හිටපු ජනපති පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂට එරෙහිව නාවික හමුදා පරීක්ෂණයක් පැවැත්වෙද්දී ඔහු ඩුබායි බලා පෞද්ගලික සංචාරයකට ගියේ කෙසේදැයි ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රශ්න කරයි.
එම පෞද්ගලික සංචාරයට නාවික හමුදාපති අවසර දී ඇති බව ඔහුගේ සොයුරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මාධ්‍යයට පවසා ඇතැයිද හමුදා නිලධරයකුට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙද්දී නිවාඩු අනුමත කිරීම බලවත් වරදක් බව පෙනේ යැයිද ඔහු කියයි.
පෞද්ගලික සංචාරයකට නොව විවාහ ගිවිස ගැනීමකට පවා කලින් අවසර ගත යුතුව තිබියදී යෝෂිතට විශේෂ වරප්‍රසාද දෙනුයේ ඔහු හිටපු ජනපතිගේ පුත්‍රයකු නිසාදැයි වෛද්‍ය ජයතිස්ස ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රශ්න කරයි.
නලින්ද ජයතිස්ස මහතා යොමු කළ ලිපිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් අය පනින කම් තමා මේ අතගාන්නෙ (නදි)
ආපසු එන එකක් නැහැ. එයාලා රට යන්නේ "වන්-වේ" ටිකට් වලින් බව දැන දැනත් මේ අයට රට යන්න දෙන එකනේ පුදුමය කියන්නේ. (නි)
මේ ගැන වහාම විනය පරීක්ෂණයක් පවත්වන්න (නි)
දැන් පේනවානේ හිරිහැර කරන්නේ නැහැ කියලා. කලින් කළාටත් වැඩිය හපන් වගෙයි දැන් කරන වැඩ. (නි)
මෙච්චර හරියක් වෙලාත්, තමන්ගේ අතේ තිබුන බලය නැතිවෙලාත් මේ පුතාලා පාඩමක් ඉගෙනගන්නේ නැහැ වගෙයි. (නි)
එයාලා කවදත් වැරදිමනේ හොයන්නේ. (නි)
නඩරාජා කියන්නේ නාවික හමුදාවේ සාමාන්‍ය අයට එක නීතියකුත් බලවතුන්ගේ දරුවන්ට තව නීතියකුත් තිබෙන්න ඕනෑ කියලද ? (නි)
නාවික හමුදාවේ කිසිම කෙනෙකුට නැති වරප්‍රසාදද යෝෂිතට තිබෙන්නේ? අනෙක් අයටත් ඒ පහසුකම් තිබුනා නම් මෙයා ඒවා භුක්ති වින්ඳා කියලා අපි වචනයක් ඒ ගැන කියන්නේ නැහැ. (නි)
අනේ ඇත්තට! තවමත් මේ රටේ හැඳි දෙකකින් බෙදන එක නැවතිලා නැහැනේ. කෝ මේ නීතියේ ආධිපත්‍යයට රට පමුණුවනවා කියපු ඇත්තෝ? (නි)
අනේ මන්දා මේවා! (නි)
තාම 88-89 චෝදනා තියෙද්දී රට පැන්න අයත් නිදැල්ලේ නේද? හමුදා නීතිය -සිවිල් නීතිය දෙකක් කියලා ජෙනරාල් ෆොන්සේකා මැතිතුමාට කළ දෙයින් අපිට හිතුනා (නි)
අදහස් දක්වන අයට කැමති අයට විතරද රට යන්න පුලුවන්? (නි)
ලංකාවේ අයගේ ගතිගුණ කාටවත් වෙනස් කරන්න බැහැ (නි)
නඩරාජා නොහොත් බන්දුල පෙරේරාට ජයවේවා ! (නි)
පැමිණිල්ලකට සති 2ක් ගතවීත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට හේතු විමසිය යුතුයි. එතකින් නොනැවතී විදෙස්ගතවීමට අනුමැතිය ලද ආකාරයත් විමසිය යුතුයි. නීතිය දැන් හෝ සාධාරණවත් සර්වසම ලෙසත් ක්‍රියාත්මක වනු දැකීම තුළ මහජනයාට යහපාලනයක උදාව දැකිය හැකිය. එසේ නොවුණහොත් ඉදිරියේදීත් නීතිය ගැන මහජන විශ්වාසය බිඳවැටේවි. (නි)
අනේ මන්දා ජවිපෙටත් තියෙන ප්‍රශ්න! (නි)
නන්ද, දන්නේ නැත්නම් නිකන් ඉන්න. මෙලනි, නිවැරදි අයට විතරයි රට යන්න දෙන්න ඕනෑ. (නි)
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහන එක තමයි අපි හැමදාම කරන්නේ (නි)
ජාත්‍යන්තර පොලිසිය දාලා හරි මෙයාලව අල්ලාගෙන නාවික හමුදා නීතිය යටතේ හමුදා අධිකරණයට පමුණුවලා දඬුවම් කරන්න කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා (නි)
ඕවා පොඩි දේවල්.1948 සිට වෙන්නේ ජනතාව රැවටෙන එක. මේක තේරුම්ගන්න නොහැකිව වැඩකරලා වැඩක් නැහැ. අපිට දැන් ඕනෑ වැඩ (නි)
මෙලනි නමින් තිබෙන්නේ මගේ අදහසක් නම් නෙමෙයි. (නි)
මෙලනි, මෙයාගේ රටයාම රටටම ප්‍රශ්නයක් නිසානේ මෙහෙම කතාකරන්නේ. ඔයා හෝ මම රට ගියාට මෙහෙම වෙන්නේ නැහැ (නි)
අර හිටපු ඇමැති කෙනෙක් කිව්වා වාගේ , ගිය එක ගියා. කොහොමද මුන්ට විශේෂ වරප්‍රසාද.නීතීය එක හා සමාන විය යුතුයි (දිල්)
ජේ.වී.පී. එකේ වැඩේ ඉතින් ඕකමනේ (නි)
මුළු රටම විනාශ කරලා රට පැනල හිටපු සෝමවංස අපුරුවට නිදහසේ ඉන්නවා. ඒවා හරි. මෙයාලගේ පැමිණිලි ඊළඟ ඡන්දෙ වෙනුවෙන් බව හොඳට තේරෙනවා. ඊට පස්සේ ඕව ඔක්කොම හමස් මල්ලේ. (නදී)
අවසර අරගෙන ගියා නම් මොකක්ද වරද ? (නදී)