දෙහිවල මිහිඳු මාවතේ නිවසක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවා තිබූ හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සාබ්දීන් මහතා අද (16) නියෝග කළේය.
පෙර නිකුත් කළ නොතීසියක් මත යෝෂිත රාජපක්ෂ අද අධිකරණයේ පෙනී සිටි අතර නඩු විභාගය ලබන අගෝස්තු 11 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිසමට යනවා ඊලග දවසේ ඇප හම්බ වෙනවා. (ර)
ගමේ පියදාස පොල්ගෙඩියක් හොරකම් කළ සැකයට අධිකරණයට ඉදිරිපත් කළා නම් දවස් 14 ඇතුළේ. මේ මාළිගය හදන්න මුදල් ලැබුන ආකාරය පෙන්වන්න පුලුවන් නම්, මේ ගැන කිසිම සැකයක් නැත්නම් මෙයා නිදහස් කරන්න. සැක නම් රිමාන්ඩ් කර නඩුව විභාග කරන්න. නීතිය යටතේ සියලු පුරවැසියන් එක සමානය (නි)
හිතේ බයක් නැති නිසා තමයි මෙයා හිනාවෙලාම ඉන්නවා ඇත්තේ (නි)
හැරෙන තැපෑලෙන් අැපත් ලැබෙනවා. ඉතින් බයකුත් නැහැනේ (නි)
සමහහරුන්ගේ නම් එකම විනෝදාංශය මහජන මුදල් හොරාකෑමයි. (නි)
හොරකම් කළා නම් ඒ සල්ලි හොරුන්ගෙන් ආපහු අය කර ගන්නවා වෙනුවට ආණ්ඩුව බදු ගහලා ජනතාවගෙන් ඒවා අය කර ගන්නවා. හොරකම් කළ ඇත්තෝ හිනාවෙවී ඇවිත් ප්‍රකාශයක් සටහන් කරලා ගෙදර යනවා. මම නම් පුද්ගලිකව මේ ජනතාව රවටන ඩ්‍රාමා එක හෙළා දකිනවා. (බ)
ඔක්කොම අදහස් බොහොම අගෙයි. (ර)
වැරදිකරුවන්ට ඉක්මනින් දඬුවම් කරන ක්‍රමවේදයකට යන්න. (ර)
තාත්තා පිට රට...පුතා ඇප මත !!! එයා ආපහු ආවම, බේබිත් එක්ක කළු ලෝගු වල දුවිලි ගසා දමා ඇඳ ගෙන උසාවි යන්න සුදානම් වේවි !! (බ)
ක්‍රමයක් තිබ්බානම් ලංකාවේ මිනිස්සු දේශපාලකයෝ වැරදි කරන්නේ නෑ (හේ)
බාප්පලා, පුතාලා රටේ දේපල තමන්ට කැමති ප්‍රදේශයෙන් අරගෙන මාළිගා හැදුවා. මේ සියල්ලක්ම රාජසන්තක කරන්න ඕනෑ. නැත්නම් ඉදිරියටත් මේ වගේ දේවල් කරනවා (නි)
පිටිගල මිලානෝ ..ඔයාට පරම්පරාවෙන් හම්බුන දේපල වලට උසාවි ගෙනිහින් හිරේ දාන්න ඕනද ? නිකන් මෝඩයෙක් වගේ වෛර කරන්න එපා .ඔය කැමති පක්ෂයකට කඩේ යන්න (බ)
ශරීර ඇප සහ මුදල් ඇප සඳහා ඉදිරිපත්වීමේ සමාගමක් හැදුවා නම්, අන්න නියම ව්‍යාපාරයක්. (නි)
සීසීටීවී කැමරා වලින් සාක්කි ගන්න බැරිද? (නි)
ලක්ෂ 10 මොකක්ද මෙයාලට? බරපතල වැඩ ඇතුව දඬුවම් දුන්නා නම් හරි (නි)