හිටපු නාවික හමුදා ලූතිනන් යෝෂිත රාජපක්ෂ මිත්තනිය නමින් මිලදී ගෙන ඇති රත්මලානේ රුපියල් මිලියන 24ක වටිනා ඉඩමක් සහිත නිවස විකිණීම, අන්සතු කිරීම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ඔගස්ට‍්‍රා අතපත්තු මහත්මිය අද (15) නුගේගොඩ ඉඩම් රෙජිස්ට‍්‍රාර්වරයාට නියෝගයක් නිකුත් කළාය.
යෝෂිත රාජපක්ෂ මිත්තණීය වූ 173/2, මිහිදු මාවත ගල්කිස්ස ලිපිනයෙහි ඬේසි ෆොරස්ට්ගේ නමින් රුපියල් මිලියන 24කට මිලදී ගෙන ඇති අංක 04, සිරිමල් උයන, කෙකටිය පෙදෙස, රත්මලාන ලිපිනයේ පර්චස් 31.5ක නිවස සහිත ඉඩම මෙසේ විකිණීම සහ අන්සතු කිරීම වළක්වමින් ලමින් අධිකරණය මේ නියෝගය පැනවීය.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෝසමක් පත‍්‍රයක් මගින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සළකා බැලූ මහේස්ත‍්‍රාත්වරිය එම නියෝග නිකුත් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැදමූලන ඇර අනෙක් සියල්ලම තහනම් කළයුතු වෙනවා (නි)
ගල්කිස්ස ප්‍රදේශයේ පර්චස් 31.5ක නිවස සහිත ඉඩම මිලියන 24කට වැනි මුදලකට විකුණන්න තියෙනවා නම් මම දෙක තුනක්ම මිලදී ගන්නවා. (නි)
මිලියන 24කට ගල්කිස්ස ප්‍රදේශයේ පර්චස් 31.5ක තියා පර්චස් 10 ක් ගන්න පුලුවන්ද? කොහොම වංචාවක් රාජපක්ෂලා රටට කරලා තියෙනවද? (නි)
චතුරි, පන්සල් ටිකත් අපිට මේ උදවිය එපා කරලයි තියෙන්නේ. (නි)
ඩේසි අම්මේ, නුඹට හොඳ වැඩේ. ඕවා අපට නොදී තියා ගත්තට දැන්වත් ඕවා බෙදලා දෙන්න (නි)
අනේ පවු ආච්චි. මදැයි මුණුබුරා කරලා තියන හරියක්. (නි)
යුඑන්පී අයගේ උද්යෝගයේ තරම දැක්කහම ඡන්දයක් ආවොත් කොහොම වෙයිද කියලා හිතුනා (නි)
ඒ අතින් අපි මොනතරම් අවාසනාවන්තද? (නි)
අනේ අපිටත් මෙහෙමෙ ආච්චිලා ඉන්නවා නම් (නි)
ඒ කාලේ වටපිට ඉඩම් වලට අබ සරණයි! මේ කාලේ ඉඩම් අයිතිකාරයෝ ගැන සැකයි (නි)
චන්දන මහත්තයෝ, මට නම් ඒක ගැනත් සැකයි! (නි)
ආච්චිට නිදහසක් නැහැ වගෙයි. මහින්ද නම් මුළු දවසම පන්සල් වල. (නි)
අනේ ඉතින් අපිට නැහැනේ මෙහෙම ඩේසි ආච්චිලා! (නි)