මිසක්.අනෙක ඔයාට වඩා නිතිය දන්නා අය සන්ධානේ ඉන්නවා..පුලුවන්නම් එතුමා දිනුවට පස්සේ කරලම බලන්න ඔය නපුන්සක ක්‍රම වලින්වත් යහපාලන ප්‍රතිපලයක් ලැබේවිද කියල.. (ස)
රටක සියලුම පුරවැසියන් ජිවත් විය යුත්තේ එකම නීතියකිනි. එය ජාත්‍යන්තර සම්මුතියකි. එහෙත් මේ රටේ බල පෙරේත දේශපාලනයට පින් සිදුවන්නට එසේ නැත. සමහර ආගමික නීති සියලුම රටවැසියන්ට බලපැවැත්වෙන අතර සමහර ආගමික නීති සිංහලයාට බෞද්ධයාට අවසානය ළඟා කරමින් සිටි. යහපාලනයෙන් මේ රටේ ඇති සියලුම ආගමික නීති ඉවත් කර සියලුම දෙනාට එකම නීතියකින් ජිවත් වීමට සලස්වන්නේ නම් ,වාර්ගික වශයෙන් ඉදිවූ ජනපද තහනම් කර, එවැනි ජනපද ඉදිරියේදී ඇතිවීම වළක්වන්නේ නම් එයද නියම යහපාලනය වෙනු ඇත.(නදී)
ඔබ හරි (නි)
මහින්ද රාජපක්ෂ මහතාට අපේක්ෂකත්වය ලබා දිම ගැන එපාජ පාක්ෂිකයන් කලබල වි නැහැ. එහෙත් රටේ මහජන සම්පත් හොරකම් කරමින් වැඩක් නැති සංවර්ධන ව්‍යාපෘති කරපු හොරුන්ට අපේක්ෂකත්වය ලබා දිම ගැන මුළු මහත් ජනතාවම කම්පා වෙනවා (නදී)
යහපාලනය සුන් කිරීමේ පළමු වෙඩි මුරය තිබ්බේ මහා බැංකු අධිපති නේද ? (හේ)
"කෝප් වාර්තාව ගැන ප්‍රකාශ 23 වනතුරු තහනම්" කිරීම තුලින්ම "යහපාලනයේ බලාපොරොත්තු සුන් නොකරන බව ජනපති ඔප්පු කළා" (නදී) අනේ ඉතින් කාටද මේවා කියන්නේ ?
ජයන්ත, මහා පරිමාන සංවර්ධන ව්‍යාපාරවලින් දවසින් දෙකෙන් අවුරුද්දකින් සුද්ද ලාබ ලබන්න බෑ. කොහොම වෙතත් දැනට ආදායම් නැත්තෙ ගුවන් තොටුපලින් විතරයි. ඒකටත් හේතුව එම සැලැස්මෙ අනිත් කොටස් පටන්ගෙන හෝ අවසන් නැති නිසා ගුවන්යානා පුහුනු පාසල. අවට ඉදිවන කාර්මික නගරය නිදසුන්. සිල්ලර කඩයක්වත් දාපු ගමන් ලාබ ලබන්නේ නෑ. එක රජයක් පටන්ගත්ත දේ රටේ අනාගතය ගැන සිතා ඉදිරියට ගෙනයාමයි කළයුත්තෙ. නුවනින් දකිමු සත්‍යය. බොරුවට මුලා නොවෙමු. (ස)
පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්ෂට අගමැතිකම පමණක් නොව කතානායක තනතුර වත් දැරිය නොහැක. ව්‍යවස්ථාව වෙනස් කර ජනාධිපති ධුරයේ සදාකාලිකව සිටීමට තැත් කළ මහින්ද රාජපක්ෂ දැන් අගමැති තනතුරට පත් වීමට කෙතරම් වලිකෑවද එය මහින්දගේ සහ වහලුන්ගේ සැබෑ නොවන සිහිනයක් වී තිබෙන්නේ 19 වන සංශෝධනය මගිනි. "ඔහු ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරා පත් කොට ගනු ලබා ඇත්නම්" ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට නුසුදුසුකමක් ලෙස දක්වා තිබු තිබු 92 (ඇ) ව්‍යවස්ථාව 18 වන සංශෝධනයෙන් ඉවත් කළද 19 වන සංශෝධනයෙන් එම ව්‍යවස්ථාව එසේම නැවත යලි ව්‍යවස්ථාවට එක් කර තිබේ. ඒ අනුව වයස 30 ට අඩුවීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුසු වීම, ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධුරයට තෝරාගෙන තිබීම, දෝෂාභියෝගයකින් ඉවත්කළ ජනාධිපතිවරයෙකු වීම, යන කරුණු 92 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙකු ලෙස තොරා පත් කර ගැනීමට නුසුදුසුකම් වේ. ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට නුසුදුස්සකු ජනාධිපති ධූරයේ වැඩ බැලීමටද නුසුදුස්සෙක් වීම අනිවාර්යයකි. (ස)
ඔහෙලා දින 100 යේ පොරොන්දු කොපමණ ඉටු කලාද බලන්න .රටේ ළමා පරපුර පවා මේ කාලය තුල මත් ද්‍රව්‍ය වලට පුරුදු වුනා .මහා බැංකුවෙන් රු 4800/= ක් කොල්ල කෑව (ස)
නුවන්ට මොන වගේ උත්තරරයක් දෙන්නද කියලා මට තේරෙන්නේ නැහැ (නි)
රුවන් මහතාණෙනි, අපි ඔබ සමඟයි (නි)
නුවන්, හම්බන්තොට ගුවන් තොටුපළ දැන් ආදායම ලබන්න පටන්ගෙන. ඒක බහුකාර්ය යෝජනා ක්‍රමයක් වගේ. ඒකනේ ගුවන්තොටට යන පාරේ මිනිස්සු ගම්මිරිස් වේලන්නේ, නේද? (නි)
මාස හයෙන් සුනු විසුණු වුනා (බ)
සන්ධානය දින දෙකෙන් වික්ෂිප්තව අන්දමන් වෙලා (ම)
"මහින්ද රාජපක්ෂ මහතාට සන්ධාන අපේක්ෂකත්වය ලබාදීම නිසා කලබලයට පත්ව සිටි එජාප පාක්ෂිකයන්" (ම)
ලංකාවේ විශාලම හොරකම මහ බැංකුවේ සිදුවී ඇත. හොරෙක් නොමැත. පොලී අනුපාත ඉහලගොස් ඇත. මේ අයටත් ඔබේ චන්දය දෙන්න එපා. (ස)
බොරුකාරයන් සහ හොරුන් නැති පාර්ලිමේන්තුවකට අපි එකඟයි. (නදී)
නාත් මහත්තය පිලි ගන්නවා මහින්ද මහත්තය දිනනවා කියල. තමුන් පිරිමියෙක්ද..? නැත්නම් නපුන්සකයෙක්ද ? මහින්ද මහත්තය ඔහොම තුට්ටු දෙකේ නපුන්සක වැඩ කළේ නැහැ කවදාවත් මැතිවරණ වලදී. එතුමා ප්‍රතිවාදියාට මුණ දුන්න මිසක්.අනෙක ඔයාට වඩා නිතිය දන්නා අය සන්ධානේ ඉන්නවා..පුලුවන්නම් එතුමා දිනුවට පස්සේ කරලම බලන්න ඔය නපුන්සක ක්‍රම වලින්වත් යහපාලන ප්‍රතිපලයක් ලැබේවිද කියල. (අ)