හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් නාවික හමුදාවෙන් පවත්වන විමර්ශනය තවම අවසන් නැතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.
එම විමර්ශනයේ දී ලුතිනන් රාජපක්ෂ නාවික හමුදාවට බැඳුණු ආකාරය ගැනත්, ඔහුගේ විදේශ ගමන් ගැනත් සොයන බව ජයවීර මහතා සඳහන් කළේය.
ලුතිනන් රාජපක්ෂ 2016 පෙබරවාරි 29 වැනි දා වැඩ තහනමට ලක් කළ බවත්, වෙනත් සිද්ධියක් ගැන ඔහුට එරෙහිව ක්‍රියාත්මක වන අධිකරණ කටයුතු අවසන් වූ පසු නාවික හමුදාවෙන් පැවැත්වෙන පරීක්ෂණය සඳහා ඔහු ගෙන්වනු ඇති බවත් මාධ්‍ය ප්‍රකාශක කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරට කිසිම පරික්ෂණයක් නැතුව දිගටම දකුණට පරීක්ෂණ ඇත එය කළගුණ සැලකීමක් හොද යහපලානේ (කෞ)
නීතියේ දළ කඩාගෙන යයිද මෙයාලා ?(කෞ)
හැමදාම පරික්ෂණ පමණයි.(හේ)
මේවා නම් පලි ගැනීම් .මෙහෙම එලව එලව යන්නේ මොකටද?(හේ)
දැන් ලොකු කාලයක සිට විමර්ශන. තාම කිසිම දෙයක් හොයා ගන්න බැරි වුනාද?(හේ)
ගමේ ගොඩේ කොල්ලෙක් පොඩි හරි වරදක කලානම් මෙලහකටත් දඬුකඳේ ගහලා ? මෙයාලට තාම පරීක්ෂණ දැන් අවුරුදු දෙකක ඉඳලා අනේ මන්දා අපිට පිස්සුද කියලා (හේ)
වරදක් කළහොත් අනිවාර්යයෙන්ම පරීක්ෂණ පැවැත්විය යුතුයි.(හේ)
වැරදිකාරයන්ට දඬුවම් නොකර මෙහෙම හුරතල් කරනකොට ගොඩක් කට්ටියට පළිගන්නවා කියලා හිතෙන එක සාධාරණයි.(කෞ)
දැන් ඔය පරික්ෂණ කරා ඇති නේද?(හේ)
නුසුදුස්සෝ රැකියාවලට බඳවා ගැනීම වරදකි. මේවාට සම්බන්ධ වන සියල්ලෝ දඬුවම් ලැබිය යුතුය.(හේ)
තව කොපමණ කාලයක් ගත වේවිිද ඔය පරික්ෂණ අවසන් වෙන්න.(හේ)
බල්ලෝ වගේ ඇදගෙන ගිහින් නීතිය අතට අරගෙන තමුන්ට අවශ්‍ය දේ කරගෙන දඩුවම් දුන්න කාලයක් නොවේ මේක.. කාලයක් යනවා පොඩ්ඩක් ඉවසලා ඉන්න (බ)
මොන මොනවා හරි සිද්ධවෙලා තිබෙන නිසා දැනට නඩුවකුත් තිබෙනවා, රාජ්‍ය සේවයේ රැකියා නිලයට පත්වුන හැටියි , ඒ තුලින් වාර ගණනාවක් විදේශගතවූ හැටියි, මේවා නීත්‍යනුකූලද යන්නත් ගැන ප්‍රශ්න නැගීමට පුරවැසියනට අයිතියක් තිබෙනවා නේද ? මේවා මහජන මුදල් පරිහරණයට අදාලවන නිසයි. සාමාන්‍ය පුරවැසියෙකුගේ දරුවෙකුට මෙවැනි වරප්‍රසාද භුක්ති විඳින්නට ලැබෙයිද ?(බ)
රට රවටන බොරු නාවික හමුදාවට විශේෂ කුසලතා යටතේ අවම සුදුසුකම් උවමනා නැහැ කියල අහලා තියෙනවා ඇත්තද. ළමයි ප්‍රශ්නය නැහැ වගේ (බ)