හිටපු ජනපති පුත් නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු ලෙස අනුයුක්ත කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ ආරංචි කියයි.
තමා හිටපු ජනපතිගේ ආරක්ෂකයකු ලෙස අනුයුක්ත කරන ලෙස ඔහු මීට පෙර ඉල්ලා තිබිණි.
යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බැඳුණු ආකාරය හා උසස්වීම් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ආරක්ෂක ලේකම්ට පැමිණිලි කර ඇත. ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මෙයා ඔය කියන තරම්ම උසස් නිලධාරියෙක්ද? අප්පච්චි යන්න ඉස්සර මොකද මෙයා උසස් ධූරයකට පත්නොකළේ? කොහොම වුණත් දෙමාපියෝ හොඳින්ම බලාගන්නේ දරුවෝ තමයි (නි)
ඒක ප්‍රශ්නයක් නැහැ. අල්ලන්න ඕනෑ එනනෝල්කාරයෝ කුඩුකාරයො හා වංචාකාරයෝ මිසක් මේ වගේ දේවල් නෙමෙයි. (නි)
මේක මෙහෙම කළයි කියලා රටට හානියක් නැහැ. මේවාට දැඩි දඬුවම් දෙන්න ගියොත් තමයි පළිගත්තා කියන්නේ. නමුත් රට කාපු තෝරු මෝරු අල්ලනතුරු අපි බලා ඉන්නවා. ඇල්ලුවේ නැත්නම්, බොරුවට ප්‍රශ්න කරලා අතහැරියොත් එය ලබන ඡන්දෙට තීරණාත්මක ලෙස බලපාවි. (නි)
බලනකොට යහපාලනය අපි හිතුවාටත් වැඩිය හොඳයිනේ! (නි)
දැන් එයා ලංකාවේ නැහැ කියනවා නේද? අනේ මන්දා මේවා! (නි)
අනේ මන්දා! අපි මේවද බලාපොරොත්තු වුණේ? (නි)
ඒ කාලෙ කිව්වේ රට බේරාගන්න ඔය පුතා හමුදාවට බැඳුනා කියලා. දැන් ගෙදර ඉඳලා පඩි. ජනතා මුදල් වියදම් කරලා එන්ගලන්තයට ගියේ ඔය ටික කරන්නද? (නි)
කටුගස්තොට,ඔයාගේ කතාව හරියටම හරි. රටේ ජනතාවගේ මුදල් වියදම් කරලා එංගලන්තේ ඇරලා පුහුණු කරලා තියෙන්නේ මේකටද?මේවාට කවුද උදවු කරන්නේ? (නි)
ඒ වැඩේ නම් හොඳයි (නි)
ප්‍රතිවාදියාගේ වුණත් ඉල්ලීමකට සාධාරන විසඳුමක් දෙන්න පුළුවන් නම් ඒක තමයි සිංහලකම කියන්නේ. මෙච්චරකල් හිටපු ආණ්ඩු වලින් වුණේ ප්‍රතිවාදියාගෙන් පළිගැනීමයි. (නි)
කටුගස්තොටලට තේරෙන දේ හුඟක් අයට තේරෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙක් කොච්චර කැපකිරීම් කරන්න ඕනෑද මේ වගේ උසස්වීමක් ලබන්න. අනික ආරක්ෂක අංශ වල අයට බැහැ තමන්ට කැමති රාජකාරිය ඉල්ලන්න.මේවාට නෙමෙයි අපි ඡන්දෙ දුන්නේ (නි)
මේ කියන්නේ වැඩ නොකර ගෙදර ඉඳලා පඩිගන්න ඉඩදුන්නා කියන එකනේ. මොවුන්ට දඬුවම් නොදී තවත් නළවන්නද අපි ඡන්දෙ දුන්නේ. (නි)
මෙහෙම දේකුත් තියෙනවා. අපේ දරුවන්ට බයක් නැතුව පාරේ යන්න එයාගේ තාත්තා යම්කිසි ප්‍රමාණයකින් හරි දායකවුණා කියන එකත් මතක තියාගන්න. (නි)
බුද්ධික, ඇත්තටම මේක කමක් නැහැ. රණසිංහ මහත්තයා කියනවා වගේ දේකුත් තියෙනවානේ. මේවට දඩුවම් දෙන්න කලින් දඩුවම් දියයුතු බරපතල දේවල් හුගාක් තියෙනවා. අපිත් කැමතියි කිසිම කිසි වරදක් නැති රටක් හැදෙනවා නම්. නමුත් කුඩු කාරයො එතනොල් කාරයින්ට හැකිතාක් ඉක්මනට දඩුවම් ලබා දියයුතුමයි. කාලය ඒ සදහා යෙදවිය යුතුමයි. (නදී)
වැඩ නොකර ගෙදර ඉඳලා පඩිගන්න දෙන්න එපා. අයින් වුනා නම් ඉවරනේ. (නදී)
මේකෙන් හමුදා පතිකම ගන්න බැහැ නේද? (නදී)
"මඩ සෝදල ගත්තහම ගොවියා රජකමට සුදුසුයි" කියල අපේ රොබට් අයිය කියල තිබුණ නිසා අපි දුන්නේ. (නදී)
කොටි නිසා 30 වසරක් අපි බැට කෑවා. ජනාධිපති ප්‍රේමදාස, ඇමති රන්ජන් විජේරත්න වගේම අපේ නායකයෝ බොහොම පිරිසක් ජාතියට නැතිවුණා. අපි නායකයෝ නැති ජාතියක් වුණා.ආරක්ෂාවට හැමවිටම තමුන්ගේම පවුලේ අය තියාගත් නායකයෝ විතරක් බේරුනා.එම නිසා ආරක්ෂාවට පුතා ඉන්න එක වරදක් නැහැ (නි)
ඉල්ලන ඉල්ලන දේ දෙන්න ගියාම ඔක්කොම නිදහස් කරලා ආයෙත් පරණ ක්‍රමයටම එයි වගේ. යෝෂිතට තිබෙන චෝදනා වල බරපතලකම දැන් අහෝසිද? (නි)
යෝශිතට වඩා චෝදනා තියෙන අය ඉන්නවා. අහිංසක මිනිසුන් ගම්මාන පිටින් ඝාතනය කරපු, රාජ්‍ය දේපල විනාශ කරපු, බෝම්බ තියපු අය. දැනට සිරගතව සිටින අයත් හෙට අනිද්දා නිදහස් කරන්න යනවා කියල ආරංචියි. එතකොට කලයුතුම දේ යෝශිතට දඬුවම් කරන එකද. (නදී)
මේකද අපි ඉල්ලපු යහපාලනය ? (නදී)
අනේ මැතිතුමෝ, යහපාලනය කියල මහජනතාව රවටන්න එපා. දඬුවම් දිය යුතු පුද්ගලයන්ට දඬුවම් දෙන්න. තව සැප දෙන්න එපා. ජනතාවගේ මුදල් විනාස කරන්න එපා. මේවා ඒ මිනිස්සුන්ට හොර වැඩ තව කරන්න ලයිසන් එකක් දෙනවා වගේ (නදී)
මහින්ද පුතාව හමුදාවට දැම්මේ යුද්දේ කාලේ , මිනිස්සුන්ට ආදර්ශයක් වෙන්න. අපේ මිනිසුන්ට ඒවා අමතක වෙලානේ . රටේ වැරදි කරපු එවුන් ඉද්දි මෙහෙම ඒවා පස්සේ එලවන්නේ ඡන්දෙ බලා ගෙන . මේවට කැමති අයත් ඉන්නවනේ. එයාලව සතුටු කරන්න ඕනෙනේ. (බ)
එදා පුතාගේ ආරක්ෂාවට තාත්තා, අද තාත්තාගේ ආරක්ෂාවට පුතා. (නි)
අපේ සමහර මිනිස්සු දිරූ ලණු ගිලලා දැන් තේරිලා ඉන්නේ රැවටුනා කියලා. එත් සමහරු තවම හොයනවා යෝෂිතගේ සුදුසුකම්. (නි)
තීරණය හරි! පළවන විධායක ජනාධිපතිගේ ආරක්ෂාව බාරව හිටියේ ඔහුගේ එකම පුතණුවන්. (නි)
මේවටද අපි ඡන්දෙ දුන්නේ? (නි)
කෝ මේ පිවිතුරු යහපාලතුමා මේකට නෝක්කාඩුවක් දක්වා නැහැනේ. (නි)
එක හොදයි තාත්තගේ ආරක්ෂාවට විශ්වාසම කෙනා දරුවන් තමයි.(හේ)
බලනකොට ඔක්කොම එකයි (නි)
නීතියක් නැති රටක්. ජධිපති සහ අගමැති වහාම ඉල්ලා අස්විය යුතුයි (දිල්)
විශ්වාස බංග යෝජනාවට මොකද වුණේ.එකත් නැති වෙයිද (දිල්)
යුද්ධය තිබියදී හමුදාවට බැඳිලා ගමේ කොල්ලන්ට ගැම්මක් දුන් ඔබ අපට වීරයෙක්. (නි)
හොරු ටික ඔක්කොම අල්ලලා හිරේ දැම්මා නම් හොඳයි (නි)
එදා වගේමයි, වටේටම රාජපක්ෂලා (නි)
අමාලි, යෝශිතට තිබෙන චෝදනා එලියට එන්න ඉඩ දුන්නේ නැහැ. ඒකයි මේ අනෙක් මිනිස්සු මෙයාට වැඩිය වැරදි කරලා තියනව කියලා ඔයාල වගේ බවලතුන් විස්සෝප වෙන්නේ. (නදී)
බොහොම හොඳයි (නි)
නාවික හමුදාවේ නිලයක් දරන අයට ජනපති ආරක්ෂාව සපයන්න පුලුවන්ද? පත්විම ගැටළු සහගත නම් මේ ක්‍රියාදාමයන් හරිද?(හේ)
ඔහුටත් සාමාන්‍ය නිලධාරියෙක් ලෙස සැළකිය යුතුය. සාමාන්‍ය රාජකාරියේ යෙදිය යුතුය. (නි)
ගුණමකු මිනිසුනි ,රටට ආදරය කරන්න පුරුදු වීම උතුම් දෙයකි.ඒ නිසා රටට නිදහස ලබාදුන් නායකයාට ගරු කරන්න .මහින්ද මහත්මා කුරිරු යුද්ධය අවසන් කළා.යුද හමුදාවලට තරුණයින් ඉල්ලුම් නොකළ හිටි යුගයක් තිබුනා.තමාගේ පුතාව නාවික හමුදාවට එකතු කළ ආදර්ශයම කෙතරම් අගය කළ යුතුද?(හේ)