IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යෝෂිතගේ පරීක්ෂණ දිගටම : රට ගමන් ගැනත් හොයයි

හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් නාවික හමුදාවෙන් පවත්වන විමර්ශනය තවම අවසන් නැතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.

එම විමර්ශනයේ දී ලුතිනන් රාජපක්ෂ නාවික හමුදාවට බැඳුණු ආකාරය ගැනත්, ඔහුගේ විදේශ ගමන් ගැනත් සොයන බව ජයවීර මහතා සඳහන් කළේය.

ලුතිනන් රාජපක්ෂ 2016 පෙබරවාරි 29 වැනි දා වැඩ තහනමට ලක් කළ බවත්, වෙනත් සිද්ධියක් ගැන ඔහුට එරෙහිව ක්‍රියාත්මක වන අධිකරණ කටයුතු අවසන් වූ පසු නාවික හමුදාවෙන් පැවැත්වෙන පරීක්ෂණය සඳහා ඔහු ගෙන්වනු ඇති බවත් මාධ්‍ය ප්‍රකාශක කීවේය.

Capture



අදහස් (0)

යෝෂිතගේ පරීක්ෂණ දිගටම : රට ගමන් ගැනත් හොයයි

සරත් Wednesday, 27 April 2016 11:14 AM

උතුරට කිසිම පරික්ෂණයක් නැතුව දිගටම දකුණට පරීක්ෂණ ඇත එය කළගුණ සැලකීමක් හොද යහපලානේ (කෞ)

:       0       0

කුමාර් Wednesday, 27 April 2016 11:22 AM

නීතියේ දළ කඩාගෙන යයිද මෙයාලා ?(කෞ)

:       0       0

සුසන්ත Wednesday, 27 April 2016 11:40 AM

හැමදාම පරික්ෂණ පමණයි.(හේ)

:       0       0

සිරිසේන Wednesday, 27 April 2016 11:44 AM

මේවා නම් පලි ගැනීම් .මෙහෙම එලව එලව යන්නේ මොකටද?(හේ)

:       0       0

අකිල Wednesday, 27 April 2016 12:31 PM

දැන් ලොකු කාලයක සිට විමර්ශන. තාම කිසිම දෙයක් හොයා ගන්න බැරි වුනාද?(හේ)

:       0       0

ජයන්ත Wednesday, 27 April 2016 12:40 PM

ගමේ ගොඩේ කොල්ලෙක් පොඩි හරි වරදක කලානම් මෙලහකටත් දඬුකඳේ ගහලා ? මෙයාලට තාම පරීක්ෂණ දැන් අවුරුදු දෙකක ඉඳලා අනේ මන්දා අපිට පිස්සුද කියලා (හේ)

:       0       0

නිමල් Wednesday, 27 April 2016 12:47 PM

වරදක් කළහොත් අනිවාර්යයෙන්ම පරීක්ෂණ පැවැත්විය යුතුයි.(හේ)

:       0       0

රොමේෂ් Wednesday, 27 April 2016 01:01 PM

වැරදිකාරයන්ට දඬුවම් නොකර මෙහෙම හුරතල් කරනකොට ගොඩක් කට්ටියට පළිගන්නවා කියලා හිතෙන එක සාධාරණයි.(කෞ)

:       0       0

අරුණ Wednesday, 27 April 2016 01:12 PM

දැන් ඔය පරික්ෂණ කරා ඇති නේද?(හේ)

:       0       0

ධම්ම Wednesday, 27 April 2016 01:14 PM

නුසුදුස්සෝ රැකියාවලට බඳවා ගැනීම වරදකි. මේවාට සම්බන්ධ වන සියල්ලෝ දඬුවම් ලැබිය යුතුය.(හේ)

:       0       0

සම්පත් Wednesday, 27 April 2016 01:16 PM

තව කොපමණ කාලයක් ගත වේවිිද ඔය පරික්ෂණ අවසන් වෙන්න.(හේ)

:       0       0

තාබුක් සිල්වා Wednesday, 27 April 2016 02:06 PM

බල්ලෝ වගේ ඇදගෙන ගිහින් නීතිය අතට අරගෙන තමුන්ට අවශ්‍ය දේ කරගෙන දඩුවම් දුන්න කාලයක් නොවේ මේක.. කාලයක් යනවා පොඩ්ඩක් ඉවසලා ඉන්න (බ)

:       0       0

පරාක්‍රම Wednesday, 27 April 2016 02:38 PM

මොන මොනවා හරි සිද්ධවෙලා තිබෙන නිසා දැනට නඩුවකුත් තිබෙනවා, රාජ්‍ය සේවයේ රැකියා නිලයට පත්වුන හැටියි , ඒ තුලින් වාර ගණනාවක් විදේශගතවූ හැටියි, මේවා නීත්‍යනුකූලද යන්නත් ගැන ප්‍රශ්න නැගීමට පුරවැසියනට අයිතියක් තිබෙනවා නේද ? මේවා මහජන මුදල් පරිහරණයට අදාලවන නිසයි. සාමාන්‍ය පුරවැසියෙකුගේ දරුවෙකුට මෙවැනි වරප්‍රසාද භුක්ති විඳින්නට ලැබෙයිද ?(බ)

:       0       0

විජිත Wednesday, 27 April 2016 02:50 PM

රට රවටන බොරු නාවික හමුදාවට විශේෂ කුසලතා යටතේ අවම සුදුසුකම් උවමනා නැහැ කියල අහලා තියෙනවා ඇත්තද. ළමයි ප්‍රශ්නය නැහැ වගේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site