දිවයිනේ සැම ප්‍රදේශයකම යහපාලන රජය දැවැන්ත සංවර්ධනයක් අරඹා තිබියදි යම් පිරිස් සහ බලවේගයන් විසින් එය කඩාකප්පල් කිරිමට කකුලෙන් ඇද ජනතාවට ලබා දෙන්නට යන ප්‍රතිලාභ නතර කිරිමට යෑම ඉතාම කනගාටුදායක තත්ත්වයක් බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා අද (27) යටිනුවරදි පවැසිය.
‘ගිය සතියෙත් මේ පිරිස් කොළඹදි උද්ඝෝෂණයක් කරලා විපක්ෂයේ මන්ත්‍රිවරයෙක්ට තුවාල සිදුවුණා. අපි ඒ ගැන ඇත්තටම කනගාටු වෙනවා. ඒකෙ කිසි වරදක් පොලිසියටවත් වෙන දේශපාලන පක්ෂයටවත් අයිති වෙන්නෙ නෑ. ඒ මන්ත්‍රීවරයා වැටිල තුවාල වුණාම ඒකෙ වරදත් යහපාලන රජයට දාල තියෙන්නෙ අපි කිසිසේත් එම චෝදනා භාර ගන්නෙ නෑ. රටේ සියලුම ජනතාවට තොරතුරු දැනගැනිම සඳහා තොරතුරු දැන ගැනිමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවර තිලක්, අකුරු ලියන්න කියන්නයි භාෂාවල් දැනගෙන හිටියට ප්‍රමාණවත් නැහැ. මම ලියලා තියන එකේ අන්තර්ගතය තේරුම් ගන්න තරම් බුද්ධි මට්ටමක් නැත්නම් වැඩක් නැහැ. මම අවධාරණය කළේ උගත් බුද්ධිමත් යමක් තේරුම්ගන්න හැකි කාලයේ තාලයට ගැළපෙන මානව සම්පතක් හදන්න ඕනෑ. ඒ සමගාමිව සංවර්ධනයත් යන්න ඕනෑ. එහෙම නැතුව ගියොත් අපිවත් සත්තු වත්තක අමුතු සත්තු ජාතියක් කියලා විදේශිකයන්ට ටිකට් අළෙවි කරලා ප්‍රදර්ශනය කරයි. (නි)
මේකට කියන්නේ "නොපෙනෙන සංවර්ධනය" කියලා. දන්නේ නැත්තන් දැනගන්න. යහපාලන ආණ්ඩුවේ සොයාගැනීමක්. කාටද ආඩම්බර. (නි)
මහජනතාව ජීවත් වෙන්න මහා ලොකු අරගලයක් කල යුතු කාලයක්. පොඩි මිනිහට දැනෙන දේ ලොකු මිනිස්සු දන්නේ නැහැ. (ර)
මන්ත්‍රීතුමෝ ඔබවැනි තරුණ මන්ත්‍රිවරු පරිලිමෙන්තුවේ සිටීම සතුටකි. නමුත් අපි දන්න තරමින් කකුලෙන් ඇදීමෙන් ප්‍රමාද කිරීමට තරම් සංවර්දන කටයුත්තක් මේ රජයෙන් පටන් ගත්ත හෝ ගන්න යනවා කියලා දන්නේ නැහැ. එහෙම තියනවා නම් එකක් දෙකක් කීවානම් තමා හොද. (ර)
සම්පූර්ණ ඇත්ත මේ කතාව (නි)
අරුණ සමග මාත් එකඟයි. මන්ත්‍රීතුමා අපිට වැඩ පෙන්නන්න. අපි එතකොට ෆුල් සපෝට්. හැබැයි, බැඳුම්කර, විගණකාධිපතිට ගැරහීම වගේ දේවල් ඇහෙනකොට අපිට ලොකු සැකයක් ඇතිවෙනවා රජයේ වියදම් සංවර්ධනයට යනවද වෙන කොහෙවත් යනවද කියල. ඒ කිව්වේ අපේ බදු මුදල් හරි පාරේ යනවද නැද්ද කියන එකයි. (නි)
කෝ අර 10 ගුණයේ සංවර්ධනය? (නි)
අනේ මන්දා ජනතවගේ පෙනීමේ දෝෂයක්ද කියලා? අපිට පෙනෙන්න නම් කිසිම සංවර්ධනයක් නැහැ, ඇමතිවරුන්ගේ කියවිල්ල ඇරෙන්න (නි)
මසුරන් කියමන අරුණ මහත්තයෝ (නි)
පවතින යමක් කර ඇත්තේ යහපාලන රජය පමණයි (නි)
රට එකතැන පල්කිරීම සහ රටේ ණයබර වසරකින් දෙගුණ කිරීම කියන්නේ සංවර්ධනයට නෙවෙයි මහත්තයෝ. (නි)
ගාමිණී දිසානායක මහතා අනුගමනය කළ මඟ යන්න. කිසිදා නොවරදිනු ඇත (නි)
මෙය දුටු මට ඒ ශ්‍රේෂ්ඨ නායක ගාමිණී දිසානායක මහතා සිහියට නැගුණි. (නි)
අරුණ මහත්තයෝ, අපේ රටේ මොන සංවර්ධනය කළත් වැඩක් නැහැ, නිසි කළමනාකරණයකින් තොරව ඉබාගාතේ ඇවිදින මානව සම්පතක් ඉන්නවා නම්. අපිට ඒක හොඳටම දැනෙනවා විදේශීය රටක ඉන්න නිසා. එදා මෙදාතුර කරපු භෞතික සම්පත් සංවර්ධනය නම් පොළොවෙන් උඩට පෙනෙන රූස්ස ගහ වගේ ගහ දරාගෙන ඉන්න මුල් පද්ධතිය විනාශ වුණොත් අපිට අර ලස්සනට පේන්න තියෙන රූස්ස ගහ අපිට නොදැනිම විනාශ වෙනවා. ඒ නිසා මුලින්ම කළයුත්තේ මානව සම්පත නිසි මාවතට යොමු කිරීම. ඉන්පස්සේ භෞතික සම්පත් ඉබේ දියුණුවෙයි (නි)
රට වටේම මහා පරිමාණයේ සංවර්ධනයක් කරමින් යහපාලනය දුන් පොරොන්දු ඉටුකරමින් යනවා ( හිනානොවී කියවන්න ) (නි)
මහින්ද සහ ඔහුගේ ගෝලබාලයෝ තවමත් දඬුවම් වලින් බේරී ඉන්නේ රටේ ස්ථාපිතව ඇති දුර්වර්ණ නීතියේ පිහිට නිසාය. (නි)
අම්මපා! කොහෙද අප්පා ඕක අරඹලා තියෙන්නේ? (නි)
අරුණ කියනවා වගේ ඉස්සර කරපු දේවල් හඬ නඟලා විවෘත කළා මිසක් මොනවද කරන්න යන්නේ කියලා කියන්න බලන්න. කතාව නම් තියෙනවා. කරපු දෙයක් නම් නැහැ (නි)
ඇයි කකුලෙන් අදින්නේ ඔච්චර හොඳට වැඩ කෙරීගෙන යනකොට? පරණ කුණු අදින්න තාම පටන්ගත්තා විතරයිනේ. කරන එක සංවර්ධන වැඩක් තියනවා නම් කියමු බලන්න මහජනතාවට දැනගන්නත් එක්ක. (නි)
'දිවයිනේ සැම ප්‍රදේශයකම යහපාලන රජය දැවැන්ත සංවර්ධනයක් අරඹා තිබියදි'.... ඔය කියන දිවයින කොහෙද තියෙන්නේ...? (නි)
මේ ආණ්ඩුව හිතාගෙන ඉන්නේ රටේ ජනතාව අන්ධයෝ කියලා (නි)
\"දැවැන්ත සංවර්දනය\" (ම)
ඔබතුමාලා පටන්ගෙන කකුලෙන් ඇදලා නවත්වපු සංවර්ධනයක් කියමුකෝ බලන්න. එදා අධිවේගී මාර්ග තනනකොට අපි නම් දැක්කා කකුලෙන් අදිනවා. එදා යුද්ධය කරනකොට කොතරම් සහය පළකළාද කියලත් අපි දැක්කා. (නි)
ජනතාව කෙසේවෙතත් ජනතාවගෙ රීරිමාංශ බිබී දේශපාලකයෝ නම් සංවර්ධනය වන බව පේනවා (නි)
වැරැද්දක් කර ඇත්නම් නීතියට අනුව දඬුවම් කළයුතු බව ඇත්ත. නමුත් මහා පරිමාණයෙන් මහජන මුදල් කොල්ලකමින් රට ජාතිය වෙනුවෙන් යැයි කියමින් රටේ පාලනයට එක්වෙන මොවුන් ඇප පිට නිදහස් කිරීම ආණ්ඩුවට සල්ලි හම්බකරන තවත් මාර්ගයක් ලෙසයි මට නම් පෙනෙන්නේ. (නි)
මෙහෙම ගියොත් ඉතින් සංවර්ධනය තියා තියෙන වර්ධනයත් ඉතුරු වේවිද මන්දා? (නි)
රජිත්, ඔයාගේ මානව සංවර්ධනය ගැන මම කියන්නේ සාපේක්ෂව. ඇමෙරිකාවේ ඉන්න මිනිහෙකුට ඉගෙනගන්න තරම් වත්කමක්, අරෝග්‍යශාලවකට ගිහින් බෙහෙත් ටිකක් ගන්න වත්කමක් නැහැ කියන්නේ මොකද්ද? අපේ මානව සම්පත ලෝකේ දියුණුවෙමින් පවතින රටවල හොඳම එක කියලා යූඑන් එක කියනවා නම්, අපි කොහෙද ඉන්නේ? මේක මතක තියාගන්න. අපේ රටේ විතරයි තණකොළ කපන, රා මදින, කසිප්පු පෙරන මිනිහගේ ළමයටත් ආණ්ඩුවේ ඉස්කෝලේ සහ මෙඩිකල් කොලේජ් ගිහින් දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් එකම රට. (නි)
මේ රජය කළ එක සංවර්ධනයක් කියන්නකෝ. දන්නෙ නැති නිසයි අහන්නේ (නි)
කව්ද කියනවා පවතින දෙයක් කළේ යහපාලන රජය කියලා. එයා නින්දෙන්වත් අැහැරිලාද දන්නේ නැහැ. හොඳ හීනයක් බල බලා ඉඳලා. අනේ මහත්තයෝ කියන්නකෝ කරපු එක දෙයක් අාශාවට දැනගන්න (නි)
බැහැලා ඉන්න වළේ ප්‍රමාණය දැක්කහම කොපමණ සංවර්ධනයක් කරලා තියෙනවද, කරන්න යනවද කියලා පේනවා. මම මේ කියන්නේ රජිත්ට. මමත් ඉන්නේ ලංකාවෙන් පිට. එ්ක නිසා මට පේනවා අපේ රට කොතරම් වාසනාවන්තද කියලා. බටහිර රටවල් බලන්නේ ඒ වාසනාවන්තකම අපෙන් ඈත් කරන්නයි. (නි)