යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම පිළිබඳ සානුකම්පිතව නොබලන ලෙසත්, යහපාලන ආණ්ඩුව මගින් හොරු අල්ලනවා යැයි කියූ නමුත් එය සිදු නොවන බවට දෝෂාරෝපණය කළ බවත්, යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගත්තේ හොරු ඇල්ලීමේ කොටසක් ලෙස බවත් එය මහින්ද රාජපක්ෂ මහතාගෙන් පළි ගැනීමක් හා දේශපාලනික පළිගැනීමක් නොවන බව සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු සරත් විජේසූරිය මහතා ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ සිය පුතා අත්අඩංගුවට ගත් විට සංවේදී ඡායාරූප සමාජ ජාලා වෙබ් අඩවි වල පළ කළද ප්‍රගීත් එක්නැලිගොඩ හා සරත් ෆොන්සේකා මහතාට සිදුවූ අසාධාරණකම් වලදී එම බිරින්දෑවරුන්ගේ හා පවුලේ අයගේ ඇස්වල තිබුණේ කඳුළු නොවේදැයි යනුවෙනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුකම්පා ලබන්න තරම් රාජපක්ෂලා නිවටයෝ නොවෙති. (ර)
ආනන්ද,කඩේ යන්න ගානකට. (ර)
යෝශිතට ඇති බරපතලම චෝදනාව මේ සි එස් එන් ප්‍රශ්නය නොවෙයි ..ඊට වඩා ගොඩාක් දුෂණ චෝදනා තිබෙනවා. (බ)
පාලකයන් රටට කරලා තිබෙන විනාශය මිනීමරු ප්‍රභාකරන්ට අවරුදු 35 කදීවත් කර ගන්න ලැබුනේ නැහැ. (බ)
මහින්ද සෞදි ඔබට ගොඩක් රිදිලා මගේ ප්‍රතිචාරයට , මන් කිව්වේ නුගතුන් සහ මහින්දගේ වහලුන් කියා , ඔබත් එයින් කෙනෙක් වන්නට එති , අනික උගතෙක් නම් සෞදි රටට යාවිද ? (කෞ)
මෙතුමා සල්ලි වලට,හුදු පැවැත්මට දේශපාලන පක්ෂ වලට කඩේ යන කෙනෙක් වෙලා ඇති බවයි පෙනී යන්නේ. සහතික තිබුණු පමණින්, තැන තැන කැගහපු පමණින් විද්වතෙක් වෙනවද? සරසවි වල ඉන්න හුදු ආචාර්ය වරු ගොඩක් දෙනෙක් කොච්චර අත්මර්තකමිද කියල ගියපු අයගෙන් අහල බලන්න. ඔය එක ආචාරි කෙනෙක්ගෙන් වත් අපේ රට දියුණු කරන්න ප්‍රයෝගික දායකත්වයක් ලැබුනද ? එහෙම ලැබුන නම් තාම අපේ රට මෙම තත්වයේ තියේවිද?(කෞ)
මෙතන තියෙන්නේ හොරු කවුද හොරු ඇල්ලුවද කියන එක නෙමෙයි. (ර)
ලංකා එක්ක මම 100%ක් එකගවේනවා. එත් ඉතින් ඔය මහාචාර්යවරුන්ට ඕක තේරෙන්නේ නැති එක පුදුම වෙන්න ඕනෙත් නැහැ. (ර)
යුද්ධයේදි පතාක යෝධයෙකු මෙන් දෙමල ත්‍රස්තවාදින් පරාජය කළ මොහුට මේ අයුරින් සැළකීම ජාතියේ අභාග්‍යයකි (නි)
රජින්ද ඔයා හරියට හරි. වැඩි ඈතක නොවෙයි. සිංහයා ඉදිරියේ හිවල්ලුන්ට දන ගහන්නම වෙනවා. රොහාන් නීතිය කාටත් එක බව හිරුණීකාගෙන් ඔප්පු උනා.(කෞ)
මම අවුරුද්දකට රුපියල් ලක්ෂයකට වඩා බදු මුදල් ගෙවා තිබෙනවා. සමහර අවුරුදු වල ලක්ෂ 2 දෙකක් පමණ ගෙවා තිබෙනවා. ඒ මුදල් වලට සිද්ධවුණේ මොකක්ද කියන එක අපි දැනගන්න ඕනෑ. (නි)
ලංකා, එහෙම දෙයක් වෙන්නේ නැහැ. (ර)
සරත් ෆොන්සේකා සුදු කොඩි කේස් එකටනේ හිරේ ගියේ (බ)
යහපාලනේ ඉන්නේ හොරු නොවේ රට විකුණන් කන උදවිය , දැන් නොතේරුනාට පස්සේ තේරේවි (බ)
කොටි ඉන්න කාලේ මේගොල්ලෝ කොහෙද හිටියේ. නිකන් ටෝක්ස් දෙන්න එපා. (බ)
යෝශිතට අනුකම්පා කරන්න එපා ත්‍රස්තවාදින්ට අනුකම්පා කරන්න. අපේ කිරි දරුවෝ කපා කොටා පොලවේ ගහා මරා දාපු කොටින්ට අනුකම්පා කරන්න , අබය දානය දෙන්න , ජාතික ධනය විනාශ කරපු , රට විනාශ කරපු සිංහල ද්‍රවිඩ අන්තවාදීන්ට සමාව දෙන්න , අනුකම්පා කරන්න , හැබැයි යෝෂිත ට එපා . ලැජ්ජයි මහාචාර්ය තුමනි ලැජ්ජයි , ඩොලර් වලට කතා කරන්න එපා , සොබිත හාමුදුරුවෝ පැතුවේ මේ වගේ ජරා ජීර්ණ පාලනයක් නොවේ , එකනේ මාස තුනෙන් අපවත් වුනේ ඉහෙන් බහින ලෙඩ නොතිබි (බ)
ලංකා රාජපක්ෂ මැතිතුමා විතරක්ද රට බේරා ගත්තේ, තනියම නෙවේනේ, හිටපු හමුදාපතිලා, හමුදා සාමාජිකයෝ දේශපාලකයෝ, මහජනතාව සියලුම දෙනා රට බේරාගන්න දායක වුණා (බ)
සරත් ෆොන්සේකා යනු යුද විරුවකි. (ර)
මෙයාලා හිරුණිකා ගැන කියන්නේ මොකක්ද? (නි)
යුද්දය දිනුව කියල රට විනාශ කරන්න දෙන්න බැහැ. (බ)
සෞදි රටට උගතුන් යන්නැද්ද ආනන්ද ඔබට වැරදිලා, දැන්වත් අහැරෙන්න. (ර)
සමන් සම්පූර්ණයෙන්ම ඇත්ත. අකුරෙන් අකුරට නිවැරදියි. (ර)
නිල්මිණි ලංකාවේ ද ඉන්නේ එහෙම නැතිනම් ඩුබායි වලද ? (ර)
අයෙත් මෙතන ඉන්න ගොඩක් අය කතා කරන්නේ යෝසිත කරපු වැරදි වැඩේ ගැන නෙමෙයි, එයාගේ තාත්තගේ වැඩ ගැන. දැන් අපිත් වරදක් කලොත් අපේ තාත්ත ගැන බලල නිදහස් කරනවද? දේශපාලක වන්දනාවේ යන්නේ නැතුව කොන්දක් තියෙන මිනිස්සු වගේ ඉන්න. (ර)
බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)
වරදක් කර ඇත්නම් දැඩි දඩුවම් ලබා දෙන්න.(හේ)
වැරැද්දක් කර ඇත්නම් ඇයි අනුකම්පා කරන්නේ.(හේ)
පුදුම වැඩේ කියන්නේ එක සැරයක් කල ගුණ සැලකුවා . (හේ)
ආනන්ද කුලියට කඩේ යන එකත් නුගත් කමටයි වහල් කමටයි දෙකට අයිතියි. (බ)
යෝෂිත කර ඇති බරපතල වරද පියා කුරිරු යුද්ධය අවසන්කළ එකයි. රගර් ක්‍රීඩකයාගේ මිනිය ගොඩ අරගෙන මාධ්‍ය සංදර්ශනයක් දාලා බැලුවා. හරිගියේ නැහැ. මේකට බැරි වුණොත් වෙන කේස් එකක් දාමු නේද? (නි)
අනේ ... අපි නොදන්න සාධාරණ සමාජය...(බ)
යුද්ධය නිම කිරිමේ ගෞරවය හිමි විය යුත්තෙ සරත් ෆොන්සේකාට. (ර)
මෙහි දක්වා ඇති අදහස් දෙස බැලුවම සතුටක් ඇතිවෙනවා. තවමත් අපේ රට ජාතිය ගැන හිතන මිනිසුන් සිටීම ගැන. විදේශ මුදල් වලින් නඩත්තුවන රාජ්‍ය නොවන සංවිධානවලට අපේ රටේ මිනිසුන් මෝඩයන් කළ නොහැකි බව මනාවට පිලිබිඹුවේ (බ)
උගත මනා සිල්පයමයි මතු රැකෙනා, ආනන්දගේ ගැන මටම හිනා. (ර)
රජතුමා තනියම යුද්ද කළේ නැහැ .රටේ පොදු දේපල හුරා කන්න අයිතියකුත් නැහැ ..ඕව සිංහයෝ කරන වැඩ නෙමෙයි (බ)
රජින්ද බිය නොවන්න එම අවස්ථාව උදානොවනු ඇත. නැවත රාජපක්ෂ වරු බලයට නොඑනු ඇත. (බ)
රජින්ද ඔබගේ තර්ජනයේ කිසිම අගයක් නැහැ මොකද මේක නීතියට පටහැනි අවනීතිය නොවන නිසා ඕනෙම කෙනෙක් මහජන දේපල හොරා කනවනම් තරාතිරම නොබලා දඩුවම් දෙන්න ඕනේ (බ)
ඔය මිලියන 234 එක හොරකමක් විතරයි .තව බිලියන ගණන් හොරකම් තියෙනවා මුළු පවුලටම . (බ)
මේගොල්ලෝ හරිම පක්ෂපාති. මේ ආණ්ඩුවේ ඉන්න හොරු සහ අවනීතිය ගැන වචනයක්වත් කථා කරන්නේ නැහැ. රටක් හදන්න නම් සාධාරණ විවේචන මිසක් ආණ්ඩුවට ගෙඩිය පිටින් කඩේ යන මේ වගේ නීච සංවිධාන රටකට අවශ්‍ය නැහැ. මහින්ද මහත්තය කරපු ලොකුම වරද තමයි යුද්දය ඉවර කරපු එක. හැම පවුලකම කෙනෙක් යුද්දයට යවන්න හරි ජීවිතය නැති වෙන්න හරි වුණානම් මිනිස්සුන්ට තේරෙයි. යුද්දය වවාගෙන කෑවනම් මේ වගේ සංවිධාන වලට හොඳයි. රට පිරිසිඳු කරන්න නම් මේ වගේ රාජ්‍ය නොවන සංවිධාන තහනම් කළ යුතුයි. (බ)
මේ වගේ සිංහයෝ ගැන ඇහුවමයි (බ)
අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)
මහා බැංකු මන්කොල්ලේ ගැන කිමද නිහඬ (ම)
එලියන් වයිට් පශු වෙදෙක් බව දැනන් හිටියේ නැහැ (බ)
අධික තණ්හාව බලකාමය මේ සියලු දේ වලට මුල් වේ (ම)
සාපෙළ අසමත් අයට උගතුන් පෙන්න බැහැ. පන්දම් වලින් රැකියා ලබාගෙන උගතුන්ට ගරහනවා (බ)
30 වසරක යුද්දය නිම කොට, ජාතියක කදුළු පිස දැමූ නායකයකුට කලගුණ සැලකීම ගැන අපිට කියන්න ඕන නැහැ.(ම)
මට නම් පේන විදියට ගිය ආණ්ඩුවට වඩා හොරු ඉන්නේ යහපාලනයේ? (බ)
යෝශිතට ඇති බරපතලම චෝදනාව මේ සි එස් එන් ප්‍රශ්නය නොවෙයි ...ඊට වැඩිය එහාගිය එකක් තියෙනවා.කවුරුත් දන්නා අර රගර් ක්‍රීඩකයා...(බ)
කඩේ යන්නේ ජේවීපී එකට (බ)
බලය අයුතු ලෙස යොදවා රණ ශුරයන්ගේ දේ හොරකම් කළ (පාඨමලාවන් )තම නුසුදුසු පුතා වෙනුවෙන් සුදුසු සෙබළුන්ගේ අවස්ථාව අහිමිකළ සහ ක්‍රිකට් ක්‍රීඩාව අගාදයට පත්කළ අයටද පියා ,පුතා ,අම්ම ගොනාට අන්දවා වෙනත් ආයතනයකට රුපවාහිනි කැමරා උපකරණ සහ වාහන මිලදී ගැනීම් නිතිය මගින් දඩුවම් කරන්න (බ)
මේ ආචාර්යය කවුද කියලා අපි දන්නවා. ඩොලර්වලට ඕනෑම පාවා දීමක් කරනවා. (බ)
ආනන්ද දොඩන්ගොඩගේ උගත්කම ඔහුගේ කොමෙන්ට් එකෙන් පෙන්වා තිබෙනවා. ඔහු හිතාගෙන ඉන්නේ එයාගේ මතයට අනුකුල අය විතරයි උගත් කියල, ඒවගේම ඔහුගේ මැදපෙරදිග හා යුරෝපය ගැන ඔහුගේ අවබෝධයත් පෙන්වල තියනවා. (බ)
කුහකම තෙරෙනවා කථා වලින්ම. (ර)
බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නෑ. කියලා පැරණි කියමනක් තියනවා. (ර)
මතක තියා ගන්න මහත්තයෝ අංගුලිමාගේ අම්මටත් අයිතියක් තියෙනවා තම දරුවා වෙනුවෙන් වැළපෙන්න. (ර)
ඔය පින්තුරය තනිකර රඟපෑමක් . රැවටෙන්න එපා (බ)
මේකට සිදුවීමට පළිගැනීමේ මුහුණුවරක් දෙන්නේ යහපාලන අයම තමයි එක්නැළිගොඩලා, ෆොන්සේකලා මෙතනට මොකටද, ඉස්සර සිද්ධ වුනේ අවනීතිය දැනට සිද්ධ වෙන්නේ නීතියේ ස්වාභාවික ක්‍රියාවලිය. (බ)
සරත් ෆොන්සේකා මැතිවරණයෙන් පස්සෙ සතෙක් වගේ කුදලාගෙන යද්දි මිනිස්සු සාප කළ අයුරු මතකයි. (බ)
30 වසරක යුද්දය නිම කොට, ජාතියක කදුළු පිස දැමූ නායකයකුට කලගුණ සැලකීම ඉතා හොඳය. එහෙත් හොරකමට සලකන්න එපා (බ)
මහාචාර්යතුමා අපිට ඔබ ගැන තිබුන ගෞරවය සම්පුර්ණයෙන් නැති වුණා. හොරු අල්ලන්න ඕනේ . කිසිම තර්කයක් නෑ. හොරු ඉන්නේ ගිය ආණ්ඩුවේ විතරද? රට පාවාදීම ඔබ තුමාට නොතෙරේද? ඔබ තුමත් මමත් හැමෝමත් ලොකු කතා කියා කියා උඩ පනින්නේ රාජපක්ෂ මැතිතුමා රට බේරාගත් නිසා,. එතුමාගේ ආණ්ඩු කාලේ සිදු වුණ වැරදි පැහැදිලිවම තියෙනවා. නමුත්, යහපාලන ලේබල් එක දාගෙන රට පාවදෙනවා ඔබ තුමාට පෙන්නේ නැත්තේ ඇයි කියල ප්‍රශ්නයක්. හැමදේම වෙනස් වෙනවා. දේශපාලුවන්ට කඩේ යන්නේ නැතිව රටට වැඩක් කරන්න පෙර පරිදිම. (බ)
සරත් ෆොන්සේකාව හිරේ දාපු එක නම් හොද වැඩක්. එයා එම අවස්ථාවේ බල ලෝබයෙන් කරන්න ගිය වැඩවලට එහෙම දඩුවමක් දිය යුතුයි. පෙන්නේ නැද්ද ඇමෙරිකාව තමන්ගේ රටට දෝහි වෙන අයට සලකන හැටි? එ්කනේ ඇමෙරිකාව ඔය වගේ දියුණු වෙලා ඉන්නේ. (බ)
මේ ඉන්නේ නියම හොර නඩයක් (බ)
යෝෂිත පෙන්වා සීපා ගෙන්වයි වගේ...(ම)
යුද්දය අවසන් කළේ ඔහුට ජනතාව බලය දුන් නිසා එයට එයට සියලු වරප්‍රසාද සමග විශාල වේතනයක් ගෙවනවා .එ්ත් එ් බලය ප්‍රයෝජනයට ගෙන මුළු හත්මුතු පරම්පරාව සමග ඔහුගේ හෙන්චයියලාට දුප්පත් මිනිසුන්ගේ දහදිය මහන්සියෙන් ඉතාම අපහසුවෙන් ගොඩනැගෙන මහජන දේපල කොල්ලකා හැකිද "සාංගික"දේ අපිට අයිති නැති බව ඔවුන්ගේ දෙමුපියන් ඔවුන්ගේ දරුවන්ට කියාදී නැති වුනාට අපේ මවුපියන් අපිට පොඩි කාලයේම කියාදී තිබෙනවා (බ)
ලංකාවෙ නීතිය වල් වදින්න නොදී හරි පාරට වැටෙන්න නම් රාජ්‍ය දේපල සොරා ගත් හැම කෙනෙක්ටම තරාතිරම නොබලා දඬුවම් කළ යුතුමයි.(ම)
සරත් සෞදි , සෞදි වාගේ රටකට යන්නේ , වෙන බටහිර රටකට යන්න තරම් උගත් කමක් නැති කමට , සෞදි වල තත්වය අපි දන්නවනේ , අපහාස කිරීමට නොව ඔබ අසා ඇති ප්‍රශ්නය නිසා ලිව්වේ , (බ)
යහපාලන රජය යටතේ නීතිය කාටත් සමබව දෙස් විදෙස් සියල්ලේ දැනගත යුතුයි ...!!! (ම)
නායකයා තනියම යුද්දේ දින්නා, අනේ පවු !(ම)
චාමර ෆොන්සේකා මහත්තයා කුදලාගෙන යනකොට කොහෙද හිටියේ. යුද්ධ ජයග්‍රහණය වැරදි වැඩවලට ලයිසන් එකක් නෙමෙයි (බ) .
චාමර, ඔබ කියන කළගුණ සැලකීම යනු හොරකම් කිරීමට,මිනී මැරීමට ඉඩ දිමද? (බ)
මේගොල්ල මේ කොහෙන් ඉඳන් පහත් වෙලාද? බස් සංගමයක සභාපති කොහොමද රට හදන්න උපදෙස් දෙන්නේ? මුන් කොහෙද හිටියේ අර බෝම්බ පුපුරන දවස්වල? මුන් දැන් ඉන්නේ නිකන් ගැලවුම් කාරයෝ වගේ. (බ)
ඩොලර් වලට මව් රට පාවා දුන් , අහසින් වැටුණු ජරාජීර්ණ අයෙකි . ඉදින් එවැන්නන්ට ඇහුමිකම් දිය යුතු ද? (බ)
සාධාරණ සමාජයේ කට්ටිය රජය පත් කරලා කරපු හරිය මදිද ? (ම)
මේ ආචාර්යය කවුද කියලා අපි දන්නවා. ඩොලර්වලට ඕනෑම පාවා දීමක් කරනවා. (බ)
රටේ උගතුන් විද්වතුන් යෝශිතගේ අත්අඩංගුවට ගැනීම සාධාරණ හේතු මත සිදුවීමක් කිවත් , නුගත් වහල්වාදී අදහස් දරන , මහින්දගෙන් යැපුන කොටස එය හෙලා දකිනවා , ඕක තමයි සිදු වන්නේ (බ)
මහත්තයෝ හිරුනිකා ? (බ)
හොදයි මහතුනේ අපි බලමු... රාජපක්‍ෂලාට මෙහෙම කරන එක දැන් හොදයිනම් මේ ආණ්ඩුව පෙරළුණුදාට ඔබතුමන්ලා රට පාවල දීපු අය වෙනුවෙන් සිදුකරන මේ මැදිහත්වීම් වලටත් එදාට ඔබතුමන්ලා වික්‍රමසිංහලා හා සිරිසේනලා සමග එකට උසාවි එන්න බලාපොරොත්තුවෙන් ඉන්න. මොකද මේක දැන් හරිනම් ඒකත් එදාට හරි වෙන්න ඕන. (බ)
යුද්දය අවසන් කළේ ඔහුට ජනතාව බලය දුන් නිසා එයට එයට සියලු වරප්‍රසාද සමග විශාල වේතනයක් ගෙවනවා .එ්ත් එ් බලය ප්‍රයෝජනයට ගෙන මුළු හත්මුතු පරම්පරාව සමග ඔහුගේ හෙන්චයියලාට දුප්පත් මිනිසුන්ගේ දහදිය මහන්සියෙන් ඉතාම අපහසුවෙන් ගොඩනැගෙන මහජන දේපල කොල්ලකා හැකිද "සාංගික"දේ අපිට අයිති නැති බව ඔවුන්ගේ දෙමුපියන් ඔවුන්ගේ දරුවන්ට කියාදී නැති වුනාට අපේ මවුපියන් අපිට පොඩි කාලයේම කියාදී තිබෙනවා (බ)
ගිය ආණ්ඩුවේ හොරුටික මේ ආණ්ඩුවෙන් හරි හැටි ඇල්ලුවොත් ඊළග ආණ්ඩුවෙන් වත් මේ ආණ්ඩුවේ හොරු ටික අල්ලාවි. මනෝමාත්‍රික රට පාවා දීමක් ගැන නන්දොඩවන සමහරු කරපු හොරකම් එලිවෙනවට බයේ වියරු වැටිලා. මහාචාර්ය තුමාට තුති. (බ)
යහපාලනයේ හොරු ඇත්තෙම නැහැ (බ)