ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ සමීපතමයකුවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හිටපු සාමාජික යසාදි ලැනරෝල් මහත්මිය (90) අප්‍රේල් 2 වැනි සෙනසුරාදා අභාවප්‍රාප්ත වූවාය.
ඇය වසර කිහිපයක් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය යටතේ මහජන සම්බන්ධතා නිලධාරිනයක ලෙස කටයුතු කළාය.
ගුරුවරිය වශයෙන් සිය වෘත්තීය ජීවිතය ඇරැඹූ ලැනරෝල් මහත්මිය අනුරාධපුර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, මාතර ශාන්ත මේරි විද්‍යාලය, කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහල හා කළුබෝවිල මහා විද්‍යාලයේ සේවය කළාය.
පසුකාලීනව ඇය කොළඹ විශ්ව විද්‍යාලයීය ඉංග්‍රීසි අධ්‍යයන දෙපාර්තමේන්තුවට සම්බන්ධවූ කටයුතු කළාය. ඇය කතුවරියක ලෙස මෙන්ම නාට්‍ය ශිල්පිනියක ලෙසද නමක් දිනා සිටියාය.
ඇගේ දේහය 67/1, කඩවත් පාර, දෙහිවල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අප්‍රේල් 4 වැනිදා සවස 5ට කොහුවල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යසා දි ලැනරෝල් දිවි සැරිය නිමකරයි