රටේ යහපාලනය ඇති කිරීම සඳහා ජනවාරි 8 වැනිදා ඇති කළ වෙනසින් ආරම්භ වූ වැඩපිළිවෙළ දැනට නැවතී ඇති තැන සිට ඉදිරියට ගෙනයාමට නම් යහපාලනය ගෙන ඒමට කටයුතු කළ පිරිසකට එළඹෙන මහමැතිවරණයේ දී ද බලය ලබාදිය යුතු යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ පැවසූහ.
යහපාලනයක් ඇති කිරීමට කැපවී ක‍්‍රියා කළ සියලූ පාර්ශවයන් දැනට සිටින්නේ යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ සමඟ බව ද දඹර අමිල හිමියෝ සඳහන් කළේය.
මෛත‍්‍රීපාල සිරිසේන මහතා ආරම්භ කළ ගමන ඉදිරියට ගෙන යා හැක්කේ එම කණ්ඩායමට බව පෙනීයන්නේ යැයි ද දඹර අමිල හිමියෝ පවසා සිටියේය.
පසුගිය ජනවාරි 8 වැනිදා තැබූ පියවර ජයග‍්‍රහනයකින් කෙළවර කරගැනීමේ අරමුණ ඇතිව ලබන 17 වැනිදා ඡුන්දය භාවිතා කිරීමට සියලූ දෙනා අදිටන් කරගත යුතු යැයි ද උන් වහන්සේ කීවේය.
අමිල හිමි මේ බව පැවසුවේ කොළඹ මහජන පුස්තකාලයේ දී අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
යහපාලනය සඳහා වූ භික්‍ෂු සංසදය මගින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.
යහපාලනය සඳහා වූ භික්‍ෂු සංසදයේ කැඳවුම්කරු අත්තන්ගනේ ශාසනරතන හිමි, බෝපිටියේ ධම්මිස්සර හිමි, රජවත්තේ වප්ප හිමි, එක්සත් භික්‍ෂු පෙරමුණේ විධායක සභික හා කුරුණෑගල දිස්ත‍්‍රික් සංවිධායක කරකොලේ පියදස්සී හිමියෝ ඇතුළු භික්‍ෂූන් වහන්සේලා පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන් වදාල මග තුලින් මෙලොව පරලොව දිනා ගනු මැන. (ර)
හිමි වරුනි අපේ සංසාර ගමන කෙටි කර ගැනීමට අපට ධර්මය දේශනා කරනු මැනවි . අපි ඔබ වහන්සේලාගෙන් බලා පොරොතු වන්නේ එපමණි. (ර)
දුමින්ද හරියට හරි (ම)
ගොඩක් හොද නිර්මාණ. (ර)
දුමින්ද, යහපාලනය කියන එක බුදුන් වදාළ මගක් තමයි.දස රාජ ධර්මය කියන්නේ යහපාලනය තමයි (බ)
සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගණිනු...(බ)
හාමුදුරුවනේ සසර දික් නොකර ගන්න (බ)
දුමින්ද, බුදුන් වදාළ මග භික්ෂුන්ට පම්මනක් නොවේ . බොදු ගිහියන්ටත් එම මගම තමා. රට යහ මගට ගැනීමට අවශ්‍ය දේ කිරීමට, ප්‍රකාශ කිරීමට, ගිහියන් පමණක් මැදිහත් විය යුතු බව වැරදි මතයක්. (ර)
මෙයාලා දේශපාලනයට කරන්නේ වාසි ලැබෙන ආකාරයට. (ම)
අනේ අපට පවු නොදෙන්න. (අ)
අද දේශපාලනය කරන හාමුදුරුවෝ නිසා බුදු දහමේ පැවැත්මට තර්ජනයක්. ගිහියන්ගෙන් අවවාද අනුශාසන ගන්න තත්වයට පත්වුණා. (අ)
මම ඉස්සර හිතුවේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් තම තමන්ගේ යහපත සාදා ගත යුතය කියා. (ර)
විශ්ව විද්‍යාල හාමුදුරුවන්ට අකැපයි. (අ)
දෙවියන් අතර යක්ෂින් ද වෙස් වලා සිටින බව පෙනේ ! (අ)
මේ අය තමයි ලංකාවේ සිංහලයව බාල්දු කරන්නේ. (අ)
ධර්මය දේශනා කිරීමේදී මිනිසුන් වෙනුවෙන් කළ යුතු හොඳ දෙය දේශනා කිරීම භික්ෂුන්ට අයිති දෙයක්. .බුද්ධ දේශනාව ජාති ආගම් කුල බේද නොතකයි. (අ)