ලුතිනන් යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ් හිරගෙදරට ගිය පාරේ යන්න තවත් හතර දෙනෙක් ඉන්නවාලු.
යෝෂිත ගේ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (සීඑස්එන්) නාලිකාව දැන් ඔහුගේ නෙවෙයිලු. ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් ‘සටන‘ රූපවාහිනී වැඩසටහනේදී යෝෂිතගේ විස්තර හොඳට කිව්වාලු. සීඑස්එන් නාලිකාවේ මුල් බලපත්‍ර හිමියා වන ව්‍යාපාරික ප්‍රභාත් නානායක්කාර සීඑස්එන් නාලිකාව යෝෂිතගේ මව වන ශිරන්ති රාජපක්ෂට විකුණා ඇතැයි එෆ්සීඅයිඩී ආරංචි කියයි.
යෝෂිත රිමාන්ඩ් හිරගෙදරට ගිය පාරේ යන්නට සිටින අය අතර ඇමැතිවරයකුද වෙතියි කියති.
කොළඹ කොටුවේද රාජගිරියේද මෙම බැංකුකරු වැඩකළ බව කියති. හිටපු ඇමැතිවරයා ගේ මුඛරි කථා මේ දිනවල අසන්නට නැතිලු. ඔහුගේ කට ඉබේම ලොක් වෙලාලු. ඔහුද ඔහුගේ බිරියද සීඑස්එන් සිද්ධියේ චෝදනා ලබන අය අතර සිටිනවාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
10 සමත් නැති කෙනෙක් "ලුතිනන්" කෙනෙක් වෙනවා කියන්නේ ශ්‍රී ලංකාවේ හමුදාවේ කිර්ති නාමයට විශාල හානියක්. ලෝකය හිනස්සන්නේ නැතිව දැන්වත් ඔය පට්ටන් ටික ගලවල මහගෙදරට යවන්න. (බ)
රත්නසිරි, මගෙන් අහගන්න එපා මොකුත් (නි)
11 වෙනිදා ගෙදර යයි(කෞ)
ජනතා විමුක්ති පෙරමුණ කියා පක්ෂයක් නොතිබුණානම් 1971 සහ 1988- 89 මිනිස් ඝාතන මෙන්ම 1983 සිට 2009 දක්වා පැවති වාර්ගික යුද්ධයද ඇතිවන්ටෙන් නැත.(කෞ)
ලංකාවේ හමුදාවන් කොටින්ට විරුද්ධව සටන් වැදී සිටි සමයේ රජයේ හමුදාවන්ට දරුවන් යැවීමට දෙමාපියන් අකමැතිවූ සමයක , හිටපු ජනාධිපති තුමා තම පුතා නාවික හමුදාවට බන්ඳවනලදී . ඒ කාලයේදීත් යෝෂිත හමුදාවට බැඳුනු ආරංචියට ඔහු ගිය පාරේ තවත් දහස් ගණනක් පෝලිමේ ඇවිත් රජයේ හමුදාවන්ට එක්වී මානුෂික මෙහෙයුමට සම්බන්ධ වී කොටි පරාජය කළා . යෝශිතගේ අධ්‍යාපන මට්ටම ගැන නම් මට දැනුමක් නැහැ . නමුත් රාජ්‍ය නායකයන්ගේ දරුවන් සාමාන්‍ය සෙබළුන් හැටියට හමුදාවන්ට බැඳීම රටට කරන අගෞරවයක් . යුධ සමයේ එක දරුවකුවත් රජයේ හමුදාවන්ට බඳවා නොදුන් කාඩ්බෝඩ් වීරයන් රාජපක්ෂ පවුලට අවමන් කිරීම ඉතාම නින්දිත , අලජ්ජී ක්‍රියාවක් .(බ)
ජනහිත, ඔය කියන්නේ හොරකම් වලින් පලවෙනි තැන ගන්නවා කියලද ? පදනමක් නැති මෝඩ කතා සමහර අය දොඩනවා,තරහට (බ)
කොච්චර ජනතාවගේ සල්ලි නාස්ති කරන්න ඇතිද ? මහගෙදර නෙමෙයි. ඔහොම තියන්න ටික කාලයට (බ)
ඔහොම යනකොට ඔක්කොම ඇතුලට යයි වගේ.(හේ)
ජනතා විමුක්ති පෙරමුණ කියා පක්ෂයක් නොතිබුනා නම් මේ අයගේ සුරසැප විඳීම කාගේවත් බාධාවකින් තොරව පාඩුවේ කරගෙන යනවා සහතිකයි. (බ)
මේවා ඔක්කොම ළඟ එන පුංචි මැතිවරණය සඳහා කරන පොඩි පොඩි සංදර්ශන. මේ අය ළඟදීම නඩුවෙන් නිදහස් වේවි (නි)
මේවා ඔක්කොම අපිට දෙන බොලිවුඩ් චිත්‍රපට වාගෙයි. ආදරවන්තයන්, අකුල් හෙළන්නන්, පරදින සහ දිනන අය බොහොමයි (නි)
අන්තිමට මොකද වෙන්නේ කියලා බලන් ඉමු.(හේ)
ජවිපෙ වීතරයි සැමදාම සාධාරණය වෙනුවෙන් පෙනි සිටින්නේ .මොලේ තියන පංචේන්ද්‍රියන් හොදට තියන අයට එ්ක දැනෙනවා (බ) යට
යෝෂිත හමුදාවට ගියේ තරුණයන් හමුදාවට නොබැඳෙන විට ඒ අය උනන්දු කරන්න. (නි)
මදැයි යෝෂිතටත් වෙච්ච දෙයක්? (නි)
නීතිය කාටත් පොදුයි (නි)
කටින් බතල කොල හිටවනවා. තවම කිසිකෙනෙක් වැරදිකාරයෝ වෙලා නැහැනේ (නි)
අර තාජුදීන් ක්‍රීඩකයාව දෙවෙනි පාර වලලා කොන්ක්‍රීට් දාලා වගේ ,(බ)
හෙමිහිට කල් ගනිමින් හෝ හොරු ඇත්නම් ඔවුන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගතයුතුයි. යෝෂිතගේ ලුතිනන්කමත්, නාමල්ගේ පෙරකදෝරුකමත්, රොකට් රෝහිතගේ අභ්‍යවකාශ විද්‍යාඥ කුසලතාත් අපිට නම් විහිළුවකි. (නි)
යෝෂිත ගිය පාරේ යන්න තවත් හතරක් පෝලිමේ....... මෙය මොන තරම් සතුටු දායක ප්‍රවෘතියක්ද? (කෞ)
බෙන්තර මහේෂ් ජනතා විමුක්ති පෙරමුණ කියල එකක් නොතිබුනානම් අද මත්තල වී දාන්න වෙන්නෑ. ලංකාවේ වී ගබඩා ටිකට වුණ දේ 80, 90 කාලේ ජීවත් වුන මිනිසුන්ට හොඳට මතකයි (බ)
මොකුත් වෙලා නැහැ. එකමදේ ලොක්ක ඇල කැපුවා පව්ලේ අනික් අය ඇතිතරම් මාළු බෑවා (බ)
සල්ගාදු පැරිස් මහතා රෝහලකට ගියා නම් හොඳයි (නි)
අනේ අපි නම් ඕවට මොකුත් කියන්නේ නැහැ (නි)
පළමුව මොහුගේ ලුතිනන් තනතුර ගලවා දැමිය යුතුය , ජීවිතය පරදුවට තියා සටන් බිමේ සිටිය සොදාදුවන් මේජර්ලා පසෙක සිටියදී , උඩින් පැන්න යෝශිතට ලුතිනන් තනතුර ලේබුනේ තම පියා සහ මාමා වන මහින්ද සහ ගොඨාභය නිසා බව කවුරුත් දනී (කෞ)
කෝ දැන් අල්ලපු හොරු? මේ යහපාලන ආණ්ඩුවට අභියෝග කරනවා පුලුවන් නම් මේ අල්ලපු හොරුගෙන් එකෙක් ඇතුළට දාන්න කියලා. එතකොට අපි විශ්වාස කරනවා යහපාලන ආණ්ඩුව හොඳයි කියලා (නි)
ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ගතයුතු තීරණය ගන්න ජනතාව තීන්දු කරලා ඉවරයි. (නි)
ජනතා විමුක්ති පෙරමුණ සිංහලයාගේ වහල් දීන මානසිකත්වයට තර්ජනයක්. කොතරම් ජවිපෙ එක හොඳ වැඩක් කළත් ඒකට ඡන්දෙ දෙන්න මගේ එම මානසිකත්වය බාධා කරනවා. (නි)
එතකොට පිටබැද්දර ජයා ඔයාද හමුදාව පාවාදුන්නේ? (නි)
හේවාවිතාරණ වෙන අයට රෝහල් යන්න කියන්න කලින් , ඔයාගේ මොලය පරික්ෂා කරවා ගන්න , ඔබට දෙවි පිහිටයි (අ)
තිලක්, ඔය ඩුබායි අවේ යෝෂිත හින්ද ද නැත්නම් රටේ ආර්ථිකය ඔයාට යමක් කරගන්න දුන්නේ නැති හින්ද ද (අ)
මමත් කියන්නේ තරු පටි සියල්ලම ගලවන්න ඕන කරලා තියෙන බොරුවට , කිසි වරදක් නැතුව මතකනේ සරත් ෆොන්සේකා මහත්තයව ඇදගෙන ගිහින් හිරේට දාපු හැටි , තරු පටි ගලවපු හැටි , අඩුම තරමේ ඒ මනුස්සයට රට වෙනුවෙන් කරපු සේවයට හිමි විශ්‍රාම වැටුපවත් දුන්නද මේ මිනිස්සු (අ)
ඕවා ඉතින් කාගේ ගැටද කියලා නොදන්නා කෙනෙක් ඉන්නවා නම් ඒ අද උපන් බබාලා. ජනාධිපති සහ අගමැතිගේ යහපාලන රජය කරගෙන යන හොරමැර, වංචා, මුදල් අවභාවිත කටයුතු ආදී විමර්ශන කටයුතු "නොන්ඩි ගැස්සවීමට" හිටපු පාලකයන්ගේ ඇම්බැට්ටයින් මහා පරිමාණයෙන් එක්වී සිටින බව හොඳින් පැහැදිලි වෙනවා. මේ පරීක්ෂණ ඉක්මන් කිරීම සඳහා රජය යුහුසුළු නොවුණොත් එහි ලාබය හොරුන්ගේ අතට පත්වීම වැළැක්වීමට නොහැක. (නි)
මේ ඔක්කොම අපිට පෙන්වන ජවනිකා. 11 වෙනිදාට මෙයා ගෙදර ගිහිල්ලා අපිට හිනාවෙයි. අපියි මෝඩයෝ මොවුන්ව සිංහයන්ට ඇන්දවූවාට. (නි)
ඕනෑ නැහැ මේගොල්ලෝ පෝලිමේ යවන්න. අපේ රටේ හැදිච්ච සංස්කෘතියට අනුව බඩ දරු අම්මා කෙනෙක් හෝ වයසක කෙනෙක් හෝ පෝලිම් මඟහැර යවන්නා වගේ ඔය හතරදෙනත් පෝලිම්වල රස්තියාදු නොකර යෝෂිත මල්ලි ඉන්න තැනට ඉක්මනට යවන එක ඇඟට ගුණයි නේද? (නි)
පිටිගල මිලානෝ, එතකොට මහබැංකුවේ ගනදෙනුව? (නි)
සල්ගාදු, තාත්තගේ මල්ලි මාමා නෙවෙයි බාප්පා. (ර)
අනේ ඇත්තට දැන් අහන්න ලැබෙන දේවල්! (නි)
ඔවු ඔවු ජනතා විමුක්ති පෙරමුණ කියලා එකක් නොතිබුනා නම් ශ්‍රී ලංකාව අද ලෝකේ පළමු තැන. (නි)
අර මහා බැංකු ගනුදෙනුව ගැන එහෙම හොයන්නේ නැද්ද? (නි)
නඩු විභාගයෙන් පසුව නිදහස් කරන බව කවුරුත් දන්නවනේ.(හේ)