භාණ්ඩාගාර බැඳුම්කර අක්‍රමිකතාව මෙන්ම පසුගිය දා කොටහේනේ වෙඩි තැබීම එක්සත් ජාතික පක්ෂ පාලනයේ දුර්ගන්ධය පෙන්වන සිදුවීමක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පැවසීය.
ඔහු මේ බව කීවේ ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.
කොටහේන් වෙඩි තැබීම පාතාලයන් පිරිසකගේ සිද්ධියක් නොවන බෙව පෙන්වීමට රවී කරුණානායක මහතා උත්සාහ කළ ද එජාපයේම තවත් අපේක්ෂකයන් දෙදෙනකු මෙය පාතාලයට සම්බන්ධ පිරිසකගේ ක්‍රියාවක් බව කියා ඇතැයි ද පෙරේරා මහතා පැවසීය.
මෛත්‍රීපාල සිරිසේන ජනපතිට සැබෑවටම යහපාලනයක් ඇති කිරීමට අවශ්‍ය වී තිබුණ ද එජාපය මිනීමරුවන් හා කුඩුකාරයන් තබාගෙන යටයුතු කිරීමෙන් යහපාලනය යන්න විකට වචනයක් බවට පත් වූ බව ද ඔහු සදහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාදිපතිතුමනි ඔබ බලාපොරොත්තු වන යහ පාලනය,නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය මේ දේවල් වලට ඔබ ගන්න ප්‍රතිචරය හා ක්‍රියාත්මක කිරීමේ වේගය හා ප්‍රතිචාර දක්වන ආකාරය අනුව අපට තෙරුම් ගත හැක.(නදී)
දැන්නම් අපිටත් එහෙම හිතිලා තියෙනවා (නි)
මට නම් මේ කතාවලට හිනාත් යනවා (නි)
දැන්ද එයාට දැනිලා තියෙන්නේ ගඳ සුවඳ? (නි)
අපි බලමුකෝ... (නි)
ඒක අපි 18 වෙනිදට බලමුකෝ (නි)
දැනට රට පාලනය කරන ජනාධිපති තුමා ගැන තවම කට්ටියට හරි තේරුමක් නැහැ වගේ. (ම)
විදේශ රැකියා කරන අපිට නම් සමහරුන්ගේ ගඳ හොඳට දැනුනා (නි)
දැන්ද නහයට ගඳ සුවඳ දැනෙන්නේ? (නි)
අම්මපා එයාට තියෙන්නේ පුදුම නහයක්නේ! ඒ කාලේ ගඳ දැනිලා නැහැනේ (නි)
මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට පැමිණියහොත් ඒ සිවිල් අවකාශය ඉතා දැඩි ලෙස සීමා කෙරෙනවා ඇති. ඔහු බලය ඉල්ලන්නේ කිසිසේත්ම ජනවාරි 8 වෙනිදා ලැබූ පරාජයේ පාඩම් ඉගෙනගෙන නෙමෙයි. ඔහු පමණක් නෙමෙයි, ඔහුගේ පාර්ශවය නියෝජනය කරන කිසිම කෙනෙක් පරාජයෙන් දේශපාලන පාඩමක් ඉගෙනගෙන අලූතින් හිතන බවක් පෙනෙන්නේ නැහැ. එයින් කියවෙන්නේ තම පරාජයෙන් කිසිදු දේශපාලන පාඩමක් නූගත් බවයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ සගයන් අලූත් දේශපාලන ගමනක් යන බව පෙන්වා නැහැ. එම නිසා ඔහුට නැවත බලය ලබාදීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මහත් අනතුරක් (නි)
උපුල් හරි. එදා කෑගහපු විදියට අපි හිතුවා හැදෙයි කියලා.නමුත් හිටියටත් වඩා තවත් දුර්වල තත්වයට මොවුන් සියලු දෙනාම වැටිලා. (නි)
තමුන්ගේ ආසනය පවා දිනවන්න බැරි අැමතිතුමෙක්නේ. අනික් අයගේ කුනුමයි හොයන්නේ. කුණු ගොඩක් විදේශ සේවා එකේ නම් තියෙනවා. එතකොට පහුගිය ආණ්ඩුවේ තිබ්බ කුණු කඳු වල ගඳ මෙයාට නොදැනුනේ ඒ කාලේ නහයෙන් නෙවේ වෙන්න ඇති හුස්ම ගත්තේ.(නදී)
කව්රුත් මේ වගේ අයව සුද්ද කරන්න එපා. (නදී)
රතු පස්වලදි ගඳ දැනුනෙ නෑ.....? (නදී)
මේ අයගේ ගඳ රටට විතරක් නෙවෙයි මුළු ලෝකයටම දැනේ. (නදී)
ජනපතිතුමනි ඔබේ නියම නිර්පාක්ෂික බව පෙන්වා පාතාලය මට්ටුකරන්න (නදී)
මේ ගිය අවරුදු දහයට කරපුවා අපිට අමතක නැත. විදේශ සේවා අරමුදල්වලට මොකද වුනේ කිසිම වර්තාවක නැත (නදී)
හඩ්ඩෙකුට ගඳ දැනිලද ? (නදී)